වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
කොතරම් ලැබුණත් ඉතිරියක් නැද්ද?
සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා අර්ඛඞ නැත්නම් රවි ග්‍රහයා සම්බන්ධ යන්ත්‍රය තමයි සූර්ය මණ්ඩලය. ඒක ගැන විස්තර කරන්නට බලාපොරොත්තු වුවත් ලැබුණු දුරකතන පණිවුඩ නිසාම හා පාඨකයන්ට කාලෝචිත යන්ත්‍රයක් වන ඉහත සඳහන් කළ බහිරව යන්ත්‍රය ගැන ලියන්ට හිතුණා. එනිසා මීළඟ කලාපයට සූර්ය මණ්ඩලය ගැන ලියන්නම්.
බොහෝ දෙනකුට මේ වේලාවට මේ යන්ත්‍රය ඉතා ප්‍රයෝජනවත් වන බව මට වැටහුණා. යාදෙන්නෙ නැති ගෙවල්, කොච්චර හම්බ කළත් ඉතිරියක් නැහැ වියදමමයි කියන ගෙවල්වලටත්, අනිකුත් නිවෙස්වල තිබෙන කරදරවලට පිළියමක් වශයෙන් සහ ඒවා ලෙහෙසියෙන් දුරු කර ශාන්තිය ලබා ගැනීමට මේ යන්ත්‍රය උපයෝගි වෙනවා.
අහස, පොළොව හැර අනෙකුත් දිශා අටට අධිපති බහිරවයන් අටදෙනයි. ඊට අයත් පූජාවේ නම තමයි අෂ්ට බහිරව පූජාව කියන්නේ. මේ පූජාවන් ඉතා හොඳයි තමයි. එහෙත් මේවා අවසාන වන විට ඔබේ පසුම්බියත් ගිණුමේ මුදලුත් ඉවරවෙනවා. ඒ තරමට වියදම යනවා. එසේ එතරම් කරදරයක් නැතිව නිවෙසේ කරදර සියල්ල ඉවර කරන යන්ත්‍රයක් තමයි මේ බහිරව යන්ත්‍රය කියන්නේ.
මම මීට කලිනුත් ලිව්වා මතකයි. මූලික වශයෙන් පොළොවට අධිපති භූමි බහිරව කියාත්, නිදන්වලට අධිපති නිධන් අධිපති කියාත්. මේ දෙදෙනාගෙන් අද විස්තර කරන්නෙ භූමි බහිරව ගැන, මොකද අප මේ කරන්නේ නිධාන ගැනීමක් නොවන නිසා. අපි ජීවත්වන පොළොවට අධිපතියා භූමි බහිරවයායි. අනික පොළොවට අධිපති ග්‍රහයා කේතා නැත්නම් බඹපුත් කියල දන්නවනේ.
භූමිය රකින බහිරවයා භූමි බහිරවයා. ඒක අදෘශ්‍ය බලවේගයක්. භූමියේ ඉදිකර තිබෙන, ඉදිකරන සෑම ගොඩනැඟිල්ලකම භාරකාරත්වය තිබෙන්නෙ මෙයාටයි. ඕනෑම නිවෙසක් තනා හෝ ව්‍යාපාරයක් අරඹා, හෝ තම ස්වාමීත්වයට පවරා ගත් එකක් ආරම්භ කර දින 90ක් ඇතුළත නියමිත පූජාව දියයුතු වෙනවා. එසේ නොකර කලක් යෑමේදී මේ නිවෙස තුළ පදිංචි අයගේ ආදායම අඩුකර වියදම වැඩි කරවනවා. සවස් යාමයට ගසක් කැපූ විට හමන හුමාලය, පොළොං ආශ්වාස ප්‍රාස්වාස හුමාලය වැනි ගන්ධයන් පිටකරනවා. නිවෙස තුළ තද අන්ධකාරය ඇති කරවනවා. සාමය කඩනවා. මේ ප්‍රථම අදියරයි.
දෙවැනි, තෙවැනි පියවරේදි අදෘශ්‍යමාන රූප මවනවා. ළඟට ගියාම මොකවත් නැහැ. තද පාළුවක් ඇතිකර මහා මූසල භයංකාර ස්වරූපයක් ඇති කරවනවා. මේ අවස්ථාවේදී මේ යන්ත්‍රයෙහි ආරක්ෂාව මදිවෙනවා. මළගිය ප්‍රාණකාරයා හෝ ප්‍රාණකරුවන්ගේ බැල්ම හෙළන තෙක් මේ යන්ත්‍රය සියලු දෝස භංග කරනවා.
මේ භූමි බහිරවයාට කළ හැකි ක්‍රියා ගොඩයි. එනම් නිවෙස්වල සෞභාග්‍යය, නැති කිරීම, මුදලක් හම්බකළත් ඊට වඩා වියදම් කරවීම, එකාට එකා නොරිස්සුම් කිරීම මේ බලවේගයේ ක්‍රියාබව ගුප්ත ශාස්ත්‍රයේ සඳහන් වෙනවා. සාමාන්‍යයෙන් මේ යන්ත්‍රය භූමි බහිරවයාගේ ගෙල බැඳි මාලය ලෙසටයි ගුප්ත ශාස්ත්‍රයේ සඳහන් වන්නේ. ඒ තරම්ම භූමිය බහිරවයා මේ යන්ත්‍රයට ඇලුම් කරනවා.
සාමාන්‍යයෙන් මේ බහිරවයාට නියමිත පුද භාර කර යන්ත්‍රය දැමීමෙන් ඉතා ප්‍රයෝජනවත් හා වාසනාවන්ත පියවරක් මේ ස්ථානවල ජීවත්වන අයට අයිති කරවනවා.
ඉහත කී යන්ත්‍රය නියමිත ජප ස්තෝත්‍ර කර අවශ්‍ය වන නිවෙසට සුළු ප්‍රේත තටුවක් දී මේ යන්ත්‍රය අට කොන හෝ හතර කොන එල්ලීමෙන් හෝ වළ දැමීමෙන් භූමියේ, නිවෙසේ සියලුම අමනුෂ්‍ය දෝෂ, භූමිදෝෂ සම්පූර්ණයෙන්ම නිවාරණය කෙරෙන අතර ව්‍යාපාර කටයුතු දියුණු වී සියලුම සෞභාග්‍යය උදාකර සතුට ඇති කරවන බව කිව යුතුයි.
මෙසේ තැන්පත් කර අවසාන කිරීමෙන් පසු ස්වල්ප දිනක් එනම් අඩුම තරමින් දින 14ක්වත් පසුවන තුරු මේ ස්ථානයට ඌරුමස්, මෝර මාළු වැනි කිලි ආහාර නොගෙන ආ යුතුයි. නොදන්නාකමින්වත් රැගෙන ආවත් ඒවා මේ ස්ථානයේ පිසීම සම්පූර්ණයෙන් තහනම් වෙනවා. එය එසේ තහනම් කරන්නෙ මෙවැනි කිලි, හුමාලයට මේ බලවේගය ආසා කරන බැවිනුයි.
මේ යන්ත්‍රය ජපයේදි සාමාන්‍යයෙන් සැර ජපයකින් 21 වරක්වත් මතුරා සඳහන් ජප මන්ත්‍රය අඩුම තරමින් 8000 වරක් වත් මතුරා ප්‍රාණ පලිප්පු කර අවසාන කළ යුතුයි.
මේ යන්ත්‍රය නියමිත ඉඩමේ, නිවෙසේ එල්ලා හෝ වළලා දින 3ක් පසුවන තෙක් යන්ත්‍රය සමඟ ජප කරන ලද තෙල්වලින් එම ස්ථානයේ පහනක් දැල්විය යුතු වෙයි. මේ දින 3 තුළ බුදු පහන හෝ වෙනත් ආගමික පහන් නොදැල්විය යුතු යි.
ඕනෑම නිවෙසකට, භූමියකට මේ යන්ත්‍රය පාවිච්චි කිරීමෙන් සියලුම භූමි දෝෂ, ග්‍රහ දෝෂ, බහිරව දෝෂ පලවා හැරීමක් සිදුවන බව විශ්වාසයෙන් සඳහන් කරනු කැමැත්තෙමි.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී ගුප්තවේදී, මීපේ ගණිතගේ
රන්ජිත් විද්‍යාරත්න