වර්ෂ 2024 ක්වූ December 27 වැනිදා Friday
සතියේ පඤ්චාංගය
ශකවර්ෂ 1946ක් වූ වෘශ්චික රවි 14 භාග ඉල් අව තුදුස්වක තිථිය ලත් කිවිදින සිට එම රවි 20 භාග උඳුවප් පුර ජලවක තිථිය ලත් ගුරු දින දක්වායි.
ග්‍රහයෝ සහ රාශි
රවි - වෘශ්චික
කුජ - කටක
බුධ - වෘශ්චික (වක්‍ර)
ගුරු - වෘෂභ (වක්‍ර)
ශුක්‍ර - ධනු
ශනි - කුම්භ (නිවෘත)
රාහු - මීන
කේතු - කන්‍යා
යුරේනස් - වෘෂභ (වක්‍ර)
නැප්චූන් - මීන (වක්‍ර)
ග්‍රහයෝ සහ නැකැත්
රවි - අනුර ( 02 දා රාත්‍රී 07.11 දෙට)
කුජ - පුෂ
බුධ - දෙට
ගුරු - රෙහෙන
ශුක්‍ර - පුවසල ( 29 දා සවස 03.35 උත්‍රසල)
ශනි - සියාවස
රාහු - උත්‍රපුටුප
කේතු - උත්‍රපල්
යුරේනස් - කැති
නැප්චූන් - පුවපුටුප
පෝය
නොවැම්බර් 30 සෙනසුරාදා උදේ 10.29න් අමාවක ලබා දෙසැ. 01 ඉරිදා දහවල් 11.50න් ගෙවේ. 30 සෙනසුරාදා සිල්.
චන්ද්‍ර චාරය
නොවැ. 30 උදේ 06.04 වෘශ්චික
දෙසැ. 02 දා සවස 03.44 ධනු
04 දා රාත්‍රී 11.19 මකර
දිනූ තත්ත්ූවය
නොවැම්බර් 29 සිකුරාදා
වෘශ්චික රවි 14 භාග ඉල් අව තුදුස්වක තිථිය ලත් කිවිදින ඉර උදාව 06.06 ඉර බැසීම 05.51 සා නැකත උදේ 10.17න් ගෙවී විසා නැකත ලබයි. ඉල් අව තෙළෙස්වක තිථිය උදේ 08.40න් ගෙවී අව තුදුස්වක තිථිය ලබා පවතී. ශෝභන යෝගය සවස 04.32න් ගෙවී අතිගණ්ඩ යෝගය ලබයි. වණිජකරණය උදේ 08.40න් ගෙවී විෂ්ටිකරණය ලබා එය රාත්‍රී 09.37න් ගෙවී ශකුණ කරණය උදාව පවතී.
විෂ කලාව - ලිංග, යෝනි
අමෘත කලාව - පතුල
මරු - ගිනිකොන
යෝගිනී - දකුණ
සුබ දිසාව - නැඟෙනහිර
නොවැම්බර් 30 සෙනසුරාදා
වෘශ්චික රවි 15 භාග ඉල් අව තුදුස්වක හා අමාවක තිථිය ලත් ශනි දින. ඉර උදාව 06.07 ඉර බැසීම 05.52 විසා නැකත දහවල් 12.33න් ගෙවී අනුර නැකත ලබයි. ඉල් අව තුදුස්වක තිථිය උදේ 10.29න් ගෙවී අමාවක තිථිය ලබා පවතී. අතිගණ්ඩ යෝගය සවස 04.42න් ගෙවී සුකර්ම යෝගය ලබයි. ශකුණකරණය උදේ 10.29න් ගෙවී නාගකරණය ලබා එය දහවල් 11.50න් ගෙවී කිංස්තුංගකරණය උදාව පවතී.
විෂ කලාව-ලිංග,යෝනි, / පෙකනිය
අමෘත කලාව - පතුල / මාපටැඟිලි
මරු - නැඟෙනහිර
යෝගිනී - බටහිර / ඊසාන
සුබ දිසාව - දකුණ
දෙසැම්බර් 01 ඉරිදා
වෘශ්චික රවි 16 භාග ඉල් අමාවක තිථිය හා උඳුවප්පුර පෑලවිය ලත් රවිදින ඉර උදාව 06.07 ඉර බැසීම 05.52 අනුර නැකත දහවල් 02.22න් ගෙවී දෙට නැකත ලබයි. ඉල් අමාවක තිථිය දහවල් 11.50න් ගෙවී උඳුවප්පුර පෑලවිය ලබා පවතී. සුකර්ම යෝගය සවස 04.32න් ගෙවී ධෘති යෝගය ලබයි. නාගකරණය දහවල් 11.50න් ගෙවී කිංස්තුංගකරණය උදාව පවතී.
විෂ කලාව - පෙකනිය / ළැම
අමෘත කලාව - මාපටැඟිලි
මරු - උතුර
යෝගනී - ඊසාන / නැඟෙනහිර
සුබ දිසාව - දකුණ
දෙසැම්බර් 02 සඳුදා
වෘශ්චික රවි 17 භාග උඳුවප් පුර පෑලවිය ලත් සඳු දින ඉර උදාව 06.07 ඉර බැසීම 05.53 දෙට නැකත සවස 03.44න් ගෙවී මුල නැකත ලබයි. උඳුවප් පුර පෑලවිය තිථිය දහවල් 12.42න් ගෙවී පුර දියවක තිථිය ලබයි. ධෘති යෝගය සවස 03.59න් ගෙවී ශුල යෝගය ලබයි. කිංස්තුංගකරණය අලුයම 12.20න් ගෙවී බවකරණය ලබා එය දහවල් 12.42න් ගෙවී බාලවකරණය උදාව පවතී.
විෂ කලාව - ළැම
අමෘත කලාව - මාපටැඟිලි
මරු - වයඹ
යෝගිනී - නැඟෙනහිර
සුබ දිසාව - උතුර
දෙසැම්බර් 03 අඟහරුවාදා
වෘශ්චික රවි 18 භාග උඳුවප් පුර දියවක ලත් කුජදින ඉර උදාව 06.08 ඉර බැසීම 05.53 මුල නැකත සවස 04.40න් ගෙවී පුවසල නැකත ලබයි. උඳුවප් පුර දියවක තිථිය දහවල් 01.08න් ගෙවී පුර තියවක තිථිය ලබයි. ශුල යෝගය සවස 03.07න් ගෙවී ගණ්ඩ යෝගය ලබයි. බාලවකරණය අලුයම 12.59න් ගෙවී කෞලවකරණය ලබා එය දහවල් 01.08න් ගෙවී තෛතිලකරණය උදාවෙයි.
විෂ කලාව - තනය
අමෘත කලාව - පතුල
මරු - බටහිර යෝගිනී - උතුර
සුබ දිසාව - නැඟෙනහිර
දෙසැම්බර් 04 බදාදා
වෘශ්චික රවි 19 භාග උඳුවප් පුර තියවක ලත් බුධදින ඉර උදාව 06.08 ඉර බැසීම 05.53 පුවසල නැකත සවස 05.14න් ගෙවී උත්‍රසල නැකත ලබයි. උඳුවප් පුර තියවක තිථිය දහවල් 01.10න් ගෙවී පුර ජලවක තිථිය ලබයි. ගණ්ඩයෝගය දහවල් 01.55න් ගෙවී වෘධි යෝගය ලබයි. තෛතිලකරණය අලුයම 01.12න් ගෙවී ගරජකරණය ලබා එය දහවල් 01.10න් ගෙවී වණිජකරණය උදාව පවතී.
විෂ කලාව - ගෙල
අමෘත කලාව - කෙණ්ඩ
මරු - නිරිත
යෝගිනී - ගිනිකොන
සුබ දිසාව - නැඟෙනහිර
දෙසැම්බර් 05 බ්‍රහස්පතින්දා
වෘශ්චික රවි 20 භාග උඳුවප් පුර ජලවක ලත් ගුරුදින ඉර උදාව 06.09 ඉර බැසීම 05.53 උත්‍රසල නැකත සවස 05.25න් ගෙවී සුවන නැකත ලබයි. උදුවප් පුර ජලවක තිථිය දහවල් 12.49න් ගෙවී පුර විසේනිය තිථිය ලබා පවතී. වෘධි යෝගය දහවල් 12.27න් ගෙවී ධෘම යෝගය ලබයි. වණිජකරණය අලුයම 01.02න් ගෙවී විෂ්ටිකරණය ලබා එය දහවල් 12.49න් ගෙවී බවකරණය උදාව පවතී.
විෂ කලාව - නාසය
අමෘත කලාව - දණහිස
මරු - දකුණ යෝගිනී - නිරිත
සුබ දිසාව - නැඟෙනහිර