දෙසැම්බර් මාසය ඔබේ ලග්නයට

නොවැම්බර් 29, 2024

 

මේෂ ලග්නය

සුවිශේෂී මාසයකි. මනසට ප්‍රීතිය ගෙන දේ.ව්‍යාපාරික අරමුණු සාර්ථක වේ.සුබවාදී කාලයකි. සංචාර ව්‍යාපාර සිහින සැබෑවේ. ආදර බැඳීම්වලට සුබයි.

ආර්ථිකය- ඉහල ලාභ ලැබෙන කාලයකි. ප්‍රමාද වූ මූල්‍යමය ගනුදෙනු සපල වේ.

අධ්‍යාපනය හා සෞඛ්‍යය- කොන්ද පාද ආශ්‍රිත කැක්කුම් මතුවේ. ශරීර උෂ්ණත්වය ඉහළ යයි.කෘතිම ආහාර පානවලින් වළකින්න. නිතර ජලය පානය කරන්න.

පිළියම්- ආගම දහමට නැඹුරුව කටයුතු කරන්න. නිරාගමික අයෙකු නම් භාවනා සහ යෝගාභ්‍යාසවලට යොමුවීම සුබ වේ.

සුබ දින- අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

සුබ අක්ෂර- ස,ම

සුභ වර්ණය- ළා රොස

ජය අංක-1,4

වෘෂභ ලග්නය

සුබාසුබ මිශ්‍ර කාලයකි. බාහිර පාර්ශ්වයන් වෙනුවෙන් පෙනී නොසිටින්න. රිය පැදවීමේදී ආරක්ෂාකාරී වන්න. විනෝද ගමන් යෙදේ. ලබන වසරේ මාර්තු 27දක්වා විදේශ සංචාරවලට බාධා ඇතිවේ. දරුපලවලට සුබයි. ආදර සබඳතා මුහුකුරා යන කාලයකි.

ආර්ථිකය- සුබවාදී ආර්ථිකයක් ගොඩනැඟේ. නොසිතූ අයගෙන් මුදල් ලාභ සහ නව රැකියා හිමි වේ. ඇඟලුම් කුළුබඩු සංචාරක ව්‍යාපාරවලට සුබයි.

අධ්‍යාපනය හා සෞඛ්‍යය-අධ්‍යාපනයට සුදුසු නව ඉලක්ක සපුරාගත හැකිය. ඉරුවාරදය වැනි අසාත්මිකතා හටගත හැකිය. සවස් වරුවේ ස්නානය නොකරන්න. පිෂ්ඨමය ආහාර ගැනීමෙන් වළකින්න.

පිළියම් - කතරගම දෙවියන් උදෙසා රතු මල් මාලයකුත්, යාචකයෙකුට නිර්මාංශ ආහාර වේලක් දෙන්න. පීඩාකාරී තත්ත්වය අවම කිරීමට කුරුලු ජෝඩුවක් නිදහස් කරන්න.

සුබ දින- සිකුරාදා, බදාදා

සුබ අක්ෂර- ර,ග

සුබ වර්ණය- කහ

ජය අංක- 5,8

මිථුන ලග්නය

යම් සැනසිලිදායක මාසයකි. ආගමික කටයුතුවලට නැඹුරු වේ. තිබූ පීඩාකාරී බව අවමවේ. නව සිතුවිලි ඇතිවන කාලයකි. නොසිතූ ලෙස විදේශ සංචාරයක් කිරීමට හැකි වේ. පවුලේ අය සමඟ කල් ගෙවයි. පොතපත පිළිබඳ දැනුමලැබේ. හිත සන්සුන් වේ. ආදර සම්බන්ධතාවලට යහපත් වේ.

ආර්ථිකය - ආර්ථික ලාභ ලැබේ. ව්‍යාපාරවලට යොමුවේ. මුදල් කළමනාකරණය කරගත යුතුය. අධ්‍යාපනය හා සෞඛ්‍යය- ඉගෙනීමට යහපත් මානසික තත්වයකි. බිඳුණු අධ්‍යාපනය නැවත ගොඩනැගේ. කොන්ද, හිසේ බර ගතිය වැනි අපහසුතා ඇතිවේ. සන්සුන් මනසක්ද ඇතිවේ.

පිළියම්- පීඩාකාරී තත්ත්වයන් අවම කිරීමට ආගමානුකූලව කටයුතු කරන්න. විෂ්ණු දෙවියන්ට පින් පිණිස යාචකයෙකුට නිර්මාංශ ආහාර වේලක් දෙන්න. සතුන්ට පලතුරු දානයක් දෙන්න.භාවනාදී යෝගවලට යොමු වන්න.

සුභ දින- සඳුදා, බ්‍රහස්පතින්දා

සුබ අක්ෂර- ප,ර

සුබ වර්ණ- රෝස පාට ලානිල්

ජය අංක- 6, 2

කටක ලග්නය

බුද්ධිමත්ව කටයුතු කළයුතු අභියෝගාත්මක කාලයකි. වචන භාවිතයේදී සැලකිලිමත් වන්න. සැහැල්ලු මනසක් ඇතිකරගන්න. ආගමානූකූල වන්න. අනතුරු බහුලය. පරෙස්සමින් රිය පදවන්න. ආදරයේදී ඉවසිලිමත් වන්න. බාහිර පාර්ශ්වයන් සමඟ අමනාපකම් ඇතිවිය හැකියි.

ආර්ථිකය- ව්‍යාපාරවලට අවැසි පරිසරය නිර්මාණය වේ.

අධ්‍යාපනය හා සෞඛ්‍යය- ඉගෙනුම් කටයුතුවලට සුබයි. උතුරු ඊශාන දිශාවට මුහුණලා අධ්‍යාපන කටයුතුව කිරීම සුබයි. හිසේ බර ගතිය, බෙල්ල, උරහිස ආශ්‍රිත පීඩා මතුවේ. ප්‍රධාන ආහාර වේල නිසියාකාරව ලබාගන්න. කුඩා දරුවන්ට ධාන්‍ය වර්ග, එළවළු නිරන්තරයෙන් දෙන්න. සෙම් ඉහළ යන ආහාර නොගන්න.

පිළියම්- අභියෝගාත්මක කාලසීමාවකි. කල්පනාකාරී වන්න. භික්ෂූන් වහන්සේ නමකට නිර්මාංශ දාන වේලක්, සිවුරු පිරිකර පූජා කරන්න. ආබාධිත පුද්ගලයෙකුට ඇප උපස්ථාන කිරීම හෝ ඇඳුම් පැලඳුම් ලබාදෙන්න. පූජනීය ස්ථානයකදී කුරුලු ජෝඩුවක් නිදහස් කරන්න.

සුබ දිනය - සඳුදා, බදාදා

සුබ අක්ෂර- හ,ට

සුබ වර්ණ- ළා කහ, සුදු

ජය අංක- 2,5

සිංහ ලග්නය

බාධාකාරී තත්ත්වය මඟහැරේ. සතුට හිමි කාලයකි. පරිපාලන ක්ෂේත්‍රයේ නම් නීතියනුකූලව, බුද්ධිගෝචරව කටයුතු කරන්න. ගෘහ ජීවිතයට සුබයි. ආදරය සබඳතාවලදී සුබ කාලයකි. දරුඵල අපේක්ෂිතයන්ට සුබයි. ආර්ථික සැලැස්මක් කරන්න සුබ කාලයකි.

ආර්ථිකය- අතමිට සරු වන දින කිහිපයක්. නොසිතූ ලැබීමකට ඉඩ ඇත. නව ව්‍යාපාරවලට යොමුවේ.

අධ්‍යාපනය හා සෞඛ්‍යය- අධ්‍යාපනට උනන්දුවන්න. තරග විභාගවලට සුබවේ. දණහිස, මාංශ පේශි අතර කාටිලේජවල උෂ්ණත්වය වැඩිවේ. කොලෙස්ටරෝල් අධික ආහාර ගැනීමෙන් වළකින්න.

පිළියම්- සෙනසුරාදා දින තුනක් කිරි ආහාර පූජා සහිත බෝධි පූජා පින්කමක් කරන්න. ඊශ්වර දෙවියන්ට රතු-සුදු මිශ්‍ර හෝ රතු-කහ මිශ්‍ර මල් මාලයක් පූජා කරන්න. කිතුනු භක්තිකයකු නම් අන්තෝනි මුනිඳුන් උදෙසා රතු-කහ මිශ්‍ර හෝ රතු -සුදු මිශ්‍ර මල් මාලා හා ඉටිපන්දම් හතක් දල්වන්න.

සුබ දින-ඉරිදා, සඳුදා

සුබ අක්ෂර- ර, බ

සුබ වර්ණ- රතු, ළා කොළ

ජය අංක - 6,9

කන්‍යා ලග්නය

සෙනසුරු වක්‍රයෙන් පසු වාසනාවන්ත කාලයකි. මනසට සැහැල්ලුවක් ගෙනෙන කාලසීමාවක්. ලබන වසරේ මැයි දක්වා විදේශ සංචාරවලට සුබයි. ආදර සම්බන්ධතාවලදී ආකර්ෂණීය බවක් නිර්මාණය වේ. ආදර බැඳීම් ස්ථිර වීම, විවාහ යෝජනා ලැබීම, සමාජය තුළ කැපී පෙනීම බහුල කාලයකි.

ආර්ථිකය- ලැබීම් පවතින නමුත් රැඳීම් තත්ත්වය අවම වේ. මූල්‍ය තත්ත්වය කළමනාකරණය කරගන්න.

අධ්‍යාපනය හා සෞඛ්‍යය- ඉගෙනුම් කටයුතුවල යෙදෙන්නන්ට සුබවාදී කාලයකි. අධ්‍යාපන කටයුතුවල වෙනදාට වඩා ප්‍රගතියක් අපේක්ෂා කළ හැකිය. සම සම්බන්ධ රෝග පීඩා උත්සන්න විය හැකි කාලයකි. හැකි තරම් උෂ්ණාධික ආහාරවලින් වළකින්න.

පිළියම්- පවතින බාධාකාරී තත්ත්වයන් අවම කිරීමට සත්පත්තිනි මෑණියන්ට සලඹක් පූජා කරන්න. පොහෝ දිනක හෝ සෙනසුරාදාවක වයසට සරිලන පහන් ආලෝක පූජාවක් සිදුකරන්න. ලබන වසරේ මැයිවලට ප්‍රථම කුරුලු ජෝඩුවක් නිදහස් කරන්න.

 

සුබ දින- බදාදා, සෙනසුරාදා

සුබ අක්ෂර අ, ග

සුබ වර්ණය - රෝස

ජය අංක- 5,9

තුලා ලග්නය

ඉතා සුබවාදී කාලයකි.වසර හතහමාරක් තිබූ බාධක තත්ත්වය මගහැරීයයි. නිර්මාණශීලීබව වර්ධනය වේ. කලාවෙන් ආර්ථික ලාභ ඇතිවෙයි. විදේශ ගමන් හිමිවේ. දුරබැහැර ගමන්වලදී අපේක්ෂිත ප්‍රතිපල ලැබේ.

ආර්ථිකය- නව ව්‍යාපාර සැලසුම් කිරීමටත්, ඉන් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමටත් හැකිය. පවතින ආර්ථික තත්ත්වයේ දියුණුවක් ඇතිවේ.

අධ්‍යාපනය හා සෞඛ්‍යය- නව විෂයයන් හැදෑරීමට යොමුවන්න. දරුවන් සැහැල්ලු මනසකින් අධ්‍යාපන කටයුතුවල යෙදේ. රෝග පීඩා අවම වේ. හිසකේ කැඩීයාම, කොන්ද ආශ්‍රිත පීඩා, ශරීරයේ උෂ්ණාධික බව පාලනය වේ. තම නිරෝගීකම පිළිබඳ සැළකිළිමත් වන්න.

පිළියම්- යාචකයකුට වස්ත්‍රයක් පරිත්‍යාග කරන්න. රජමහා විහාරයක බෝධීන් වහන්සේ නමක් අභියස උතුරු දිශාවට වැටකේ මලක් පූජා කර එළඟි තෙල් පහන් තුනක් දල්වන්න.

 

සුබ දින- බ්‍රහස්පතින්දා, සිකුරාදා

සුබ අක්ෂර-ම,ස

සුබ වර්ණය- ළා නිල්

ජය අංක - 6,8

වෘශ්චික ලග්නය

මෙතෙක් පැවැති මන්දගාමී බව පහවේ.යහපත්කාලයකි. කලාවෙන් ජනප්‍රියත්වයට පත්වේ. කෘෂිකාර්මික කටයුතුවලින් ඉහළ ඵලදාවක් හිමි වේ. කලා, තාක්ෂණික කටයුතුවලට යොමු වන්න. විවාහ ප්‍රමාද ඉවත්වේ. දුරස් ආදර සබඳතා නැවත ළංවේ. විවාහ කටයුතු සාර්ථකවේ. දරුඵල අපේක්ෂිතයන්ට යහපත්ය.

ආර්ථිකය- ඉහළ ආර්ථික ලාභ ලැබෙන කාලයකි. හිතවත් පාර්ශ්වයන්ගෙන් මුදල් ලාභ ලැබේ. වැය ප්‍රමාණයට සාපේක්ෂව ආර්ථිකය නිර්මාණය වේ.

අධ්‍යාපනය හා සෞඛ්‍යය- ඉගෙනුම ලබන දරුවන්ට වාසි සහගත කාලයකි. මතක ශක්තිය වර්ධනය වේ. බෙල්ල උරහිස කොන්ද ප්‍රදේශ ආශ්‍රිත කැක්කුම්, පපු ප්‍රදේශ ආශ්‍රිත දැවිලි, හිසේ බර ගතිය ඇතිවේ. සෙම් පිත වැඩි කරවන ආහාර නොගන්න. නිතර පලතුරු එළවළු ආහාරයට ගන්න.

පිළියම්- පුද පූජා පින්කමක් වශයෙන් වසරකට වරක් හෝ දෙසැම්බර් මාසයේ තමන් කැමතියි මල් වර්ගයකින් මල් මාල අටක් සකසා දෙවිවරුන් අට නමකට පූජා කරන්න. කිතුනු භක්තිකයෙක් නම් අන්තෝනි දෙවියන්ට සුදු පැහැති මල් මාලයක් පූජා කරන්න.

 

සුබ දින -සෙනසුරාදා, අඟහරුවාදා

සුබ අක්ෂර- න, ස

සුබ වර්ණ- රෝස, ළා නිල්

ජය අංක - 2, 8

ධනු ලග්නය

විදේශ ගමන් සංචාර සිහින සාර්ථක වේ. විදේශ රැකියාවල නියළෙන්නන්ට සුබ වේ. අපේක්ෂිත අරමුණු ඉටුවන කාලයකි. ආදරය බැ¼දීම් මුහුකුරා දින කිහිපයකි. දරුපල අපේක්ෂකයන්ට වාසනාවන්ත කාලයකි. විවාහයෝජනා ස්ථීර වේ.

ආර්ථිකය- ආර්ථික ව්‍යාපාර සිහින සැබෑවන කාලයකි. සතුටින් ආර්ථික කටයුතුවල නියැළෙන්න.

අධ්‍යාපනය හා සෞඛ්‍යය- විදේශ අධ්‍යාපනයට යෝග්‍ය මාසයකි. උද්යෝගයෙන් අධ්‍යාපන කටයුතුවලට යොමු වන්න. ආහාර ගැන සැලකිලිමත් වන්න. තෙල් ආහාර , පැණි රස ආහාර ගැනීමෙන් වළකින්න. සෞඛ්‍ය වශයෙන් යහපත්ය.

පිළියම්- බෝධීන් වහන්සේ නමක් අභියස කුරුලු ජෝඩුවක් නිදහස් කරන්න. යාචකයකුට වස්ත්‍රයක් දන් දෙන්න. ඔබේ වයසට ගැළපෙන පහන් ආලෝක පූජාවක් සිදුකරන්න.

 

සුබ දින- බ්‍රහස්පතින්දා ඉරිදා

සුබ අක්ෂර -ද, බ

සුබ වර්ණ -සුදු රෝස

ජය අංක3,7

මකර ලග්නය

තිබූ බාධාකාරී තත්ත්වයන් අවම වෙයි. නව ව්‍යාපාර සැලසුම්වලට සුබයි. දෙසැම්බර් 15,16 දිනවල සිට නව කටයුතු ආරම්භයට සුබයි. පාලන තන්ත්‍රයේ අයෙකු නම් නැවත සමාජයේ ආකර්ෂණය, ගෞරවය හිමිවේ. විවාහයට සුභයි.

ආර්ථිකය- ආර්ථික ලාභ සඳහා නව ව්‍යාපෘතිවලට යොමුවේ. විදේශ ගනුදෙනුකරුවකු නම් ලැබීම් ප්‍රමාණය ඉහළය.

අධ්‍යාපනය හා සෞඛ්‍යය- දරුවන්ගේ මතක ශක්තිය ඉහළ යන කාලයකි. අධ්‍යාපනයට යහපත්ය. පැවති රෝග පීඩා අවමවේ.

පිළියම්- වන වාසී භික්ෂූන් වහන්සේ නමකට සිවුරු පිරිකර, පළතුරු පූජා කරන්න. සෙනසුරාදා දින දෙකකදී බෝධි පූජාමය පින්කමක් වශයෙන් පැන්කළ හතකින් බෝධිය නාවා ආශිර්වාද ලබා ගන්න. සෙනසුරාදා බදාදා දිනකදී යාචකයකුට ආහාර වේලක් ලබා දෙන්න.

සුබ දින- අගහරුවාදා, සෙනසුරාදා

සුබ අක්ෂර- ස,හ

සුබ වර්ණ- රෝස, කහ

ජය අංක- 5,8

කුම්භ ලග්නය

සමාජ ආකර්ෂණය හිමිවන කාලයකි. බාහිර පාර්ශ්වයන් අතර ජනප්‍රියත්වයට පත්වේ. ප්‍රඥාව වර්ධනය වේ. පවුලේ කටයුතුවලට සුබදායකයි. දරුපල අපේක්ෂකයන්ට ඉතා සුබයි. ආදර බැඳීම්වලදී කල්පනාකාරී වන්න.

ආර්ථිකය- ලාභ ලැබීම් ඉහළ යන කාල සීමාවකි. නව ව්‍යාපාර අවස්ථාවලට යොමුවේ.

අධ්‍යාපනය හා සෞඛ්‍යය- තරගකාරී අධ්‍යාපනයකට යොමුවේ. උපාධි අපේක්ෂකයන්ට සුබයි. ආමාශගත උෂ්ණත්වය වැඩිවේ. දණඉස් මස්පිඩු වේදනා උත්සන්න වේ. සෞඛ්‍ය තත්ත්වය ගැන කල්පනාකාරී වන්න.

පිළියම්- බාධක අවම කිරීමට කතරගම දෙවියන්ට රතුමල්මාලයක් සහ කිරි කළයක් පූජා කරන්න. බෝධීන් වහන්සේ නමකට වයසට සරිලන පහන් සංඛ්‍යාවක් ගෙන පූජාවක් කරන්න. වසරකට හෝ වසර තුනකට වරක් පිච්ච මල්මාල අටක් දෙවිවරුන් අටනමකට පූජා කරන්න.

සුබ දින- සිකුරාදා සෙනසුරාදා

සුබ අක්ෂර බ,ජ

සුබ වර්ණ- සුදු කහ

ජය අංක 2,8

මීන ලග්නය

පැවැති අභියෝගාත්මක බව යම්තාක් දුරකට පාලනය වේ. ඒරාෂ්ටක තත්ත්වය අවම කර ගැනීමට සැලසුම් කළ හැකි මාසයකි. නව ඉලක්කයන් ගොඩනැඟේ. විදේශ ගමන් සංචාරවලට සුබවේ. හවුල් කටයුතුවලට නොයන්න. තම ඉඩමක් දේපළක් සංවර්ධනයට ඉඩ සැලසේ. දරුපල අපේක්ෂකයන්ට සුබදායක වේ. ආදර සම්බන්ධතාවලට සුබදායක වේ.

ආර්ථිකය- නව ව්‍යාපාරවලට සුබවේ. විසිතුරු කර්මාන්ත, ඇඟලුම් කර්මාන්තවලින් වාසි ලැබේ. අයවැය කළමනාකරණය කරගන්න.

අධ්‍යාපනය හා සෞඛ්‍යය- අධ්‍යාපනයට සුදුසු මානසික තත්වයක් නිර්මාණය වේ. රෝග පීඩා අවම වේ. ව්‍යායාම්වල දිනපතා යෙදෙන්න. ස්වාභාවික එළවළු පලතුරු ආහාරයට ගන්න.

පිළියම්- බාධක තත්ත්වයන් අවම කර ගැනීමට බෝධීන් වහන්සේ නමක් අභියස කුරුලු ජෝඩුවක් නිදහස් කරන්න. වසරකට වරක් හෝ දෙවරක් ධර්ම දේශනයකදී භික්ෂූන් වහන්සේ නමකට සිවුරු පිරිකර පූජා කරන්න. සෙනසුරාදා හෝ බදාදා දින දෙකක බෝධි පූජාමය පින්කමක් සිදු කරන්න.

සුබ දින- බ්‍රහස්පතින්දා, සෙනසුරාදා

සුබ අක්ෂර- ල,ප

සුබ වර්ණ- කහ, තද රතු

ජය අංක- 5,8

ඡ්‍යොතිෂවේදි

මියුරු සම්පත් ලියනගේ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.