සිකුරු මකරයට විද්‍යා හා තාක්ෂණ අංශවල දියුණුවක්

කාන්තාවන් - කුඩා දරුවන් රැකගතයුතු කාලයක්
නොවැම්බර් 29, 2024

පාරම්පරික වෛද්‍ය, ඡ්‍යොතිෂ වාස්තු හා

ගුප්තවිද්‍යා උපදේශක

රවිශංඛ සේනානායක

එළැඹෙන දෙසැම්බර් මස 02 වැනිදා උදේ 11.58 සිකුරු ග්‍රහයා මකර රාශි ගත වන අතර දෙසැම්බර් මස 28 රාත්‍රී 11.40 තෙක් එහි රැඳී සිටියි. රාජ්‍යකාරක රවිට හිමි උත්‍රසල නැකතේ චලිත වන සිකුරු මේ මොහොතේ උදාව පවතින තත්කාලය මෙන්ම කුම්භ ලග්න ලංකා කේන්ද්‍ර සටහනේද 12 වැන්නේ ගමන් කිරීම මත බන්ධනාගාර, රෝහල් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ප්‍රතිසංස්කරණ රැසක් සිදුවන්නට නියමිත බව පෙන්වයි. සෞඛ්‍ය අංශවල දියුණුවට විදේශීය ආධාර ලැබෙන කාලයක් ඉදිරියට උදාවන බවත් පැහැදිලිව දක්නට ලැබේ. එමෙන්ම රටේ වැසී ගිය දේශීය කම්හල් නැවත ඇරඹීමට අවශ්‍ය තීන්දු තීරණ සහ ප්‍රතිසංස්කරණ රැසක් පිළිබඳ අවධානය යොමු කෙරෙයි.

සිකුරු මකරයේ ගමන් කරන කාලය තුªළපසුගිය සමය පුරා ආන්දෝලනයන්ට තුඩුදුන් වංචා දූෂණ රැසක් සම්බන්ධ කඩිනම් විමර්ෂණ සිදුවීමට මේ ග්‍රහචාරය වැදගත් වන අතර තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමට එය හේතු වෙයි. වංචනික ක්‍රියා, අපරාධ සහ මිනීමැරුම් සම්බන්ධ කාරණා මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වූවන්ට අසුබ කාලයක් විය හැකි බව පැහැදිලිව දක්නට ලැබේ. කාන්තාවන් සහ කුඩා දරුවන්ගේ ආරක්ෂාව කෙරෙහි වැඩි අවධානයක් ලබා දිය යුතු කාලයකි.

දෙසැම්බර් 16 දක්වාම වෘශ්චික රාශිගත බුධ වක්‍ර චලිතයක යෙදෙන අතර මේ වසරේ සිව්වැනි වරට සිදුවූ අවසන් බුධ වක්‍රය මෙයයි. ඩිජිටල් තාක්ෂණ පද්ධති ස්ථාපනය වීම සහ විද්‍යා හා තාක්ෂණ අංශවල නව වෙනස්කම් ද නව අණ පනත් එළිදැක්වීම වැඩි වශයෙන් කතා බහට ලක්වන කාලයක් ලෙස හැඳීන්විය හැකිය. යල් පැන ගිය බොහෝ පද්ධතීන්හි නව ඇරැඹුම් සහ සන්නිවේදන අංශවල විශේෂ පිබිදීමක් ද දක්නට ලැබෙනු ඇත.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.