වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
බාලගිරි දෝෂය අද නොවේ හෙට
ජූලි 12, 2019
නිවසක් ඉදිරිපිට ප්‍රධාන දොරට ඉහළින් බාලගිරි දෝෂය අද නොවේ. හෙට” යන්න ලියා තිබේ නම් ඇත්තටම එම නිවසේ අලුත උපන් බිළිදකු සිටිනබව එය දකින ඕනෑම කෙනකුට සිහිපත් වේ. යන්ත්‍ර මන්ත්‍ර කර්ම ගැන බැලීමේදී විශේෂයෙන්ම කරනු ලබන ශාන්තිකර්ම වලදී බාල උපදාකරණය හෙවත් දොළ චිකිත්සාවට හිමිවන්නේ ප්‍රධාන තැනකි.
බිළින්දකු උපන්දා සිට මෙලොවට බිහිවූදා සිට මාස දොළහ දක්වා මාස දොළහේ සිට අවුරුදු දොළහ දක්වාත් දරුවන්ට ඒ වෙනුවෙන් ශාන්ති කර්ම සිදුකරනු ලබයි. බිළිඳු වයසේ පසුවන දරුවාට අපල දෝෂ රෝගාබාධ ඇතිකරන යක්ෂ භූත පිසාචාදීන් නිසා මෙම දෝෂ ඇතිවේ. මේ නිසා දරුවාගේ සෞඛ්‍යයට මෙන්ම වැඩීමටද සිදුවන්නේ මහත් බාධාවකි.
යක්ෂ භූත පේ්රතාදී දෝෂාන්දකාරයන් හේතුවෙන් සිහිනෙන් බයවීම, කිරිනොබීම , කිරිවමනය කිරීම, නිතරම හැඬීම, නිතරම දැගලීම, උඩඅතට හැරී සිටීම, නින්දෙන් ගැස්සීම ආදී රෝග ලක්ෂණයන්ද මෙහිදී පෙන්නුම් කෙරේ. නිරෝගි දරුවකු මෙලොවට බිහිකර හදාවඩා ගැනීමට දහසක් බලාපොරොත්තු මධ්‍යයේ ජීවත්වන මවට දරුවා නිතර නිතර රෝගී වුවහොත් ඇතිවන දුක,කම්පනය කොතකුත්දැයි කිව නොහැකි තරම්ය. එදා අපේ දෙමාපියන් වැඩිහිටියන් දරුවකු බිහිකිරීමට සිටි මව ගැබිණි මව ආරක්ෂා කළේ පුදුම අයුරිනි. දරුවා බිහි කිරීමට ආසන්නය දක්වා ඇයට කෑමට දුන්නේ තැම්බුම් හොදි සමඟ බත්ය. නිවසේ කරවල , මස්, ,මාළු, තෙලෙන් බැද්දේ නැත. උදේ, සවස කොසඹකොළ වලට තෙල්දමා දුම් ඇල්ලුවේය. මුළුතැන්ගෙයි පිසූ බත් මවට දීමට රැගෙන ආවේ ඇණයක් හෝ යකඩ කෑල්ලක් තබා තනිනොවන ලෙසටය. ආහාර ටික පවා දුන්නේ කිසිවකුට නොපෙනෙන ලෙසටය. නිවසේ කිසිඳු පුළුටු ජාතියක් බැද්දේ නැත. ඒ සියල්ලක්ම සිදුකළේ මවගේ මෙන්ම දරුවාගේ ආරක්ෂාව සඳහාය.
අද සමාජය දෙස බලනවිට ගැබිණි මවුවරුන් පවා කඩල , මුරුක්කු වැනි දේ කමින් මාර්ගවල ගමන් කරන බව පෙනේ. මෙවැනි ක්‍රියාවන් නිසා නොයෙකුත් උපද්‍රවවලට ලක්වේ. දරුවකු බිහි කළ පසු දරුවා ආරක්ෂා කරගැනීමේ වගකීම පැවරෙන්නේ මවටයි. මව කෑමෙන් බීමෙන් පමණක් නොව ක්‍රියාකාරකම්වලින්ද ආරක්ෂා විය යුතුය. බාලගිරි දෝෂය සඳහා සිදුකරනු ලබන බාල ග්‍රහ ශාන්තිය ගැන නොයෙකුත් ගුරුකුලවල ඇති යන්ත්‍ර මන්ත්‍ර දොළ පිදේනි ගැන සඳහන්ව ඇත. උපන් දවසේ සිට දසසත් අවුරුද්ද දක්වා හටගන්නා වූ රෝග ලක්ෂණ ඒ පිළිබඳ, අදාළ යක්ෂ යක්ෂණීන් ගැන ඉපැරණි පුස්කොළ පොත්වල මෙන්ම පැරණි පොත්වල සඳහන් කොට ඇත. ගිරිනම් යක්ෂණියන් දොළොස් දෙනෙකු විසින් ළදරු කාලයේ සිට දොළොස් අවුරුද්ද තෙක් කරන ලෙඩ හා කළ යුතු ප්‍රතිකර්මද එම පොත්වලින් පෙන්වාදී තිබේ.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
ඡ්‍යොතිෂ් ශාස්ත්‍රඥ ඡ්යොතිෂ්වේදී මොරටුවේ
තිස්ස මහානාම
සිද්ධාන්ත ඡ්‍යොතිෂ කාර්යාලය
සටහන
බී.ඇල්.පේ‍්‍රමරත්න
෴ සබැඳි ලිපි ෴
කේන්දරයක තුන්වැන්න, පස්වැන්න, නවවැන්න සහ එකොළොස්වැන්න යන ස්ථානවල පමණක් ග්‍රහයන් සිටින්නේ නම් එය ඒක ශ්‍රැතිධර යෝගය නම් වේ. මෙසේ ග්‍රහයන් පිහිටා...
2024-11-21 18:30:00
ඕනෑම ලග්නයක නවවැන්න හා දසවැන්න අධිපතීන් සංයෝගවීමෙන් ධර්මකර්මාධිපති යෝගය උදාවේ. ඡ්යොතිර්වේදයෙහි එන ග්‍රහ යෝගවල මුදුන් මල් කඩ වන මෙය රාජයෝගයකි. සඳු හා...
2024-11-21 18:30:00
බටහිර ඡ්‍යොතිෂය අනුව ඉතා වැදගත් කරුණු කාරණා රැසක් නිවේදනය කරන, බල පෙරළි, ධන සම්පත්, සමාජ අහිරහස්, නවෝත්පාදනය, පරම්පරා යුග පරිවර්තන ඇතුළු සුවිශේෂී...
2024-11-21 18:30:00
ලග්න එකොළහකට ධන වාසනා උදා කරමින් දෙසැම්බර් 02 වැනිදා පෙරවරු 11.58ට සිකුරු මකර රාශියට සංක්‍රමණය වනුයේ සමස්ත ජනතාවට අසිරිමත් ජීවන රටාවක් උදා කරවමිනි....
2024-11-21 18:30:00
රවි ග්‍රහයාගේ බලපෑමෙන් ජන්ම හිමියෙකුට මුහුණ දෙන්නට සිදුවන සුබඅසුබ තත්ත්වයන් පිළිබඳ සුබසෙතට පුස්සැලේ කුමාරි මහත්මිය වූ ලිපියට ඡ්‍යොතිෂවේදිනී ගීතිකා...
2024-11-14 18:30:00
පසුගිය කලාපයේ අප රාහු අපලයට උචිත නාගාර්ජුන යන්තරය ගැන සම්පූර්ණ විස්තරයක් පළ කළා. රාහු කියනකොටම මතක් වන්නෙ කේතාව නැත්නම් කේතු ග්‍රහයාව. මේ දෙන්න එක...
2024-11-14 18:30:00
අද දිනයේදී කතාබහ කරන්නට බලාපොරොත්තු වන්නේ කවිය ඔබ, පුර පෝය හඳට පෙමින් බැඳුණු වැනි ජනප්‍රිය සහ සුභාවිත ගීත රැසක් පද බැන්දූ මුළු රටම දන්නා කීර්තිමත්...
2024-11-14 18:30:00
අද එනම් 2024 නොවැම්බර් මස 15 රාත්‍රී 7.51ට ශනි ග්‍රහයා වක්‍ර චලිතයෙන් මිදී සාමාන්‍ය පරිදි නිවෘත චලිතයකට පිවිසෙයි. පසුදින එනම් නොවැම්බර් 16 උදේ 07.33...
2024-11-14 18:30:00
මේෂ, වෘශ්චික සහ මීන යන ලග්න තුනට උසස් වූ සුබ පල ද වෘෂභ, කටක, සිංහ, කන්‍යා, ධනු, මකර ලග්නවලට සුබ පලද මිථුන, තුලා, කුම්භ ලග්නවලට මිශ්‍ර පලද ලබා දෙමින්...
2024-11-14 18:30:00
කේන්දරයේ ග්‍රහයන් අතර පරිශ්රමය, වෙහෙස මහන්සිය, කැපවීම, පොදුජන සම්බන්ධතාවය, උත්සාහයෙන් ජයගැනීම, පිරිස්බලය හා ඉතා දැඩි වූ අභිලාෂයන්ගෙන් යුතුව...
2024-11-07 18:30:00
ලංකා කේන්ද්‍රයේ ලග්නාධිපති ශනි නොවැම්බර් මස 16 වැනි දින නැවතත් නිවෘත්ත (චලිතය) වීමක් වේ. ශනි නිවෘත්වීමත් සමඟම මෙතෙක් පැවැති බාධක මකර හා කුම්භ ලග්න...
2024-11-07 18:30:00
සෙනසුරු ඒරාෂ්ටකයේ දී ජන්ම හිමියාට අත්වන සුබ අසුබ තත්ත්වයන් පිළිබඳ සුබසෙතට ගල්ලෑල්ලේ සෝමා මහත්මිය එවූ ලිපියට ඡ්යොතිෂවේදීනි ගීතිකා සමරතුංග මහත්මිය...
2024-11-07 18:30:00
ශකවර්ෂ 1946 ක් වූ තුලා රවි 23 භාග ඉල් පුර සතවක තිථිය ලත් කිවිදින සිට එම රවි 29 භාග ඉල් පුර තෙළෙස්වක තිථිය ලත් ගුරු දින දක්වායි.ග්‍රහයෝ සහ රාශිරවි -...
2024-11-07 18:30:00
දෙසැම්බර් මස 06 වැනිදා බුධ ආදිත්‍ය යෝගය උදා වෙයි. එම කාලය තුළ ජන්මය ලබන දරුවන්ට මේ සුවිශේෂී බුධ ආදිත්‍ය යෝගය තම ජන්ම පත්‍රවල බලපවත්වන අතර දැනට...
2024-11-07 18:30:00
මේෂ, වෘශ්චික, සිංහ, ධනු ලග්න හිමියන්ට බලවත් රවිගෙන් වඩාත් තීව්ර සුබපල දෙමින් නොවැම්බර් මස 16 වැනි සෙනසුරාදා උදේ 7.31ට රවි ග්‍රහයා ස්වකීය මිත්...
2024-11-07 19:30:00
වාසය යහපත් කිරීමේ අර්ථයෙන් ගත් කල වාස්තු ශාස්ත්‍රයට අයත් නොවන විෂයයක් නොමැති තරම්ය. එසේ වුවත් ඉදිකිරීම් හා බැඳුණු කරුණු පමණක් ගැනෙන ලෙස වාස්තු විෂයයට...
2024-11-07 18:30:00