අතිශය දුර්ලභ රාජ තරංගනී යන්ත්‍ර රාජයා

නොවැම්බර් 29, 2024

යන්ත්‍ර විද්‍යාවේ යන්ත්‍ර ගැන විස්තර කරන මේ වකවානුවේ මීළඟට ලියන්න හිතාගෙන හිටියේ පසුගිය දිනෙක පොරොන්දු වූ පරිදි රවි ග්‍රහයාගේ අපලවලට නියමිත සූර්ය මණ්ඩලය ගැන. එහෙත් හදිසියේ මා අතට පත්වූ නිසයි මේ යන්ත්‍රය විස්තර කරන්න තෝරාගත්තේ.

දැනට යන්ත්‍ර මන්ත්‍ර ජාලයේ ප්‍රමුඛස්ථානය ගත්තා වූත් ක්ෂණික ප්‍රතිපල දෙන්නාවූත් මහජනතාව අතර ප්‍රබල ඉල්ලුමක් ඇතත් කරගැනීමට නොහැකි තත්ත්වයක ඇති යන්ත්‍රය වශයෙන් රාජතරංගනී වශී යන්ත්‍රය ගැන විස්තර කරන්නට හිතුණා.

මේ යන්ත්‍රය පාරම්පරික යන්ත්‍ර වේදියකු ළඟ මිස කිසිම යන්ත්‍ර පොතක සඳහන් වී නැහැ. යන්ත්‍ර ශ්‍රේණිය හෝ යන්ත්‍ර රත්නයේ කියන යන්ත්‍ර පොත්වල රාජ තරංගනී ආදේශ යන්ත්‍රයක්වත් සඳහන් නැහැ. ඒ තරමට දුර්ලභයි. මේ යන්ත්‍රයේ විස්තර අනුපාන, පූජා විධි ක්‍රම අන් කිසිදු යන්ත්‍රයකට නොදෙවෙනි හා වෙනස් එකක්. ඒ වගේම තමයි ප්‍රතිඵලත් ප්‍රථමයෙන්ම කියන්න ඕන මේ යන්ත්‍රය යන්ත්‍ර ජාලයේ වශීකරණ ජාලයට අයත් යන්ත්‍රයක්. අනික් වෙනස තමයි මාතාංගේෂ්වරිය වගේ ආදේශ යන්ත්‍ර නැහැ. නමට මතුරල නමට දිෂ්ටි කරන ඕනෑම වශීයකට කිරිගහට ඇන්නා වගේ ප්‍රතිඵල ගෙන දෙන යන්ත්‍රයක් හදන්න ටිකක් අමාරුයි තමයි. හදාගත්තොත් නියමයි.

මේ යන්ත්‍රය ගැන පියවරෙන් පියවරට සඳහන් කරන්නම්. මේ යන්ත්‍රය සමඟ ක්‍රමවත්ව සාදාගත් තෙල්. මතුරන්නේ යන්ත්‍රයත් සමඟ එකටයි. යන්ත්‍රය තෙල් සමඟ සම්පූර්ණ වන්නෙ පියවරවල් හතරකින් පසුවයි. වෙනත් යන්ත්‍ර නම් යන්ත්‍රය තිබෙනවා. දිෂ්ටිය ජපය තිබෙනවා. එච්චරයි. යන්ත්‍රය පමණක් මතුරල සුරයට බහාලනවා. රාජ තරංගනි එහෙම බැහැ. දිෂ්ටිය කරලා ජපය මතුරල සුපුරුදු ප්‍රාණ පලිප්පු කරල ස්ඵුඨයට කලින් රාජතරංගනී වෛරෝඩි මන්ත්‍රයෙන් ඉවර කරන්න ඕනෑ. මේක ප්‍රාණ කරන්නෙ වෛරෝඩියෙන්. ඒක සඳහන් කරන්න ලොකු ගුරුන්නාන්සෙගෙන් අවසර ගන්ට ඕනෑ. මොකද ඒක ගුරු මුෂ්ටිය නිසා. එහෙත් අත්‍යවශ්‍ය කෙනකුට මතුරල හදල දෙන්නත් පුළුවන්.

ඕගොල්ලො අහල තිබෙනවනේ ගිනිපේසු මාලාව. මේක මතුරන්නෙ දිෂ්ටි කරන්නෙ ඒ බලගතු දිෂ්ටි මන්ත්‍රයෙන්, එක් දෙවියකුට නොවේ. මේ සමඟ සඳහන් කරන ඒ දිෂ්ටි කියවනකොට ඔබට වැටහේවි. වශියක් නිසා කාමගිනි දේවතාවාටත් වරෙක දිෂ්ටි කරනවා. මේකෙ විශේෂත්වය තමයි. දේවමණ්ඩලවලට වෙනුවට දේව මණ්ඩල අවතාරවලටයි අණ කරන්නේ. මනුෂ්‍යයා ප්‍රබල බව ඔප්පු කරමින් දිෂ්ටි කරනවා. වෙනත් යන්ත්‍ර වගේ දිෂ්ටි වගේම අනකිරීම්වලින් යන්ත්‍රය පුරනවා. මතුරන කෙනා කිලි කුණුවලින් ඈත්වී නොකොළොත් එයාටත් නරක වනවා. අවසානයේදි ව්‍යාග්‍ර හස්ථ මුද්‍රාවෙන් ගිනිධාරණය කර වාහල දැඩිමුණ්ඩ සහිත නේක දිෂ්ටිවලට අනේක දිෂ්ටිවලට ඒ කිව්වේ සෑම දිෂ්ටියකටම අණකරනවා. සියලුම දිෂ්ටි යන්ත්‍රයට හා තෙල්වලට ඇලුම් කරන්නට. ඔය කිව්වේ යන්ත්‍රය හා තෙල් ගැන.

ඊළඟට දිෂ්ටියට ගියාම දෙවොල් පත්තිනි අම්මට තමයි කියන්නෙ ස්ඛන්ධ දේවත්වයට ආයාචනය කරන්ට කියලා. ඔය අනිත් යන්ත්‍ර වගේ තොග ගානේ කරන්න බැහැ මේ යන්ත්‍රය. නමට කරන නිසා.

මම කලිනුත් කිව්වා පුදට තබන්න ඕනෑ. ඖෂධ වඩා මිලයි කියලා. ඉතා පිරිසුදුව වගකීමෙන් කරන්න ඕනෑ. වාර ගණන 5000ක් හෝ ඊට වැඩි. අඩුම තරමින් දින 3ක් වත් යාවි මතුරන්න විතරක්.

මේ මන්ත්‍රය වැඩ ආරම්භ කරන්ට කලින් මැතිරීමට වරම් ගන්න ඕනෑ. මැතිරීමට පෙර

“ඕං ගුරු වරම්. ගුරු පත්‍රකාලි වරං ඕං සුර වරං සුර පත්‍ර කාලි වරං” දන්නවනේ අන්න ඒ මන්ත්‍රයෙන්.

මේ යන්ත්‍රය සාමාන්‍ය පරිදි 2ය10 සුරයට දමන්න ටිකක් අපහසුයි. 3ය 7 1/2 (2 1/2 ය 3) නම් හොඳයි.

මේ යන්ත්‍රය අමාරුවෙන් හදලා අමතක නොකර රත්රන් ආලේප කරල මතුරන්න.

අක්ෂර පිහිටීම සම්පූර්ණ කර නැහැ.

ඔබ මෙය දැකල නැති නිසා පැතිකඩක් පමණක් ඇන්දා

මේ හැම කොටුවක්ම (ගැබක්ම) සම්පූර්ණ කරන්ට ඕනෑ.

අනවශ්‍ය අයගෙ අතට පත්වුණොත් කියලයි මෙහෙම එව්වේ.

රාජ තරංගනී ජපය

මන්ත්‍රය

ඕං ශි‍්‍රං විෂ්ණු භාහේෂ් ගුරු
ලාඩ් ගිනි ගිනි පේසුමාලා කාම
ගිනි රූපගිනි ආරූඪ විෂ්ණු
ශූර ගිනි විභූශනී ප්‍රමේස්වර
කාලි හනුමන්තා දේව දිෂ්ඨි
වාරම් ආරූඪ ප්‍රාන ප්‍රධමහන
ජීව ජීවන්තු හි‍්‍රං ශි‍්‍රං කාල
ශ්‍රී පල ශි‍්‍රයා කාන්තා දේවි
දිෂ්ටි දිෂ්ටි ප්‍රාන ප්‍රාන ආරූඪ
ජීව ජීව දිෂ්ඨි මහා සරස්වතී
ගණපතී රවි රන්ජනි ශ්‍රී
බුද්ධ ලෝක බුවනාධිපති
අම්මා වාරුම් ප්‍රමුක දිෂ්ටි පුලේ
ජීව ජීවන් දිෂ්ටියන්ත්‍ර දිෂ්ටි
මන්ත්‍ර දිෂ්ටි මහෞෂධම් සිද්ධම්
රාජ තරංග දේවම් මහා
තෛලම් සිද්ධිම් දිෂ්ටි ප්‍රාන
ජීවන්ත රාජ වසංකරි චෝර
වසංකරි මනුෂ්‍ය වසංකරි
අමනුෂ්‍ය වසංකරි භූත විනාශනී
ජීවං දිෂ්ටි නං කෙරේ
දිෂ්ටි මුක දිෂ්ටි වෛකුන්ඨ
දේව රාජාම් බුද්ධබල නීල
අයිං කලිං නමඞ හරයන්තු
දේවතා නමඞ කන්දකුමාරයාය
නමඞ තරංගනී දේවි නමඞ
අසොර වීර පත්‍රාය නමඞ
ආනන්ද පද්ම හංසයාය නමඞ
ව්‍යාග්‍ර හස්ථ මුද්‍රා ගිනි ධාරන
වාහල දැඩිමුංඩ හනුමංතා
දේවතා නමඞ නවයන්තු
හර හර ජීව සූය¸යන්තු
දිෂ්ටි ජීව දිෂ්ටි නේක දිෂ්ටි
අනේක දිෂ්ටි ප්‍රාන ප්‍රාන
සිද්ධි සිද්ධි නමඞ


රාජතරංගනි දිෂ්ටිය

ඕං ඕං වරං දිෂ්ටි දේව වරං දිෂ්ටි භද්‍රකාලි සර්ව ජීව දිෂ්ටි එන්නුම් වරං සූර්ය චන්ද්‍ර දිෂ්ටි පත්‍රකාලි අම්මේ ජීව දිෂ්ටි වාරුම් ශිව ශිවා විෂ්ණු වාවා පත්‍රකාලි අම්බ්වා වාරුම් පත්‍රකාලි හනුමා දිෂ්ටි ජීව වාරුම් ඕං ඕං ශිව ශිවඞ අසිය නායක පත්තිනි කදිරරාම කන්දසාමි දිෂ්ටි ඒ එං නාග පත්‍රකාලි සුර අසුර දිෂ්ටි. රවි චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි, රාහු, කේතු, නවග්‍රහ ජීව ජීව පත්‍රකාලි ශිව ශිවඞ රාජතරංගනි

ශ්‍රී විෂ්ණු දිෂ්ටි නමඞ ඕං ඕං
ශිව සිවඞ පත්‍රකාලි වා වාරුම්
ඕං ඕං ශිව ශිවඞ වීර පත්‍රකාලි
වා රුම් ඕං ඒං අරින්‍ද
සූය්‍ය¡¡ානේ එන්නුම් පත්‍රකාලි
වාරුම් ඕං ඕං ගිනි පත්‍රකාලි
වාරුම් වාරුම් ඕං ඕං ශිවන්ද
මල් පත්තිනි අම්මේ ගිනි
දිෂ්ටි වාරුම් ඕං ශරි ශරි
දෙවොල් පත්තිනි අම්මේ
ගිනි පුලේ වාරුම් හරී හරී
කන්‍දසාමි දිෂ්ටි නමඞ

පාරම්පරික ඡ්‍යොතිෂවේදී ගුප්තවේදී, මීපේ ගණිතගේ

රන්ජිත් විද්‍යාරත්න 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.