වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ශරීරයේ සලකුණු ඇති කිරීමට ඉවහල්වන
මැයි 24, 2019
ග්‍රහ බලය
පුද්ගලයකු මෙලොව උත්පත්තිය ලැබීමෙන් පසු එක් පුද්ගලයකුගෙන් තව පුද්ගලයකු වෙන් වෙන්ව හඳුනා ගැනීමට විවිධාකාර වූ රූප ස්වභාවයන් මත උත්පත්තිය සිදුවනු ලබයි.
උත්පත්තියෙන් පසු ඇතිවන යම් යම් සලකුණු කෙටිකාලයකින් පසු මැකීයන සලකුණු ඇති වුවත් ජීවිත කාලය පුරාවටම නොමැකි පවතින්නාවූ සලකුණු ඇතිවීමද ඇත. එලෙස යම් පුද්ගලයකු උත්පත්තියේ දී මෙන්ම උත්පත්තියෙන් පසුවත් විවිධ වූ හේතුමත යම් යම් සලකුණු ඇති වී නොමැකී පැවතීමටත් ඉවහල් වන්නා වූ ග්‍රහ යෙදුම් ගැන විමසා බැලීමක් කරමු.
යම් පුද්ගලයෙකු මෙලොව උත්පත්තිය ලබද්දී අඟහරු ලග්නයේ සිටියේ ද බ්‍රහස්පති සත්වැන්නෙහි තැන්පත්ව සිටියේද සිකුරු ද බ්‍රහස්පති සමඟ යෝගවීද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාගේ හිසෙහි කැළලක් ඇති වී නොමැකිව පවතිනු ඇත.
සත්වැනි භාවයෙහි බ්‍රහස්පති තැන්පත් වී රාහුද තැන්පත් වූයේ ද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාත් වම් අතෙහි කැළලක් ඇති වනු ඇත. එලෙසම බ්‍රහස්පති සත්වැන්නෙහි තැන්පත්වී රාහු ලග්නගතව සිටියේ ද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාගෙන් වම් අතෙහි කැළලක් නොමැකී පවතිනු ඇත.
සිකුරු ග්‍රහයා ලග්න ගතව තැන්පත්වි ද රාහු අටවැන්නෙහි තැන්පත් විද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාගේ ද හිසේ හෝ වම් කන ආශි‍්‍රතව නොමැකෙන කැළලක් ඇතිවී නොමැකි පවතිනු ඇත. බ්‍රහස්පති ලග්නගතව සිටියේ ද අට වැන්නේ, සිකුරු තැන්පත්විද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාගේ ද වම් අතෙහි කැළලක් නොමැකී පවතිනු ඇත.
සිකුරු පස්වැන්නෙහි තැන්පත් වීද බ්‍රහස්පති හා බුධ අටවැන්නෙන් තැන්පත්වීද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාගේ බඩෙහි නොමැකෙන කැළලක් ඇති වී පවතිනු ඇත. එසේම සිකුරු නව වැන්නේ තැන්පත් වීද සෙනසුරු සතර වැන්නෙහි තැන්පත් වීද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාගේද බඩෙහි නොමැකෙන කැළලක් ඇති වී නොමැකී පවතිනු ඇත.
සිකුරු නවවැන්නේ තැන්පත් වී බුධ හා බ්‍රහස්පති අටවැන්නෙහි තැන්පත්වීද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාගේද බඩෙ හි නොමැකෙන කැලලක් ඇති වී නොමැකී පවතිනු ඇත. සිකුරු පස් වැන්නේ තැන්පත්වීද සෙනසුරු ලග්න ගත වූයේද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාගේ ද බඩෙහි නොමැකෙන කැලලක් ඇති වී නොමැකී පවතිනු ඇත.
සිකුරු ග්‍රහයා අඟහරු ග්‍රහයා සමඟ දොළොස්වැන්නේ තැන්පත් වීද එසේ උත්පත්තිය ලද තැනැත්තාගේ වම් ඇලයෙන් සිදුවූ දෙයකින් නොමැකෙන කැළලක් ඇතිවී නොමැකී පවතිනු ඇත. එසේම අඟහරු එකොළොස්වැන්නෙහි තැන්පත්වී ද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාගේද යම් කිසි හේතුªවක් මත සිදුවීමකින් නොමැකෙන කැළලක් ඇති වී වම් ඇල නොමැකී පවතිනු ඇත.
සෙනසුරු පස්වැන්නෙහි තැන්පත්ව සිටියදී සිකුරු දැක්කද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාගේ ලිංගය ආශි‍්‍රතව කැළලක් ඇති වී නොමැකි පවතිනු ඇත. තවද සෙනසුරු නව වැන්නෙන් තැන්පත්වීද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාගේ ද ලිංගය ආශි‍්‍රතව කැළලක් නොමැකී පවතිනු ඇත.
අඟහරු ග්‍රහයාත් සිකුරු හා සඳු ග්‍රහයාත් ලග්න ගතව උත්පත්තිය ලද තැනැත්තාගේ හිසෙහි කැළලක් කල්යත්ම ඇතිවී නොමැකී පවතිනු ඇත. ශරීරයෙහි යම් යම් ස්ථාන ආශි‍්‍රතව කැළැල් ඇතිවීම කෙරෙහි ග්රහයින්ගේ බලපෑම ඉවහල් වන ග්‍රහ යෙදුම් කිහිපයක් ඉහත ග්‍රහ යෙදුම් අනුව පෙන්නුම් වේ.
ඡ්‍යොතිෂ
ශාස්ත්රශූරී,
මෙලාන් වික්‍රමසිංහ
෴ සබැඳි ලිපි ෴
බහු චිත්රො මහාකායො ධාර්මිකො විනයි සුඛීඋත්තරාෂ්ඨ සම්භූතඞ ශූරශ්ව විජයි රණෝ උත්‍රසල නැකතින් උපත ලද්දේ නම් මහා පිරිපුන් අඟපසඟින්ද යහපත් සිහි...
2024-08-01 18:30:00
මේෂ ලග්නයපසුගිය කාලයේ තිබූ බාධක පීඩා පාලනය වන කාලයකි. නව අවස්ථා හිමිවේ. නව බලාපොරොත්තු ඇති වන සමාජ ගෞරවය හිමිවෙන මාසයකි. විවාහ සබඳතාවලට සුබයි....
2024-08-01 18:30:00
වෘක්ෂංක්ෂීණ ඵලං ත්යප්න්ති විභගඞ දග්ධං වනාන්තං මෘගාඞනිර්ගන්ධං කුසුමං ත්යප්නති භමරඞ ශුෂ්කං සරං සාරසාඞනිර්දාවං පුරුශං ත්යඡන්ති ගණිකා දුෂ්ඨං...
2024-08-01 18:30:00
සුබසෙත පාඨක පින්වත් ඔබ වෙත අප අද දින ලියා පළ කරන්නට අදහස් කළේ බොහෝ දෙනා විසින් විශ්වාසයෙන්ම පරිහරණය කරන උතුම් රුද්රාක්ෂ බීජය පිළිබදව තොරතුරුය. මෙය...
2024-08-01 18:30:00
තුන් කල් දක්නා ලොව පවතින එකම ඇස ඡ්‍යොතිෂය වන අතර අද බොහෝ දෙන අතර එය ගහට පොත්ත මෙන් ජන ජිවිතයට සම්බන්ධ වී හමාරය. විශේෂයෙන් එදිනෙදා බොහෝ කටයුතු සඳහා...
2024-08-01 18:30:00
කේන්ද්‍ර පරීක්ෂාවේ දී සාමාන්‍ය වශයෙන් නවාංශකයට ඉතාමත් ප්‍රධාන තැනක් දුන්නත් එය හරියට තේරුම්ගත් අය ඉතාමත් අල්ප මාත්‍රයක් බව පැහැදිලිය....
2024-07-25 18:30:00
ජූලි 27 (පෞද්ගලික අංකය 9): මෙතෙක් ජූලියට හිමිව පැවැති කලාකාමී බව පිරුණු චංචල ගති ස්වභාවය වෙනස් මානයකට හැරවෙන සංධිස්ථානයක තමයි ඔබේ උපත...
2024-07-25 18:30:00
ස්වභාව ධර්මයෙහි පවතින ජීව අජීව සියලු සත්ත්වයන් හා වස්තුන්හි යහපැවැත්මට බාධා පමුණුවමින් හානිදායක විපත් ඇති කරන්නා වූ ගුප්ත බලවේග ඇත. ඒ පිළිබඳව...
2024-07-25 18:30:00
ඡ්‍යොතිෂ් ශාස්ත්‍රය දීර්ඝව හදාරන කෙනෙකු වශයෙන් ගැඹුරු ඡ්‍යොතිෂය කෙරෙහි හිත යොමුකරන කොට අනිකුත් කරුණු කාරණාවලට වැඩියෙන් පොරොන්දම් හා නැකැත් ගැන...
2024-07-25 18:30:00
ජෝර්ජ් ටවුන් නගරයේ ඉහළ පෙළේ ආපන ශාලාවක 1963 වසරේ දිනෙක හෝල් නැමැති තරුණියක් තම යෙහෙළියක සමඟ දිවා ආහාරය ගනිමින් සිටියාය. හෝල් මෙනවියද ඉහළම සමාජ...
2024-07-25 18:30:00
‘ඡ්‍යොතිෂය’ ආකාශචාරි ග්‍රහ තාරකාවන්ගේ දෙවියන්ගේ රාජ්‍යයේ ධර්මතාවයේ ක්‍රියාකාරී බලවේගයකි. රටක පාලකයාටත් මහ මඟ සිඟා කන යාචකයාටත් ‘ඡ්‍යොතිෂය’ එකසේ...
2024-07-25 18:30:00
ශක වර්ෂ 1946 ක් වූ කටක රවි 11 භාග ඇසළ අව සැටවක තිථිය ලත් කිවිදින සිට එම රවි 17 භාග ඇසළ අව දොළොස්වක තිථිය ලත් ගුරු දින දක්වායි.ග්‍රහයෝ සහ රාශිරවි -...
2024-07-25 18:30:00
“දෘෂ්ඨ මාත්රොපකාරීව භාග්‍ය වාංශව ජනපි්රයඞ පූර්වා ෂඨා ජාත නරඞ සකලාර්තථී විචක්ෂණඞපුවසල නැකතින් උපත ලද්දේ නම් භේදයකින් තොරව උදව් උපකාර කරන භාග්...
2024-07-25 18:30:00
කතරගම ඇසළ සමය අරඹුණු පළමු සති අන්තයේ දිනෙක හිමිදිරි පාන්දර කොණ්ඩදෙණිය සීලරතන නායක හිමියන් බෝමළුව ඇමද පවිත්රකොට බුදු මැදුර සහ දේව මන්දිරයේ සියලු වත්...
2024-07-25 18:30:00
ද්වි ගුණයෙන් යුත් ජල රාශියකි. කුඩා අවයවවලින් යුත් එතරම් උස නැති ශරීරයකි. ඇස් තරමක් ලොකුය. පටු උරහිස් ඇත. උකුල ප්‍රදේශය පළල්ය. යම් යම් අමුතු...
2024-07-25 18:30:00
ජුලි 20 වැනිදා මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය 2 වන අතර එය සදු ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදු වූයේ ජුලි මාසයේ නිසා ඔබ කටක රාශි...
2024-07-18 18:30:00