අපමණ බලැති රුද්‍රාක්ෂය ජීවම් කර ගනිමු

අගෝස්තු 2, 2024

සුබසෙත පාඨක පින්වත් ඔබ වෙත අප අද දින ලියා පළ කරන්නට අදහස් කළේ බොහෝ දෙනා විසින් විශ්වාසයෙන්ම පරිහරණය කරන උතුම් රුද්‍රාක්‍ෂ බීජය පිළිබදව තොරතුරුය. මෙය පුරාණ ඍෂිවරුන් සහ ඡ්‍යොතිෂය පිළිබඳ ඉතා උසස් දැනුමක් තිබෙන මහා වියතුන් විසින් හඳුන්වා දුන් බීජ වර්ගයකි. විශාල ගස්වලින් හටගන්නා මේ රුද්‍රාක්‍ෂ බීජය විවිධ ප්‍රමාණයන්ගෙන් යුක්තය. මින් වඩා වැදගත්කමක් දරන්නේ ලොකු රුද්‍රාක්‍ෂ බීජයයි.

‘රුධිර පීඩනය’ හෘද රෝග, දියවැඩියාව (මධුමේහය), ඇදුම, උමතුව රෝග සුව වීමටද මේ රුද්‍රාක්‍ෂ ඉමහත් ප්‍රයෝජනවත් වන බව සඳහන්ය. රුද්‍රාක්‍ෂ පැලඳගැනීමෙන් මිනිස් ජීවිත තුළ සැඟ වී යටපත්ව ඇති කුණ්ඩලිනී ශක්තියක් ඉස්මතු වන අතර විශ්ව ශක්තිය සෘජුවම තමා වෙත ආකර්ෂණය වීම නිසා අනවශ්‍ය භය දුරුවීමත් අනතුරු විපත් සහ අකල් මරණ වැළකීමටත් මෝක්‍ෂ‍ය සාක්ෂාත් කර ගැනීමත් හැකිවන බව පුරාණ සෘෂිවරුන්ගේ බලවත් විශ්වාසයයි. මෙවැනි උතුම් වටිනාකම්වලින් යුතු මේ වටිනා රුද්‍රාක්‍ෂ බීජය නිකම් හිස් දෙයක් හැටියට ගෙල පැලඳීමෙන් හෝ පුද පූජා වතාවත් කිරීමෙන් හෝ පරිහරණය කිරීමෙන් ඉහත ප්‍රයෝජන කිසිවක් ළඟා කරගත නොහැකියි. ඔබ සතුව රුද්‍රාක්‍ෂ බීජයක් (ඇටයක්) තිබේ නම් එය පුර පසළොස්වක දිනෙක උදෑසන පහසු වෙලාවක උතුරු දෙස බලා එළකිරි බඳුනක බහා පිරිසුදු කරගන්න ඉන් අනතුරුව එය පිරිසුදු ජලයෙන් සෝදා පිස දමාගෙන පීරිසියක තබා ඒ වටා වනමල් තබා ආසනයක තැන්පත් කර පහනක් දල්වා සුවඳ දුම් පතුරවා තෙරුවන් වැඳ ඊශ්වර දිව්‍ය රාජයාණන්ගේ මහා දේව දැහැනෙන් 108 වරක් ජීවම් බල පිහිටුවාගෙන දෙවියන්ට පින් දී ගෙල පැළඳීම, අතේ පැළඳීම මල් පහන් පුදා වතාවත් කිරීම ව්‍යාපාරික ස්ථානයේ සේප්පුවේ හෝ මුදල් ලාච්චුවේ තැන්පත් කර භාවිත කරන්න. ඔබ නොසිතූ බොහෝ යහපත් දේවල් ඔබේ ජීවිතය තුළ ඇති වේ.

රුද්‍රාක්‍ෂ බීජයේ ඇති ඉතාමත් ගැඹුරු වටිනාකම් ජන සමාජය තුළ ප්‍රචලිතව නැතිමුත් අප ඓතිහාසික කොළඹගම රාජමහා විහාර බිමේ ශ්‍රී මහා විෂ්ණු දිව්‍යරාජයාණන් වැඩ සිටින මණ්ඩපයේ “තිරුපති” දිව්‍ය ප්‍රතිමාව පාදමේ තැන්පත් කර ඇත්තේ ඉතා බලසම්පන්න රුද්‍රාක්‍ෂ බීජයයි නිතර පිරිත් දේශනා කර දිව්‍ය දැහැන් කියවා පරපුරෙන් පරපුරට කරන උතුම් තේවාවන් තුළ මෙය ඉතා බලවත් බව අපට ජීවිතයට දැනෙන දෙයකි! ඊශ්වර දිව්‍ය රාජයාණන්ට අයත් මේ රුද්‍රාක්‍ෂ‍ය මහාදේව ඊශ්වර දැහැනෙන් දැහැන් බල පිහිටුවා ඔබත් අපමණ ආශිර්වාද පතා ප්‍රයෝජනයට ගන්න.

 

 

රුද්‍රාක්‍ෂ බීජය ජීවම් කරන ශිව ෂඩාක්‍ෂර ස්තෝත්‍රය

 

1. ඕ කාරං බින්දු සංයුක්තං - නිත්‍යං ධ්‍යායන්ති යොගිනඞ

කාමදං මොක්ෂදං චෛව ඕ කාරාය නමෝ නමඞ

 

2. නමන්ති ඍෂයො දෙවා- නමන්‍යප්සරසාං ගණඞ

නරා නමන්ති දෙවෙශං නකාරාය නමො නමඞ

 

3. මහාදෙවං මහාත්මානං - මහාධ්‍යානං පරායණම්

මහා පා පහරං දෙවං - මකාරාය නමෝ නමඞ

 

4. ශිවං ශාන්තං ජගන්නාථං ලොකානුග්‍රහකාරකම්

ශිවමෙකපදං නිත්‍යං - ශිකාරාය නමෝ නමඞ

 

5. වාහනං වෘෂභ යස්‍ය වාසුකී කණ්ඨ භූෂණාම් වාමෙ

ශක්තිධරං දෙවං - ව කාරාය නමො නමඞ

 

6. යත්‍ර යත්‍ර ස්ථිතො දෙවඞ - සර්වව්‍යාපී මහෙශ්වරඞ

යො ගුරුඞ සර්ව දෙවානං ය කාරාය නමො නමඞ

 

වාරියපොළ කොළඹගම ශ්‍රී මියුගුණාරාම

රාජමහා විහාරාධිපති

නේපාලයේ ලුම්බිණි නුවර

නේපාල ශ්‍රී ලංකා මහා විහාරයේ

භාරකාර විහාරාධිපති

සම්මානිත ආචාර්ය පූජ්‍යපාද

ගල්ලැහැපිටියේ පේමරතන හිමි

(කොළඹගම පොඩි හාමුදුරුවෝ)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.