අගෝස්තු මාසය ඔබ උපන් ලග්නයට කෙසේද?

අගෝස්තු 2, 2024

මේෂ ලග්නය

පසුගිය කාලයේ තිබූ බාධක පීඩා පාලනය වන කාලයකි. නව අවස්ථා හිමිවේ. නව බලාපොරොත්තු ඇති වන සමාජ ගෞරවය හිමිවෙන මාසයකි. විවාහ සබඳතාවලට සුබයි. අවබෝධයෙන් කටයුතු කළ යුතු කාලයකි.

ආර්ථිකය-

සුබවාදී ආර්ථිකයක් ගොඩනැගෙන අතර ව්‍යාපාරික තත්ත්වයන් ආරම්භ කිරීමට යෝග්‍ය මාසයකි.

අධ්‍යාපනය හා සෞඛ්‍යය-

විදේශ අධ්‍යාපනයට යොමුවන්නන්ට සුබවාදී පරිසරයක් නිර්මාණය වන වකවානුවකි. ශරීරයේ උණුසුම සහ උෂ්ණගත රෝගවලින් පරිස්සම් වන්න. උෂ්ණාධික හා පිෂ්ඨ ආහාර ගැනීමේදී සැලකිලිමත් වන්න.

පිළියම්-

මානසික පීඩා අවම කිරීමට ආගම දහමට නැඹුරුව භාවනානුයෝගීව කටයුතු කරන්න.

සුබ දිනය- බදාදා සුබ වර්ණය- රෝස

සුබ අක්ෂර- ස,බ ජය අංක- 8,6

වෘෂභ ලග්නය

කුජගේ බලපෑමට යටත් වන විශේෂ මාසයකි. සටන්කාමීත්වය සහ නායකත්වය වර්ධනය වේ. බාහිර පාර්ශ්වයන් සමඟ ගැටීමවලට යාමෙන් වළකින්න. නීති කටයුතුවලදී බුද්ධිමත් තීරණ ගන්න. දරුඵල අපේක්ෂකයන්ට වාසනාවන්ත කාලසීමාවකි.

ආර්ථිකය-

ව්‍යාපාරවලදී නව සැලසුම් අවස්ථා නිර්මාණය වේ. ආර්ථික ලාභ ලැබෙන වාසනාවන්ත මාසයකි.

අධ්‍යාපනය හා සෞඛ්‍යය-උපාධි හා ප්‍රතිඵල අපේක්ෂකයන්ට බලාපොරොත්තු, ජයග්‍රහණ හිමිවේ. ලප, කැළැල්, තුවාල ඇතිවිය හැකි බැවින් වඩා සැලකිලිමත් වන්න.

පිළියම්-

දිනපතා ආගමික වතාවත්වල නිරත වීම යෝග්‍ය වේ.

සුබ දිනය- සෙනසුරාදා සුබ වර්ණය -රතු

සුබ අක්ෂර- ර,ක ජය අංකය- 6

මිථුන ලග්නය

සෙනසුරු වක්‍රය නිසා යම් පීඩා තත්ත්වයක් පෙනී ගියද බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් ජයග්‍රහණය කළ හැකි මාසයකි. අපේක්ෂිත අරමුණු ජයගත හැකි සමාජ වටපිටාවක් උදා වේ. පරිපාලන ක්ෂේත්‍රයේ නියුතු පුද්ගලයන් ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුය. බැඳීම්වලදී සැලකිලිමත් වන්න.

ආර්ථිකය-

සාර්ථක ආර්ථිකය තත්ත්වයක් ළඟා කර ගත හැකි මාසයකි.

අධ්‍යාපනය හා සෞඛ්‍යය-

සුබවාදී අධ්‍යාපනයකට වටපිටාව නිර්මාණය වේ. උරහිස, බාහු, කොන්ද ප්‍රදේශවල අසනීප තත්ත්ව මතු වේ. වේ ප්‍රෝටීන් බහුල ආහාර නිතර කෑමට එකතු කර ගන්න.

පිළියම්-

විෂ්ණු දෙවියන්ට නිල් පැහැති මාලයක් පලඳා, බෝධි වෘක්ෂයක් අබියස පහන් හතක් දැල්වීමෙන් බාධක මග හරවා ගත හැකිය.

සුබ දිනය - සෙනසුරාදා සුබ වර්ණය- නිල්

සුබ අක්ෂර- අ,ප ජය අංකය- 8

කටක ලග්නය

පවතින අෂ්ටම ඒරාෂ්ටක තත්ත්වය නිසා සුපරීක්ෂාකාරී වන්න. අනතුරු, පීඩා පවතී. ක්ෂණික අමතකවීම් සිදු වේ. ඉවසිලිමත්ව කටයුතු කරන්න. නීතියට පටහැනි කටයුතුවලට නොයන්න. රැකියා අවස්ථාවලදී ප්‍රවේශමෙන්කටයුතු කරන්න. ප්‍රේම සම්බන්ධතාවලදී ද සැලකිලිමත් වන්න.

 

ආර්ථිකය-

ලැබීම් සඳහා අගෝස්තු17 සිට අගෝස්තු25 දක්වා සුබදායී වේ.

අධ්‍යාපනය හා සෞඛ්‍යය-

ඉගෙනීමට හොඳ මානසික පසුබිමක් නිර්මාණය කර ගැනීම අත්‍යවශ්‍ය වේ. ආමාශ පද්ධතිය, ඇඟිලි, විලුඹ ප්‍රදේශයන් ගැන සැලකිලිමත් වන්න. වේ ප්‍රෝටීන් සහිත ආහාර ගැනීම වඩා වැදගත්ය.

පිළියම්-

දිනපතා ගණ දෙවියන් උදෙසා පැන් වීදුරුවක් පූජා කිරීම, ගණදෙවි පූජා ස්ථානයකට ගොස් රතු කහ මිශ්‍රිත මල් මාලයක් පූජා කිරීම, පහනක් දැල්වීම මැනවි.

සුබ දිනය- සඳුදා සුබ වර්ණය- කහ

සුබ අක්ෂර- ස,ර ජය අංක -6,5

සිංහ ලග්නය

කාර්යබහුලත්වයෙන් යුතු මාසයකි. වැඩ කටයුතු කළමනාකරණය කරගත යුතුය. අගෝස්තු 19ත් 29ත් අතරඅතිශයින් සුබවාදී දින කිහිපයකි. විවාහ ප්‍රමාද වූ අයට යෝජනා ගෙනෙන සමාජ සම්බන්ධතා ආරක්ෂා වන කාල සීමාවකි.

ආර්ථිකය-

අගෝස්තු 14ත් සැප්තැම්බර් මස 27ත් අතර ලැබීම් අතින් ඉතා යහපත්ය.

අධ්‍යාපනය හා සෞඛ්‍යය- ඉගෙනීම් කටයුතුවලට සුබවාදී පරිසරයක් නිර්මාණය වේ. ආමාශගත, දණහිස් ආශ්‍රිත කැක්කුම් සහ පීඩා වැඩිවේ.

පිළියම්-

සතා සිවුපාවන්ට නිර්මාංශ ආහාර ලබා දෙමින් ඊශ්වර දෙවියන්ට පූජා පවත්වන්න.

සුබ දින- ඉරිදා, සඳුදා සුබ වර්ණ-රතු

සුබ අක්ෂර- ද,ඩ ජය අංක 5,9

කන්‍යා ලග්නය

සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වන්න. මාසය මැද සිත් පීඩාවලට මුල පුරයි. නීත්‍යානුකූල කටයුතුවලදී ප්‍රවේශම් වන්න. ප්‍රේම සම්බන්ධවලදී ඉවසිලිවන්ත වන්න.

ආර්ථිකය-

මූල්‍ය ගනුදෙනුවලදී පරෙස්සමෙන් කටයුතු කළ යුතුය.

අධ්‍යාපනය හා සෞඛ්‍යය-

විදේශ අධ්‍යාපනයට යහපත් අවස්ථා නිර්මාණය වේ. සෙම් කිපීම්, වාතාශ්‍රිත රෝග පීඩා උත්සන්න වන මාසයකි. අධික සීතල, උෂ්ණ ආහාර ගැනීමෙන් වළකින්න.

පිළියම්-

බාධා අවම කිරීමට කුරුළු ජෝඩුවක් බෝධීන් වහන්සේනමක් අභියස නිදහස් කරන්න. වනවාසී භික්ෂූන් වහන්සේ නමකට පලතුරු, සිවුරු, පිරිකර පූජා කරන්න. සත්පත්තිනි දේවාලයට සලඹක් පූජා කිරීමෙන් විවාහ දෝෂ මග හැරේ.

සුබ දිනය- බදාදා සුබ වර්ණය- රෝස

සුබ අක්ෂ- ර,ග ජය අංක- 2,6

තුලා ලග්නය

නොසිතූ ලෙස විදේශ ගමන් සිහිනයක් සැබෑ වේ. දේශපාලන, පරිපාලන කේෂ්‍රෙතයේ නවකයන්ට ජයගත හැකි මාසයකි. හැරගිය ආදරය නැවත පැමිණේ.

ආර්ථිකය-

ව්‍යාපාර කටයුතුවලදී ලාභ ලැබේ.

අධ්‍යාපනය හා සෞඛ්‍යය-

දරුවන් සැහැල්ලු මනසකින් අධ්‍යාපන කටයුතුවල යෙදේ. ප්‍රමාද වූ ඉගෙනීම් සාර්ථක වේ. ශරීර සනීපය ඇතිවන සිරුරේ ආකර්ෂණය වැඩිවන යහපත් කාලයක්.

සුබ දිනය- සෙනසුරාදා සුබ වර්ණය - රතු

සුබ අක්ෂර- ෂ,බ ජය අංක- 5,7

වෘශ්චික ලග්නය

වේදනාබර තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවන, ඉක්මන් තීන්දු තීරණ නොගත යුතු කාලයකි. රැකියාවල නිරත අයට අනතුරු කාලයකි. දුර බැහැර ගමන් බිමන් යෙදෙ. ආදර සබඳතාවලට සුබයි.

ආර්ථික පසුබිම-

පවතින ආර්ථික කටයුතු රඳවා ගත යුතු කාලයකි.

අධ්‍යාපනය හා සෞඛ්‍යය- ඉගෙනීම් කටයුතුවලදී මතක ශක්තිය වර්ධනය කරගන්න.

සෞඛ්‍යය-

කොන්ද, පාද, බෙල්ල හා උරහිස් අතර කැක්කුම් හා රෝග මතු වන කාලයකි.

පිළියම්-

බාධා අවම කිරීමට කුරුලු ජෝඩුවක් නිදහස් කරන්න. ඔබ බෞද්ධ නම් සිවුරු පිරිකර පූජා කරන්න.

සුබ දිනය- බ්‍රහස්පතින්දා සුබ වර්ණය- රෝස

සුබ අක්ෂර- බ,ක ජය අංක- 3,5

ධනු ලග්නය

පැවතුණ බාධක ක්‍රමයෙන් අඩුවේ. විදේශ ගමන් සාර්ථක වන සතුට සැනසුම ගෙන දෙන කාලයකි. දුරස් වූ ආදර බැඳීම් නැවත පැමිණෙන, ගෞරවය ප්‍රශංසාව හිමිවන කාලයකි.

ආර්ථිකය-

ව්‍යාපාර කටයුතුවලට උසස් තත්ත්වයක් නිර්මාණය වේ.

අධ්‍යාපනය හා සෞඛ්‍යය-

ඉගෙනීම් කටයුතුවලට සුබයි. නව විෂයය ධාරාවන් ඉගෙනීමට යොමුවන්න. පැණිරස හා පිෂ්ඨ ආහාර ගැනීමේදී සැලකිලිමත් වන්න.

පිළියම්-

පීඩා අවම කිරීමට කිතුනු භක්තිකයකු නම් අන්තෝනි මුනිඳුන්ට රතු හෝ සුදු පැහැති මල් මාලයක් පූජා කරන්න. හින්දු භක්තිකයකු නම් විෂ්ණු දෙවියන්ට නිල් මල් මාලයක් පූජා කරන්න. සෙනසුරාදා ඉරිදා දිනයකදී යාචකයකුට ඇඳුමක් ලබාදෙන්න.

සුබ දිනය- සඳුදා සුබ වර්ණ- රෝස, කහ

ජය අංක- 4,7 සුබ අක්ෂර- බ,ග

මකර ලග්නය

සෙනසුරු වක්‍රයත් සමඟ මන්දගාමී බවක් ඇතිවේ. වැඩ කටයුතු අවබෝධයෙන් සැලසුම් කරගත යුතුය. ආදර සම්බන්ධතාවලදී ඉවසිල්මත් වෙන්න. දරුවන් අපේක්ෂා කළ අයට දරුඵල ලැබේ.

ආර්ථිකය-

නව ව්‍යාපාර අවස්ථාවලට යොමුවේ. පරිපාලන, භූමි සම්බන්ධ ආර්ථික කටයුතුවලට සුබවේ.

අධ්‍යාපනය හා සෞඛ්‍යය-

මඟ හැරුණු අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. හිසේ බර ගතිය, ශරීරයේ උෂ්ණ ස්වරූපයක් මතු විය හැකියි.

පිළියම්-

විෂ්ණු දෙවියන්ට නිල් මල් මාලයක් පූජා කරන්න. යාචකයන් තිදෙනෙකුට නිර්මාංශික දානයක් දෙන්න. සිල්වන්ත භික්ෂූන් වහන්සේ නමකට සිවුරු පූජා කරන්න.

සුබ දිනය- සෙනසුරාදා සුබ වර්ණය- නිල්

සුබ අක්ෂර -ප,ද ජය අංකය- 8

කුම්භ ලග්නය

උදාසීන බවක් නිර්මාණය වුවද සුන්දර අවස්ථා හිමිවේ. යහපත් අත්දැකීම් බහුල වේ. විදේශ රැකියා අවස්ථා ලැබේ. බාහිර සබඳතාවලදී බුද්ධිමත්ව වන්න. විවාහයට සුබ මාසයකි. යහළුවන්ට සමීප වේ. ගෞරවය හිමි වේ.

ආර්ථිකය -

නව ව්‍යාපාර ආරම්භ කළ හැකිය. ප්‍රමාද වූ ආර්ථික ලැබීම් ලැබෙන කාලයකි.

අධ්‍යාපනය හා සෞඛ්‍යය-

අධ්‍යාපනයට යොමු වූවන්නට යහපත් මාසයකි. ප්‍රමාද අධ්‍යාපන කටයුතු සඵල වේ. හිසේ කැක්කුම් මතුවේ. ප්‍රතිශක්තිකරණයට ඉවහල් වන ආහාර වර්ග දිනපතා එකතු කරගන්න. වැඩිපුර උණු ජලය පානය කරන්න.

පිළියම්-

වනවාසී භික්ෂූන් වහන්සේ නමකට සිවුරු පිරිකර පූජා කරන්න. විෂ්ණු දෙවියන්ට නිල් මල් මාලයක් පූජා කරන්න.

සුබ දිනය- සෙනසුරාදා සුබ වර්ණය- කහ

සුබ අක්ෂර-ප,ඉ ජය අංක- 6,8

මීන ලග්නය

බුද්ධිමත්ව අනාගතය සැලසුම් කළ යුතුයි. සෞඛ්‍යය කෙරෙහි සැලකිලිමත් වන්න. බැඳීම්වලට අවධානය දෙන්න. බාහිර පාර්ශ්වයන් සමග ගැටීම්වලට නොයන්න. ආදර බැඳීම් මුහුකුරා යන කාලයකි. දරුඵල ලැබෙන කාලසීමාවකි

ආර්ථිකය-

නව ව්‍යාපාර ආරම්භ කිරීමට අවස්ථාව සැලසේ. මුදල් ගනුදෙනුවලදී සැලකිලිමත්වන්න.

අධ්‍යාපනය හා සෞඛ්‍යය-

පෙරට වඩා අධ්‍යාපනයට අවැසි ඥානය ඉහළ යන කාල සීමාවකි. වරින් වර හිසේ බර ගතිය, කොන්ද කැක්කුම, දණහිස් පීඩා මතුවේ. ව්‍යායාම කිරීම, නිසි ආහාර ගැනීම වැදගත්.

පිළියම්-ගම්භාර දෙවියන්ට සුදු පැහැති මල් මාලයක් පූජා කරන්න. යාචකයන්ට නිර්මාංශ ආහාර වේලක් ලබා දෙන්න.

සුබ දිනය - බදාදා

සුබ වර්ණය- සුදු

සුබ අක්ෂර - බ,ර ජය අංක- 4,6

 

සම්පූර්ණ විස්තරය සඳහා සුබසෙත යූටියුබ් නාළිකාව නරඹන්න.

ඡ්‍යොතිෂවේදී

මියුරු සම්පත් ලියනගේ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.