සෞන්දර්යවාදී උත්‍රසල නැකැත් හිමියෝ

අගෝස්තු 2, 2024

 

බහු චිත්‍රො මහාකායො ධාර්මිකො විනයි සුඛී

උත්තරාෂ්ඨ සම්භූතඞ ශූරශ්ව විජයි රණෝ

උත්‍රසල නැකතින් උපත ලද්දේ නම් මහා පිරිපුන් අඟපසඟින්ද යහපත් සිහි කල්පනාවෙන් ද ස්ථානෝචිත ප්‍රඥාවෙන් ද සිත් බැඳ ගන්නාසුලු දේහයකින් ද යුක්ත වන්නේය. සමාජයේ මහා ප්‍රභූවරයකු මෙන් හැසිරේ. තවද නෑයින් මිත්‍රයින්ගෙන් අඩුවක් ද නැත්තේය.

ධාර්මිකව ද ජීවත් වෙයි. අන්‍යයන්ගේ ගෞරවාදරයට පාත්‍රවන අතර සමාජයේ කැපී පෙනේ. උත්සාහය නිසා ජය ගනී. දැඩි ආත්ම ශක්තියත් නොපසුබට උත්සාහයත්, ධෛර්යත් නොඅඩුව පිරී තිබේ. විශාල වැඩ කොටසක් නිම කරයි. ආගිය තැන ප්‍රධානත්වය දරයි. ශූර කථිකත්වයක්ද ඇත්තේය. ජය ලැබෙන තෙක්ම ඉදිරියට යයි. ජීවිතය හරිහැටි තේරුම් ගත් අයෙකි. නොවැරදීම සත්‍යගරුක වේ. අහංකාරකමක් ද නැත. වැරැදි කරනු අඩුය. මනා සිහිකල්පනාවෙන් වැඩ කරයි. මිත්‍ර ඇසුර පවත්වයි. තමාට නොගැළපෙන අය සෙමින් ඉවත් කරයි. කාන්තාවක් නම් හැඩරුව ඇත්තීය. අන්‍යයන් වශීකරන සුලු දේහයක් පිහිටයි. දෙඇස් නීල නුවන් සේය. තොල් නාදලු සේය. ග්‍රීවය සංඛයක් වන අතර උරහිස් පළල්ය.

රණහංස පියයුරුය. දෙපා, දෙ අත් ගිජිදකුගේ සොඬවැලක් සේය. නිසි කාන්තා රූ සිරියෙන් යුක්ත වේ. හොඳ සිහිකල්පනාවෙන් වැඩ කරයි. යන්ත්‍ර මන්ත්‍ර යාග හෝම ශාන්ති කර්මයන්ට දක්ෂ වේ. චිත්‍ර හා නාට්‍යකරණයටත් බෙලිසුල් වීණා වාදනයටත් දක්ෂ වේ. සෞන්දර්යවාදියෙකි. කෙලින්ම තම සතුරාට පහර නොදෙයි. ඔහුව තමා අවනත කර ගැනීමට වාග් ප්‍රහාරයක් කරනු ඇත. රාජ්‍ය සේවයේ ඉහළ තැනට පත්වේ. මහජන සේවයටත් දේශපාලනමය කටයුතුවලට අති දක්ෂයි. අභිමානයෙන් යුක්තයි. උත්තුංගදේහධාරියෙක් නිසා උඩරට ඇදුම ඇන්දවිටත් නිලමේ ඇඳුමටත් කැපී පෙනේ.

උත්‍රසල නැකත් හිමියාගේ චරිතය අන් අයට වඩා බොහෝ වෙනස්ය. උඩින් පල්ලෙන් නොසිතන කෙනෙකි. මහත් වූ අභිමානයෙන් ද යුක්ත වේ. උත්‍රසල නැකතින් මල්වර වූ දැරිය ඉතාම වාසනාවන්තයි. කුල ගෞරවය රකී. හොඳම චරිතයකි. අනුන්ට පිහිට වේ. නීති ගරුකයි. උසස් අය සමඟ නිති ඇසුරට වැටේ. ධනය සම්පත් ගලා එයි. විවාහය අතිසාර්ථක වේ. විවාහයේදී උත්‍රසල නැකැතට ගැළපෙන්නේ මෙවැනි නැකත් හිමි අයයි.

උත්‍රසලට රෙහෙණ, හත, සුවණ, අද , සා, සියාවස, පුෂ, අනුර, උත්‍රපුටුප, අස්විද, මා, මුල බෙරණ, පුවපල්, පුවසල නැකැත් හිමියන් මනාව ගැළපේ.

මුවසිරස, සිත, දෙනට, පුනාවස, විසා, පුවපුටුප, දෙට, රේවතී යන නැකැත් අසුබයි. උත්‍රසල නැකැතේ 1 පාදයේ නම් සුබයි. විවාහයට යහපත් වේ. 2 වැනි පාදයේ නම් සම්පත් ලැබේ. සුබයි. 3 වැනි පාදය තුළ නම් තරමක ප්‍රශ්නකරී වේ. නමුත් ආගම දහමට ළැදියි. 4 වැන්නේ නම් සෞන්දර්යවාදියෙක් වේ. චිත්‍ර, නාට්‍ය, සංගීත රූපලාවණ්‍ය වැනි අංශවලට ළැදියි.

නැකැත් සංහිතාවේ දැක්වෙන අයුරින් උත්‍රසල නැකත් හිමියන් මනා භාග්‍යවතුන් බව සඳහන්ව තිබේ. පෙම් සබඳතාවලදී තම පෙම්වතාට හෝ පෙම්වතියට බලකිරීම් නොමැත. සරල පේ‍්‍රමයකි.

ඕනෑවට වඩා දුරදිග යන තැනට වැඩ සිදු නොකර ගනී. උත්‍රසල නැකැත් හිමි කාන්තාව තම කුල ගෞරවය මනාව රැක ගනී. අයුතු ප්‍රයෝජන ගැනීමට තම් පෙම්වතාට ඉඩ නොදේ. තහංචි දමන්නේ ද නැත. හැසිරීම මනෝ විද්‍යාත්මකව පවත්වාගෙන යයි. උත්‍රසල පෙම්වතියන් තම ආත්ම ගෞරවය රැකගැනීම යත්න දරන්නීය. කුමන අයුරකින් වත් එය නොබිඳ ගනී.

සමහර නැකැත් හිමියන් තදබලම ආත්මාර්ථකාමීන් වුවද උත්‍රසල හිමියා එසේ නොවනු ඇත. ඉගෙනීම එයින් ප්‍රයෝජන ගැනීම පේ‍්‍රමය පෙම්කිරීම හා යුගදිවිය ගැන තමා අන්‍යයන්ට හොඳ තෝතැන්නක් වපසරියක් වේ.

තවද වාස්තු විද්‍යාවේ දැක්වෙන පරිදි උත්‍රසල නැකතින් නිවෙසක් ඉදිකළ විට ඉතාම සුබ වේ. වස්තුව ලැබේ. සම්පත් කාරකයි. පංච මහා සම්පත් නියම අයත් වේ.

උත්‍රසල නැකතින් කළු පැහැති ගවයෙකු (වෘෂභ) බ්‍රහස්පතින්දා දිනයක සවස ගොම්මන් වෙලේ අත්තිවාරම දැමු ගෙපොළේ ගාල්කර දින තුනක් රාත්‍රියට ලැගීමට සැලැස්වීමෙන් ගෙට සෞභාග්‍යය ලැබේ. යැයි වාස්තුවිද්‍යාවේ දක්නට ඇත.

ගවයාගේ ගොම ඇතිරූ බිමක නිදා ගැනීමට හැකිවේ. උගේ ගොම ඖෂධීය ගුණයෙන් යුක්තයි.

මේ අනුව බලන විට උත්‍රසල නැකත අන්‍ය නැකත් හරහා කැපී පෙනේ. ශ්‍රේෂ්ඨතම නැකතක් ද බැව් පැැහැදිලිය.

තවද උත්‍රසල නැකතින් උපන් බොහෝ දෙනෙක් සෞන්දර්යයවාදීන්ය. ලෝ පතළ අයද මේ අතර සිටී. උත්‍රසල නැකැත හිමි පුුරුෂයෙකු හෝ ස්ත්‍රියක යුගදිවියට පත්වීමෙන් සැප සම්පත් හිමි භාග්‍යවන්තයෙක් මෙන්ම භාග්‍යවන්තියක්ද වේ. එයට පාදකවන්නේ රෙහෙණ හා සුවන යන නැකත් තුනය. එය විශේෂ බැව් පර්යේෂණ හරහා ඔප්පු වී ඇත්තේය. උත්‍රසල නැකැත අහස් සිතියමේ වර්ණාලෝකය හරහා රෝස පැහැයෙන් යුක්ත වේ. ලග්නයටත් වඩා නැකැත් මුළු ජීවිතය පුරා මනස විනිවිදව ක්‍රියාත්මක වන එක්තරා ශක්ති කදම්භයක් ලෙස ඉපැරැණි ඍෂිවරුන් සොයාගෙන ඇත්තේය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.