ස්වර්ගයේත් අපායෙත් යතුර හිමි සෙනසුරුගෙන් ධනය ලැබෙන හැටි

ජූලි 26, 2024

 

‘ඡ්‍යොතිෂය’ ආකාශචාරි ග්‍රහ තාරකාවන්ගේ දෙවියන්ගේ රාජ්‍යයේ ධර්මතාවයේ ක්‍රියාකාරී බලවේගයකි. රටක පාලකයාටත් මහ මඟ සිඟා කන යාචකයාටත් ‘ඡ්‍යොතිෂය’ එකසේ බලපාන ධර්මතාවයකි.

රට පාලනය කරන රජුත් ඊට සහාය දෙන මැති ඇමැතිවරුණුත් මේ ධර්මයට යටත්ය. මනුෂ්‍යයකු වශයෙන් ඔබ උපත ලබන විට ඔබේ අල්ලේ මෙන්ම උපදින ස්ථානය මෙන්ම රේඛාවෙන්ද ඔබ ගැන ‘ඡ්‍යොතිෂ්‍ය’ සිද්ධාන්ත ලියැවෙන්නේය.

ඔබේ උත්පත්තියෙන් පසුව ඔබේ සිරුර ද හැඩ හුරුකම් ද, අංග ලක්ෂණයන් ද, රෝම කූපයන් ද මේ විද්‍යාවෙන් සඳහන් වේ. ඒවා පෙර භවයන්හිදී ඔබ කරන ලද කුසල් අකුසල් අනුව සඳහන් වන්නේය. ගඳ - සුවඳ මෙන්ම ඔබේ ශබ්දය ද ආලෝකය හෙවත් වර්ණවල කිරණ ද ගහ කොළ පරිසරයද ඔබේ උපතට බලපායි.

ඉරහඳ තාරකාවෝ දිනපතා පායති. මනුෂ්‍යයෝ ද සියලු සත්වයෝ ද මොහොතින් මොහොත ලෝකයේ උපදිති. මේ සියලු දෙනාම එකිනෙකාට වෙනස්ය. වැහි බින්දු දෙකක් කිසි කලක එකිනෙකට සම නොවේ. ඕනෑම ගසක කොළ දෙකක් එකිනෙකට තබා බලන්න. එක සමාන නොවේ. කිසිම පුද්ගලයෝ දෙදෙනෙකුද එක සමාන නොවෙති.

ලෝකයේ සෑම දෙයක්ම මෙසේය. ඒ ඒ පුද්ගලයාට පමණක් සීමා වූ ගති පැවතුම් දක්ෂකම් ඇතිව සෑම පුද්ගලයෙකුම උපදින්නේය.

මෙසේ උපදින සිය ගණන් ජනතාව අතර එක් අයකු ගෞරවය වීර්යය ඇතිව උපදී. දහස් ගණන් ජනතාව අතරින් එක් අයෙක් ජනතාවට ගමන්මඟ කියා දෙන්නා වූ පණ්ඩිතයකුව උපදී. ලක්ෂ ගණන් ජනතාව අතරින් එක් අයකු කීමෙහි බිණීමෙහි දක්ෂයෙක්ව දේශකයෙක්ව උපදී. ත්‍යාගීබවෙන් යුක්ත තවත් කෙනෙක් තවත් ලක්ෂ ගණනින් එක් අයකු ලෙස පහළ වන්නේය. සූර්යයාගේ චන්ද්‍රයාගේ ග්‍රහචාරය අනුව මෙසේ උපදින බව වේද සාහිත්‍යයේ එයි.

සිතන්නට මනසක් ඇති මිනිස් ජීවින් හා ස්ත්‍රී පුරුෂ ජීවින් ද සිතන්නට මනසක් නැති තිරිසන් ජීවින්ද මෙසේ ලොව උපදිති.

මෙය කර්ම විපාකයයි අපි කියන්නෙමු.

මගේ මේ ලිපියේ මූලධර්මය වන්නේ ඔබේ අල්ල තුළ කේන්ද්‍රය තුළ සැඟවුණ ධන උල්පත් කවරේදැයි හදුන්වා දීමය. සල්ලි නැතිව ඔබ සිටින අවදියක ඔබේ අල්ල තුළින් ධනරේඛා හෙවත් ධන උල්පත් මතු කර පෙන්වීමය. බොහෝ දෙනා ‘ධනය’ නැති වූ සෙනසුරා මේ කාලයේ ලබා ඇති බැවින් ධන නිධාන මේ කාලයේ නැතැයි සිතති.

එහෙත් ඔබේ අල්ල තුළ ධනය ලැබෙන්නේ සෙනසුරු කාලයේදීය. සෙනසුරා ඔබට අටලෝ දහම මතක් කර දෙන ග්‍රහයාය. රජා හිඟන්නා කරන්නේත් හිඟන්නාගේ වුවද අතපය කඩා දමන්නේත් සෙනසුරුය වැනි මත ඔබේ සිතින් බැහැර කළ යුතුය.

ස්වර්ග රාජ්‍යයේ හෝ අපායේ යතුර තිබෙන්නේ සෙනසුරු ළඟයැයි අපේ පැරණින්ගේ කියමනක් තිබේ. සෙනසුරුගේ අයෝමය බලය ඉන් ඉස්මතු වෙයි.

සෙනසුරු ග්‍රහයා ගැන ඔබ දන්න දේට වඩා නොදන්නා දේ එමටය. සෙනසුරු ග්‍රහයාගෙන් ධනය ලබාදෙන යෝග කිහිපයක් ගැන ඡ්‍යොතිෂයෙහි සඳහන් වේ. සෙනසුරු උච්ච වීමෙන් “ශශ” යෝගය උදාවේ. මේ අල්ල තුළ ශනි මණ්ඩලයේ මුදුන තාරකා සටහන පිහිටා ඇත. (ඕ) පූර්ව ආත්ම බලයයි. ජීවන රේඛා වෙත ගුරු ඇඟිල්ලේ මුල් පුරුකට ඇදෙන භූමි රේඛාව පිහිටා තිබේ. (ඒ - 3) දැක්වේ. ගම් බිම් රට රටවල ඉඩම් වාසනා හිමිය. සෙනසුරු මණ්ඩලය තුළ (මැදඟිල්ල මුල) ශශ යෝගය, ත්‍රිකෝණ සලකුණ කොඩිය වැටී ඇත. එය මහත් ධනයයි. මෙවැනි සලකුණකදී සෙනසුරු දශාවේ තුන්වැනි කාර්තුවේදී අහඹු ධනයක් ලබයි.

රවි මණ්ඩලයේ කුජ මණ්ඩලයෙන් වැටෙන රේඛාවෙහි (අංක 1) එය අහඹු ධනයක් ලබයි.

මේ අල්ල තුළ තවත් ශුභ ලකුණක් වේ. ඒ කුන්තායුධ ලකුණයි. ඒ කියන්නේ හෙල්ලක සලකුණයි. එය ‘රවි’ ‘ශනි’ ‘ගුරු’ ස්ථානවලට අනුරූප වේ. ධනය - බලය - ගෞරවය හිමි වෙයි. මෙය බලවත් අතක පිහිටන මහා ධනයක හිමි ලකුණකි. මකර ලග්නයෙන් උපන් ඔහු සෙනසුරු දශාවේදී මහා ව්‍යාපාරිකයෙක් විය. ඔහුගේ දබරඟිල්ල දිගය. ඔහු ව්‍යාපාර රැසක පාලකයා විය.

සිය උච්ච ස්වක්ෂේත්‍ර, භවනක් වන කේන්ද්‍ර ස්ථානයක සෙනසුරු ග්‍රහයා තැන්පත්ව කේන්ද්‍රයේ සිටීමෙන් උක්ත යෝගය උදාවෙයි.

මෙහි ප්‍රතිඵලය රජෙකු හෝ අමාත්‍යවරයකු වැනි වීමය. නො එසේ නම් අධිකාරිවරයෙකු වීමේ භාග්‍යය සහිතය. ක්‍රෝධ පිරි දෙනෙත්ය. උනන්දු සහගත ඔබ දයාබරය. ගමකට, නගරයකට ප්‍රධානී වන්නට ඉඩ ඇත. ත්‍යාගවන්තය. නිර්භයයි. දැසි දසුන් සඳහා භාග්‍ය ලබයි.

ශශ යෝගය තුළින් ඇතිවන ශනි ග්‍රහයාගේ ශක්තිය බලවත්කම හේතු කොට ගෙන බාධක කරදර විඳ දරාගෙන ඉදිරියට යාම ධන ශක්තිය උසස් පදවි සැප සම්පත් ලබයි.

ශශ යෝගයට අමතරව උච්ච ස්වක්ෂේත්‍රව තවත් යෝග රැසක් ඔබේ කේන්ද්‍රය තුළ මෙන්ම අල්ලේ දැකිය හැකිය. සෙනසුරු ග්‍රහයා තම උච්ච රාශිය වූ තුලාවේ සිටි විට සේනක යෝගය උදාවේ. ලග්න දොළහටම උදාකෙරෙන මේ යෝගය බලවත්ය. වස්තු ලැබීම, කීර්තිය, ගෞරව මෙහි ( අංක 02) දැක්වෙන්නේ අල්ල මුල සිට බුධ මණ්ඩලයට යන රේඛාව මහා ඥානකාරි රේඛාව ‘ඉන්ද්‍රවාපී‘ රේඛාවයි. අත්කරේ සිට යන ද්විත්ව ජීවන රේඛාව (අංක 3) දක්වා ඇත.

අංක 4 මාතෘ රේඛාව ජීවිතයේ මධ්‍යම වයසේ ඔහු ධනයෙන් ආරූඪ වන බව පෙන්වයි. විවිධ වැටීම් බාධවලින් ජය ලබා ඇත. කීර්තිමත් ධනවන්තයෙකි. ජය රේඛාව මැදඟිල්ලේ මුල පුරුක තුළ පිහිටා ඇත. (අංක 07) සූර්ය රේඛාව රවි මණ්ඩලයේ සිට චන්ද්‍ර මණ්ඩලයට වැටී ඇත. එය පරධන රේඛාවයි. අන්සතු ධනයකින් පොහොසත් වේ.

හස්ත රේඛා පර්යේෂණ විද්‍යාඥ

මාතලේ එච්.ඩබ්ලිව්. අභයපාල

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.