ඍෂි මත බිඳක්

අගෝස්තු 2, 2024

 

වෘක්ෂංක්ෂීණ ඵලං ත්‍යප්න්ති විභගඞ දග්ධං වනාන්තං මෘගාඞ

නිර්ගන්ධං කුසුමං ත්‍යප්නති භමරඞ ශුෂ්කං සරං සාරසාඞ

නිර්දාවං පුරුශං ත්‍යඡන්ති ගණිකා දුෂ්ඨං නාපං මන්ත්‍රිනඞ

සර්වේ කාර්යය වසාජ්ජුනානු පදිකඞ කඞ කසප කිං වල්ලභාඞ

 

මෙහි කියවෙන කරුණු අනුගමනය කර සිතට එකඟව කටයුතු කළහොත් එදිනෙදා මිනිස් ජීවිතයට කෙසේ වනු ඇතිද කියා සිතට ගන්න.

වෘක්ෂය ක්ෂිනථලං ත්‍යජ්න්ති විභගඞ

පක්ෂීහු ප්‍රයෝජනයක් (ඵල) නැති ගස් අතහැර යති.

දග්ධං වනාන්තං මෘගඞ

දැවී පිළිස්සීගිය වනාන්තර මෘගයෝ (සතුන්) හැරයති.

නිර්ගන්ධං කුසුමං ත්‍යජ්න්ති භමරං

සුවඳ (රොන්) නැති පුෂ්පයන් හෙවත් මල් බඹරු හැරයති.

ගුෂ්කං සරංසාති සාරසාඞ

හංසයන් දිය සිඳී ගිය විල් දියකඩිති හැරයති.

නිර්දාවං පුරුශං ත්‍යජ්න්ති ගණිකා

ගණිකාවෝ වස්තුව මිල මුදල් නැති පුරුෂයෝ හැර යති.

දුෂ්ඨං නාපං මන්ත්‍රිනං

මැති ඇමැතිවරු දුෂ්ඨ නරපතින් හෙවත් නායකයෝ හැර යති

සර්වේ කාර්යය වසාජ්ජනානු පදිකඞ කස්‍යකිං වල්ලභාඞ

ඉහත තොරතුරු එකිනෙකාගේ ප්‍රයෝජන සඳහා පවතින

දේවල් වෙති. ඒවා

සියල්ලම නිවැරැදිය. ප්‍රයෝජනවත් වන දැනුම් සංභාරයකි.

ආයුවෂ ශතං නෘණාං පරිමිතං රාත්‍රො තදර්ධං ගතං

තස්‍යාර්ධස්‍ය පරාත් පරාර්ධමපරෙ බාලත්ව වෘද්ධත්වයොඞ

ශෙෂං ව්‍යාධි වියෝග දුඞඛ මරණෙඞ සෙවාදීභීර් භීයතො

ජ්වෙත්වාරි තරංග චංචල පටුඞ සෞඛ්‍යං තුකඞ ප්‍රාණිනාම්

 

මිනිස් ජීවිතය පරමායුෂ සියයක් වේ නම් එයින් අර්ධ කාලයක් රාත්‍රියෙන් ගෙවී යයි. එයිනුත් කොටස් දෙකක් බාල මහලුවයසටද අයත් වෙයි. ඉදිරි කාලය තුළ රෝග පීඩා, වියෝග, මරණ වෙනත්, රාජ්‍ය කටයුතු සේවාදියට ගෙවී යයි. එසේ හෙයින් චංචලන රළ පතරක් වැනි සත්වයාගේ ජීවතයේ හි සැපතක් ඇත්තේ කොහෙද. මනුෂ්‍ය ජීවිතය කර්කෂයි. දුකයි උපද්‍රවද හිමිවෙයි. තේරුම් ඇතිව කාලය ගෙවිමද විඳදරා ගැනීමකි.

විද්‍යා නාම නරස්‍ය රූපමධිකං විද්‍යා ප්‍රගුප්තං ධනං

විද්‍යා භොගකරි යසස් සුඛරී විද්‍යා ගුරුණාං ගුරුඞ

විද්‍යා බන්ධු ජිනො විදෙශ ගමනො විද්‍යාපරං දෛවතඞ

විද්‍ය රාජ සුපුජිතා භූචි නරො විද්‍යා විහීනං පශුඞ

 

විද්‍යා නාම නරස්‍ය රූපමධිකා

විද්‍යාව නම් (රුවැති) මිනිසාට විශේෂ වූ රූපයකි.

විද්‍ය ප්‍රගුප්තං ධනං

විද්‍යාව නොනැසෙන (සුරක්ෂිත) ධනයකි

විද්‍යා භොගකාරී

විද්‍යාව බොහෝ වූ වස්තු උපදවයි.

විද්‍යා යශස් සුඛරී

විද්‍යාව කීර්තිය හා සැපය උදා කරවයි.

විද්‍යා ගුරූණං ගුරුඞ

විද්‍යාව ගුරුන්ගේද ගුරුවරයෙකි.

විද්‍යා බන්ධුජනො විදෙශගිමනෙ

විද්‍යාව විදේශ ගමන්වලදී මිනිසාට සමීප නෑයෙකි.

විද්‍යා පරං දෛවතං

විද්‍යාව උත්තම වූ දෙවි කෙනෙකි

විද්‍යා රාජ සුපූජිතා

විද්‍යාව රජුන්ගෙන් පුද සැළකිලි ලබන්නට සුදුස්සෙක් කරයි.

විද්‍යා විහිනඞ නරො පශුඞ සමානා

විද්‍යා ඥානයෙන් තොර මිනිසා තිරිසනෙකු හා සමාන වන්නේ ය.

විද්‍යාරවි වටිනාකම හා ප්‍රයෝජනවත් බව කරුණු ගණනාවකින් පෙන්වාදී ඇත. අද විද්‍යාව තුළින් මිනිසා සුරකින අතර විශ්ව ගත සියල්ලද ජය ගැනීමට ද අවශ්‍ය දෑ උදාවෙමින් පවතී. මේවා ප්‍රගුණ කරගෙන කටයුතු කිරීම අපගේ යුතුකමකි. වාසනාවකි.

ශාස්ත්‍ර කාව්‍ය විනෝදෙන කාලො ගච්ඡති ධීමතාම්

ව්‍යවනෙන ච චුඛාණද්‍රාං නිද්‍රයා කලභෙනවා

උගත් පුද්ගලයා තම උගත් දේ උපයෝගි කරගනිමින් විනෝදමත් ලෙස කල දවස ගෙවන්නේ ය. නූගත් අඥාන පුද්ගලයා නිදා ගැනීමෙන් ද දුටු අය සමඟ දබරකර ගැනීමෙන්ද නොයෙක් කරදර ඇතිකර ගැනීමෙන් කාලය ගෙවන්නේ ය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.