වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ඡ්යොතිෂ්ශාස්ත්රයේ අම්මා
ඕනෑම කෙනෙකුට ජීවිතයේ අමතක කරන්නට බැරි අය ඉන්නවා. අපි කොච්චර අමතක කරන්න හිතුවත් ඒක කරන්නම බැහැ. ලේ හා බැදුණ අය අමතක කරන්නෙ කොහොමද? මේ ඡ්‍යොතිෂයේ අම්මා සැපතට වඩා දුකක් බයක් ආ විට එතැන ඉන්නවාමයි. කෙනෙකුට විපතක්, බයක් ආ විගස නිරතුරුවම කතා කරනවා.
විශේෂයෙන් ඡ්‍යොතිෂයේ අම්මා ගැන ලියන්න හිතුනේ ජන්මියෙකුගේ කේන්දරයක කොච්චර වැදගත්කමක් කරනවද කියල වටහාදෙන්නයි. පාරම්පරික ඡ්‍යොතිර්වේදීන් මේ චන්ද්‍රයා ගැන හොඳට දන්නවා. ඒ අය මේ චන්ද්‍රයාට ගොඩක් තැන දුන්නට සමහර අය ඒක කරන්නෙ නැහැ. විශේෂයෙන් පරිගණකය පාවිච්චි කරන අය මේ ගැන සඳහන් කරන්නෙම නැහැ. ඡ්‍යොතිෂයේ අම්මට නම් වලින් ගොඩයි. සිසිර , තරිදු, සොම් ආදි කොච්චර නම් වලින් කතා කලත් හැම දෙනාටම එක විදියටයි සැලකීම.
හරියට රෝසමල වගේ. රෝස මලට කවුරු කොහොම කතාකලත් එකම සුවඳයි හමන්නේ. චන්ද්‍රයා තමයි ඡ්‍යොතිෂයේ අම්මා, ඉස්සෙල්ලම කියන්නම්කෝ. මේ චන්ද්‍රයා ඡ්‍යොතිෂයට මෙච්චර වැදගත් ඇයි කියලා. තව ගොඩක් වැදගත් කරුණු තිබෙනවා. එකින් එක කියන්නම් කෝ. ඕනෑම සතෙක්, මනුෂ්‍යයෙක් ජීවත් වන්නට සතුට ඕනෑ. මේ මම සඳහන් කරන සතුට – මුදලට – වතුපිටිවලට ආහාර වලින් ලබන්න බැහැ. එහෙනම් මොන සතුටක්ද? පළමු සතුට තමයි මානසික සතුට, පරම ධනය එයයි. සංතුෂ්ඨි පරමං ධනං අපේ බුදුහාමුදුරුවො බෝසත් කාලේ ඒ කිව්වේ සිද්ධාර්ථ කුමාරයා කාලේ මොනවද එතුමාට නොතිබුණේ. අතට පයට සේවකයෝ . රම්‍ය, සුරම්‍ය ,සුබ මාලිගා, චතුරංග සේනා, හී සැරෙන් දිවයන කන්ථක අශ්වයා කිිරිගරුඬ වලින් නෙලූ වගේ යසෝදරාව, කෝ එකකින්වත් සතුටු උනාද? ඕනෑම කෙනෙකුගේ මානසික සතුට නැත්නම් ඡ්‍යොතිෂයේ අම්මා එහෙමත් නැත්නම් චන්ද්‍රයා දුර්වල නම් විසා නැකතින් උපන් සිදුහත් කුමාරයාටත් එච්චරයි . ඔබටත් එපමණයි මටත් එහෙමයි.
පාරම්පරික ගුප්ත විද්‍යාධර ඡ්‍යොතිෂ විද්‍යා සහතික භාරත භාෂ්කර ශිරෝමනී සම්මාන මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න
මොරටුව
0722174553/0779870007
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>