2019 වසර උදාව රටට හා ඔබට

ජනවාරි 4, 2019

බොහොම ශාන්ත දාන්තව කටයුතු නොකළහොත් ආරවුල් ඇතිවේ. ධනු ලග්නය තේජෝ අධික රාශියකි. ලග්නාධිපති 12 සිටී. රාහු 8 සිටී. රට දියුණුවීම සඳහා රටේ බලධාරින් බරපතළ උත්සාහයක් දරයි. රටේ තැනින් තැන අරගල ඇතිවේ. ඒවා සන්සිඳුවීමට රාජ්‍ය නිලධාරින් කැපවේ.

රාජ්‍ය පාලකයන්, ඇතැමුන් නිෂ්ප්‍රයෝජන ලෙස කාලය ගතවේ. කෘෂිකර්මාන්තයට තැනක් ලැබේ. කාර්මික විද්‍යාත්මක කටයුතුවල දියුණුව සඳහා රාජ්‍ය නිළධාරින් උත්සාහවන්තව කටයුතු කරයි. අලුත් දේවල් බිහිවන වසරකි.

විද්‍යාත්මක දියුණුවක් ඇතිකිරීමට බලධාරින් උත්සාහ දරයි. විදෙස් රටවලින් ආධාර ලැබේ. කෘෂිකර්මයට ආධාර ලැබේ. කාර්මික, විද්‍යාත්මක කටයුතුවලට ආධාර ලැබේ. අප රටේ භූමි සම්පත් මතුවීමට පටන් ගනී. මැණික්, මිනිරන් ආදි ඛනිජ සම්පත් ලැබේ. කලාකරුවන්ට හොඳයි. (තුලාවේ සිකුරු බලවත්ව යෝගව 11 සිටී)

කලා නිර්මාණ අලුතින් බිහිවන අතර කලා උත්සව, කලාකාමීන්ට සම්මාන දීම් සිදුවේ. ලේඛකයින්ට හොඳයි.

හිටපු සුබසෙත කර්තෘ ප්‍රවීණ ඡ්‍යොතිෂඥ ජයතිලක අඹුවන්ගල

සාකච්ඡා කළේ නිශානි හේරත් බන්නැහැක

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>>

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.