අඳින ඇඳුමේ පාටින් හෙළිවන ඔබේ ජීවිතය

ජූලි 12, 2024

අපේ මූලික අවශ්‍යතාවයන් අතුරින් ඇඳුම් ද ප්‍රධාන ස්ථානයක් ගනී. ස්ත්‍රී, පුරුෂ භේදයකින් තොරව අපි එම ඇඳුම් තෝරා ගැනීමේදී ඇඳුමේ පාට පිළිබඳව සැලකිලිමත් වීම අප කාගේත් සිරිතයි.

කෙනෙකු සුදු ඇඳුම්වලට පි‍්‍රය කරන අතර තවත් අයෙකු වෙනත් පාටකට පි‍්‍රය කරයි. මේ අයුරින් විවිධ අය විවිධ පාටවලට පි‍්‍රය කරති.

එහෙත් මේ පාට පි‍්‍රය කරන්නේ ඔවුන් සතු සහජයෙන් පිහිටි ගතිගුණ හා චරිත ස්වභාවයන් අනුව බව ඔබ නොසිතන්නට ඇති. මේ පිළිබඳව ගවේෂණයෙහි යෙදෙන විද්‍යාඥයන් පවසන්නේ අප පි‍්‍රය කරන පාට අනුව අපේ ගතිගුණ හෙළිවෙන බවයි.

විශේෂයෙන් සුදුපාට ඇඳුම් අඳින අයවනුයේ දේශපාලනඥයත්, ආගමික නායකයන්, වෛද්‍යවරුන්, ගුරුවරුන්, උසස් රාජ්‍ය නිලධාරීන් හා හෙද, හෙදියන් ය. මෙවැන්නන් සමජයේ කැපී පෙනෙයි. බොහෝ විට මොවුහු බුද්ධිමත් තීක්ෂණ ඥානයෙන් යුතු ප්‍රසිද්ධ පුද්ගලයෝ වෙති. මෙවැනි අය කිසිම විටෙක කිසිම අයෙකුට යටත්වීමට කැමති නොවේ. ස්ථිර අධිෂ්ඨානයෙන් යුතුව කාර්යයන්හි යෙදෙන මොවුහු රාගාධික වුවත් තම බිරිඳ හෝ සැමියාට තම දෑස මෙන් ආදරය කරති. දැඩි අනුකම්පා සහගත පුද්ගලයන් වන අතර ඔවුන් කෝපවුවහොත් දැඩි විනාශකාරී වේ. ඉතා අඩුවෙන් මෙන්ම රහසින් මද්‍යසාර දුම්පානය කරන්නෝ ය. සාධාරණව හා නිත්‍යානුකූල ලෙස ධනය රැස්කරන සේ පෙනුණත් බොහෝවිට පොදු දේපළ වැරදි ලෙස පරිහරණය කරති.

රතුපාට ඇඳුම්වලට බොහෝ පි‍්‍රය කරනුයේ රාගාධික අය වෙති. ඔවුන් තුළ ලජ්ජාව හා බිය නැත. වැරදිවලට පහසුවෙන් පෙලඹේ. බොරුව හා වංචාවෙන් හැමවිටම කල් ගෙවයි. රස ආහාර හා මද්‍යසාර හා දුම්පානයට ගිජු වෙයි. නිරන්තරයෙන්ම යම් කාන්තාවක් රතු පැහැ ඇඳුම් ඇඳීමට පි‍්‍රය කරන්නේ නම් ඇය රාගික අදහස්වලින් පිරුණ සරාගි හැඟීම්වලින් අන් අයගේ සිත් වසඟ කර ගැනීමට සමත්වන්නියකි. නිතරම විනෝදයට හා සංගීතයට ඇලුම් කරන ඇය හිතුවක්කාර ගතිගුණවලින් යුක්තය.

කළුපාට ඇඳුම් පි‍්‍රය කරන්නන්ගේ ආරක්ෂාවද, සුදුපාට කළු යන පාට මිශ්‍රවූ ඇඳුම් අඳින අයගේ සහයෝගයද මිත්‍රත්වයද යම් තරමක් ලබා ගනී. ළා පාට ඇඳුම් අඳින පුද්ගලයන් කාරුණික වේ. මෙවැනි අය බොහෝ විට විවාහ කරගන්නේ සුදු පැහැති ඇඳුම්වලට පි‍්‍රය අය වේ. සුදුපාට වඩාත් පි‍්‍රය කරන මොවුන්ට රතුපාට අපි‍්‍රය වේ. බොහෝවිට මොවුන් මිය යන්නේ සුවකළ නොහැකි හෘදයාබාධ, පිළිකාව හා අධික රුධිර පීඩනය හේතුවෙනි. කළුපාට ඇඳුම් වඩාත්ම පි‍්‍රය කරන්නේ හොරුන්, මංකොල්ලකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, ස්ත්‍රී දූෂකයන් ආදී සමාජ විරෝධී ක්‍රියාවල යෙදෙන්නෝ ය. මොවුන් සමාජයේ අප්‍රසන්න ලෙස ප්‍රසිද්ධ වන අය වෙති. බුද්ධියෙන් හීන මොවුන් ඉක්මන් තීරණ ගන්නෝ ය. දැඩි කාමුකත්වයෙන් යුතුය. මත්පැන් හා දුම්පානයට ඇබ්බැහි වූවෝය. මස් මාංශ දැඩි ලෙස පි‍්‍රය කරන්නෝ ය. ධනය උපයන්නේ නීති විරෝධි අප්‍රසන්න ක්‍රියාවලිනි.

කළුපාට ඇඳුම් අඳින අය සුදු පැහැයට ගරු කරන අතර දුඹුරු පැහැයට බියක් දක්වති. ඒ නිසාම මොවුන් දුඹුරු පැහැ පොලිස් නිල ඇඳුමට බිය වෙති. මොවුන්ගේ ගත සිතද තම නිවසද ඉතාමත් අපිරිසුදුය. මොවුන්ගේ ජීවිතයේ අවසාන කාලයද දුක්බරය. මිය යන්නේ මානසික ආබාධ (ස්නායු) හෝ පුද්ගලයින්ගේ අවි ආයුධ වලිනි.

රෝසපාට ඇඳුම් බොහෝවිට පි‍්‍රය කරන්නේ කාන්තාවෝය. මොවුන් ඉතාමත් පි‍්‍රය පුද්ගලයන් වේ. ඉතාමත් අහිංසකය. ඊර්ෂ්‍යාව, වෛරය මොවුන්ගේ සිත් තුළ නොමැත.

රෝස පාට ඇඳුමෙන් නිතර සැරසෙන ඇය හෝ ඔහු නිර්ව්‍යාජ අහිංසක ප්‍රේමයකින් පසුවේ. රාගිකවූවත් වැරදි ක්‍රියාවලට නොපෙලඹේ. ඇසුරට ඉතාමත් විශ්වාසවන්ත වේ. ළා නිල් පාට අඳින අයට මොවුන් ඉතා පි‍්‍රය වේ.

කහපාට භික්ෂූන් වහන්සේලා, ඇතැම් පූජකවරු, කුඩා ළමයින්, කාන්තාවන් ආදී අය පි‍්‍රය කරති. මොවුන් ඉතාමත් දුෂ්කර ජීවිතයක් ගත කරන අය වෙති. ඇසුරු කරන කාටත් පි‍්‍රය ඔවුන් කතාවට දක්ෂවෙති.

හැමවිටම සිත කලකිරුණ ස්වභාවයක් පෙන්නුම් කරයි. ලද දෙයින් සෑහීමකට පත්වන මෙවැනි අය තම සැමියාට හෝ බිරිඳට බොහෝ සේ කරුණාව, දයාව දක්වයි. ලෞකික ජීවිතයට වඩා ලෝකෝත්තර සුවය අගය කරයි.

කොළපාට ඇඳුම්වලට පි‍්‍රය කරන අය අවංක සෘජු ප්‍රතිපත්ති දරන අය වෙති. අචල අදහස් දරන නොබියව කතා කරන නැණැවත්ව ක්‍රියා කරන වාසනාවන්තයෝ ය. දිවි හිමියෙන් අකටයුතුකම් නොකරයි. යුක්තිය සාධාරණත්වය අගය කරයි.

කළුපාට සුදුපාට මිශ්‍රව ඇති ඇඳුම් ඇඳීමට පි‍්‍රය කරන අය බොහෝවිට උගත් වේ. බුද්ධිමත්ය. සමාජයේ ජනපි‍්‍රය පුද්ගලයන් වේ. පුහුමානයෙන් යුතු අය වෙති. සැපවත් ලෙස දිවි ගෙවන බව සමාජයට පෙන්නුම් කළද ඔවුන්ගේ ජීවිතය කටුකය. ආගමට ඉතාමත් ළැදිවෙති. නිතර අන් අයව විවේචනය කිරීම ඔවුන්ගේ සිරිතය.

ධනය උපයා ගනුයේ ද දැඩි අපහසුතාවයකිනි. දැඩි ලෙස අන් අයගේ ගෞරවය බලාපොරොත්තුවේ. ගෞරවය නොදක්වා හෙලා දකින්නන්ට ඔවුන් නාගයින් සේ වෛර කරති.

දම්පාට ඇඳුම්වලට පි‍්‍රය කරන අය බොහෝවිට කලාවට පි‍්‍රය කරති. නිදහස් නිවහල්ව සන්සුන්ව කෙළි දෙළින් ජීවත්වීමට පි‍්‍රය කරති. ක්‍රමවත්ව ගේ දොර සකසා ගැනීමට වැඩි උනන්දුවක් දක්වති. නිල්පාටට පි‍්‍රය කරන අය ඉතාමත් දූරදර්ශි නුවණින් ක්‍රියා කරන අය වෙති.

අනාගත බලාපොරොත්තු හා අසීමිත ආශාවන්ගෙන් පිරි එවැන්නන් සතුටින් හා විනෝදයෙන් දිවි ගෙවීමට සමත් වෙති. සියලුම ළා පාට ඇඳුම් පි‍්‍රය කරන අයගේ සිත් චංචලය. අහිංසකය. දෙමාපියන්ට, භාර්යාවට, දරුවන්ට ඉතාමත් ආදරය කරති.

අඳුරුපාට ඇඳුම් ඇඳීමට පි‍්‍රය අය ආරක්ෂක අංශ, කම්කරුවන් හා ව්‍යාපාරිකයන් වේ.

මොවුන් තරමකට උගතුන් වන අතර ගාම්භීර පෙනුමකින් යුක්ත වූවෝ වෙති. අනුන්ගේ දුකේ දී කිඹුල් කඳුළු හෙළන මොවුන් තුළ සැබෑ අනුකම්පාවක් නොමැත.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.