සතියේ පඤ්චාංගය

ජනවාරි 26, 2024

 

ශකවර්ෂ 1945ක් වූ මකර රවි 12 භාග දුරුතු අව පෑලවිය ලත් කිවිදින සිට එම රවි 18 භාග දුරුතු අව සැටවක ලත් ගුරු දින දක්වායි.

ග්‍රහයෝ සහ රාශි

 

රවි – මකර

කුජ – ධනු

බුධ – ධනු

ගුරු - මේෂ

ශුක්‍ර – ධනු

ශනි – කුම්භ

රාහු – මීන

කේතු – කන්‍යා

යුරේනස් – මේෂ (නිවෘත)

නැප්චූන් – මීන

 

 

ග්‍රහයෝ සහ නැකැත්

රවි – සුවණ

කුජ – පුවසල (පෙබ.01දා දවල් 12.53ට උත්‍රසල)

බුධ – පුවසල (ජන. 30දා උදේ 8.00 උත්‍රසල)

ගුරු –අස්විද

ශුක්‍ර – මුල ( 29දා සවස 04.48 පුවසල)

ශනි – සියාවස

රාහු – රේවතී

කේතු – සිත

යුරේනස් – බෙරණ ( නිවෘත)

නැප්චූන් – පුවපුටුප

පෝය

මෙම සතිය තුළ පෝය යෙදී නැත

චන්ද්‍ර චාරය

27දා දවල් 01.04 සිංහ

30දා අලුයම 01.46 කන්‍යා

පෙබ. 01දා දවල් 02.30 තුලා

දිනූ තත්ත්ූවය

ජනවාරි 26 සිකුරාදා

මකර රවි 12 භාග දුරුතු අව පෑලවිය තිථිය ලත් කිවි දින, ඉර උදාව 06.29 ඉර බැසීම 06.17 පුෂ නැකත දහවල් 10.31න් ගෙවී අස්ලිස නැකත ලබයි. දුරුතු අව පෑලවිය තිථිය දවස පුරාම පවතී. පී‍්‍රති යෝගය උදේ 07.43න් ගෙවී ආයුෂ්මත් යෝගය ලබයි. බාලව කරණය දහවල් 12.22න් ගෙවී කෞලව කරණය උදාවෙයි.

විෂ කලාව – ගෙල

අමෘත කලාව – හිස

මරු – ගිනිකොන

යෝගිනි – නැඟෙනහිර

සුබ දිසාව – උතුර

 

ජනවාරි 27 සෙනසුරාදා

මකර රවි 13 භාග දුරුතු අව දියවක තිථිය ලත් ශනි දින ඉර උදාව 06.29 ඉර බැසීම 06.17 අස්ලිස නැකත දහවල් 01.04න් ගෙවී මා නැකත ලබයි. දුරුතු අව පෑලවිය තිථිය අලුයම 01.23න් ගෙවී අව දියවක තිථිය ලබා පවතී. ආයුෂ්මත් යෝගය උදේ 08.10න් ගෙවී සෞභාග්‍ය යෝගය ලබයි. කෞලව කරණය අලුයම 01.23න් ගෙවී තෛතිල කරණය ලබා එය දහවල් 02.29න් ගෙවී ගරජ කරණය උදාවෙයි.

විෂ කලාව – තනය

අමෘත කලාව – නළල

මරු – නැඟෙනහිර

යෝගිනී – උතුර

සුබ දිසාව – දකුණ

 

ජනවාරි 28 ඉරිදා

මකර රවි 14 භාග දුරුතු අව තියවක තිථිය ලත් රවි දින. ඉර උදාව 06.29 ඉර බැසීම 06.18 මා නැකත සවස 03.55න් ගෙවී පුවපල් නැකත ලබයි. දුරුතු අව දියවක තිථිය අලුයම 03.39න් ගෙවී අව තියවක තිථිය ලබා පවතී. සෞභාග්‍ය යෝගය උදේ 08.51න් ගෙවී ශෝභන යෝගය ලබයි. ගරජ කරණය අලුයම 03.39න් ගෙවී වණිජ කරණය ලබා එය සවස 04.55න් ගෙවී විෂ්ටි කරණය උදාවෙයි.

විෂ කලාව – ළැම

අමෘත කලාව – බැම

මරු – උතුර

යෝගිනී – ගිනිකොන

සුබ දිසාව – නැඟෙනහිර

 

ජනවාරි 29 සඳුදා

මකර රවි 15 භාග දුරුතු අව ජලවක තිථිය ලත් සඳු දින ඉර උදාව 06.29 ඉර බැසීම 06.18 පුවපල් නැකත සවස 06.59න් ගෙවී උත්‍රපල් නැකත ලබයි. දුරුතු අව තියවක තිථිය උදේ 06.12න් ගෙවී අව ජලවක තිථිය ලබා පවතී. ශෝභන යෝගය උදේ 09.44න් ගෙවී අතිගණ්ඩ යෝගය ලබයි. විෂ්ටිකරණය උදේ 06.12න් ගෙවී බව කරණය ලබා එය රාත්‍රි 07.34න් ගෙවී බාලවකරණය උදාව පවතී.

විෂ කලාව – පෙකණිය

අමෘත කලාව – කන

මරු – වයඹ

යෝගිනී – නිරිත

සුබ දිසාව – නැඟෙනහිර

 

ජනවාරි 30 අඟහරුවාදා

මකර රවි 16 භාග දුරුතු අව ජලවක හා විසේනිය තිථිය ලත් කුජ දින ඉර උදාව 06.29 ඉර බැසීම 06.18 උත්‍රපල් නැකත රාත්‍රි 10.07න් ගෙවී හත නැකත ලබයි. දුරුතු අව ජලවක තිථිය උදේ 08.56න් ගෙවී අව විසේනිය තිථිය ලබයි. අතිගණ්ඩ යෝගය දහවල් 10.43න් ගෙවී සුකර්ම යෝගය ලබයි. බාලව කරණය උදේ 08.56න් ගෙවී කෞලව කරණය ලබා එය රාත්‍රි 10.17න් ගෙවී තෛතිලකරණය ලබා පවතී.

විෂ කලාව – පෙකණිය /ලිංග, යෝනි

අමෘත කලාව – කන / ඇස

මරු – බටහිර

යෝගිනී – නිරිත / දකුණ

සුබ දිසාව – නැඟෙනහිර

ජනවාරි 31 බදාදා

මකර රවි 17 භාග දුරුතු අව විසේනිය තිථිය ලත් බුධ දින ඉර උදාව 06.29 ඉර බැසීම 06.19 හත නැකත දවස පුරාම යෙදී පවතී. දුරුතු අව විසේනිය තිථිය දහවල් 11.36න් ගෙවී සැටවක තිථිය ලබයි. සුකර්ම යෝගය දහවල් 11.40න් ගෙවී ධෘති යෝගය ලබයි. තෛතිල කරණය දහවල් 11.36න් ගෙවී ගරජ කරණය ලබා පවතී.

විෂ කලාව – ලිංග, යෝනි

අමෘත කලාව – ඇස

මරු – නිරිත

යෝගිනී– දකුණ

සුබ දිසාව – නැඟෙනහිර

 

පෙබරවාරි 01 බ්‍රහස්පතින්දා

මකර රවි 18 භාග දුරුතු අව සැටවක තිථිය ලත් ගුරු දින ඉර උදාව 06.29 ඉර බැසීම 06.19 හත නැකත අලුයම 01.08න් ගෙවී සිත නැකත ලබයි. දුරුතු අව සැටවක තිථිය දහවල් 02.02න් ගෙවි අව සතවක තිථිය ලබා පවතී. ධෘති යෝගය දහවල් 12.27න් ගෙවී ශුල යෝගය ලබයි. ගරජ කරණය අලුයම 12.53න් ගෙවී වණිජ කරණය ලබා එය දහවල් 02.02න් ගෙවී විෂ්ටිකරණය උදාවී පවතී.

විෂ කලාව – දණහිස

අමෘත කලාව – නාසය

මරු – දකුණ

යෝගිනී – බටහිර

සුබ දිසාව – නැඟෙනහිර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.