ගුරු සිකුරු පරිවර්තන යෝගයෙන් ගායකයකු වූ නිහාල් නෙල්සන්

ජනවාරි 19, 2024

නිහාල් නෙල්සන් කියන්නේ දශක පහකට ආසන්න කාලයක් ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි ගායකයා බවට පත් වූ ගායකයකු වූ බව රසිකයින් අවිවාදයෙන් පිළිගනී. ඔහු නැතිවූ පාඩුව ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට කිව නොහැකි තරම්ය.

ශ්‍රී ලංකාවේ කැසට් පට වැඩිම ගාණකට ගී ගැයූ එකම ගායකයා ද නිහාල් නෙල්සන් වන අතර, විදේශීය සංගීත ප්‍රසංග වැඩිම වාර ගණනකට සහභාගි වූ එකම ගායකයාද ඔහු විය. ඉතාම කාරුණික හදවතක් ඔහු තුළ ගැබ්වී තිබුණ අතර, රසිකයන්ට ඉතාම ගරු කළ හා ආදරය කළ පුද්ගලයකු වූ බව ඔහුව ආශ්‍රය කළ ඕනෑම අයෙකුට අවබෝධ වන්නට ඇත. කෙසේ වෙතත් මෙවැනි සුවිශේෂ ගායකයකු වීමට හේතු වන ඡ්‍යොතිෂ කරුණු මොනවාද කියා ඔහුගේ ජන්ම පත්‍රය තුළින් විමසා බලමු.

ඔහු ඉපදී තිබුණේ 1946.01.09 වෙනි දින අලුයම 1.52 ට බව ඔහු විසින් මා හට කියා තිබුණි. ඒ අනුව ඔහුගේ ජන්ම ලග්නය වී ඇත්තේ සිකුරු හිමි තුලා ලග්නයයි. නවාංශකය වී ඇත්තේ කුජ හිමි මේෂ නවාංශකයයි.

නිහාල් නෙල්සන් ගායකයකු පමණක් නොව තනු නිර්මාණය කිරීමටත්, ගීත ලිවීමටත් දක්ෂතාව ඇත්තකු විය. එවැනි හැකියාවන් සමුදායක් ඔහු තුළ ගැබ් වී තිබීමට බලපාන ඡ්‍යොතිෂ සිද්ධාන්ත විමසමු. එසේ වීමට බලපාන මූලික කරුණුූ මොනවාද ජන්මපත්‍රයක තුන්වැන්නෙන් කියැවෙන සහජ හැකියාවන් දක්ෂතාවන් ලේඛන කටයුතු කල්පනා ශක්තිය, ශ්‍රවණ බලය, ධෛර්යය, වික්‍රමය, වැනි කටයුතුය. මෙහිදී සකල කලාවට සංගීතයට බලපාන ලග්නාධිපති සිකුරු (3) තුන්වැන්නේය. (3) තුන්වැන්නාධිපති ගුරු ලග්නයේය. මෙයින් කියැවෙන්නේ ලග්නාධිපති හා තුන්වැන්නාධිපති අතර බලවත් පරිවර්තන යෝගයකි.

මීට අමතරව රවි, බුධ, කේතු ද තුන්වැන්නේය. මේ ග්‍රහයින් හතර දෙනාම තුන්වන භාවය තුළ සිටී. තුලා ලග්නයට බාධක ග්‍රහයා රවිය. රවිගේ අංශක ගණන අනුව ආලෝක ග්‍රහයා වීමෙන් රවිගෙන් ඔහුට අශුභඵල උදා වී නැත. ඔහුගේ මුල්ම ගීතය ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූයේ 1963.3.31 වෙනි දින පෙ.ව. 11.20 ට පමණය. ඒ වන විට ඔහුට අවුරුදු 17 ක් පමණ විය. ඉතා අඩු වයසින් සංගීත ක්ෂේත්‍රයට පිවිසි ඔහුගේ ගීත අතර කරුණා සුවඳ තවරාලූ, මුනිසිරිපා වඳින්න යනවා, කිරිදුන්නේ දරුවන්ටයි, පන්සල, පල්ලිය, කෝවිල වගේම ලස්සනට පිපුණ වන මල්, වැනි ගීත රසිකයින් අතර වඩාත් ජනපි‍්‍රය විය. කලින් නම් කළ පරිවර්තන යෝගයට අනුව තුන්වැන්න ඉතා බලවත් බැවින් ඔහුගේ කලා කටයුතු හා සෑම කටයුත්තක්ම ඉතා සාර්ථක වීමට හේතු වූයේ තුන්වැන්න බලවත් වීම නිසයි.

මෙම ජන්ම පත්‍රයෙහි සටහන් වූ අනිකුත් යෝග සලකා බලමු.

මොහුගේ නවාංශක කේන්ද්‍රය බලන්න. එහි ග්‍රහයින් තිදෙනකු වර්ගෝත්තම වේ. ඔහුගේ 7 වැන්නාධිපති කුජ නවාංශක කේන්ද්‍රයේද සිටින්නේ කටක රාශියේය. මේ නිසා කුජ නීචය භංග වේ. හත්වැන්නාධිපති කුජ වර්ගෝත්තම වීම නිසා විවාහය සාර්ථක වීමට හේතු විය.

තුලා ලග්නයට යෝග කාරක ග්‍රහයා වන්නේ ශනිය. ශනි ද නවාංශකයේ මිථුන රාශියේය. ශනි – රාහු (9) වැන්නේ මිත්‍ර රාශිගත වීම නිසා සංගීත ප්‍රසංග සඳහා වැඩි වාර ගණනක් විදේශ සංචාරයන්හි යෙදීමටත් විදේශයන්හි පවා ඔහු ප්‍රසිද්ධියට පත්වීමට හේතුවිය. සෙනසුරු පස් වැන්නාධිපති නිසා තම කුලය වංශය බබළවන උතුම් දරුවකු ඔහුට ලැබුණි. තවද ගුරු ග්‍රහයාද නවාංශකයේ සිටින්නේ තුලා රාශියේය. මේ නිසා ගුරු, ග්‍රහයාද වර්ගෝත්තම වේ. මේ ගුරු ශනි, කුජ යන ග්‍රහයින් තිදෙනාම වර්ගෝත්තම නිසාත් ගුරු හා සිකුරු අතර පරිවර්තනය වීම නිසාත් ඔහු සංගීතඥයකු හැටියට එතෙරත් මෙතෙරත් දිගු කාලයක් අතිශයින්ම ජනපි‍්‍රය වීමට හේතු වූ කරුණු වශයෙන් ඡ්‍යොතිෂ සිද්ධාන්තවලට අනුව පෙන්වා දිය හැකිය. 2023/12/12 වෙනි දිනට මෙම කලාකරුවා මියයන විට ඔහු සෙනසුරුගෙන් යෙදෙන කණ්ඨක ඒරාෂ්ටකයෙන් උපන් නැකතේ සිට 7වන දශාවක් ගත කළ බැවින් ඔහුගේ මරණය සිදු වීමට හේතු සාධක වූ කරුණුය.

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.