නිවැරදිව තබන බුදුපහනේ අසීමිත බලය

ජනවාරි 12, 2024

 

උදේ සවස මේ බුදු පහනේ ආලෝකයෙන් ඔබගේ නිවෙස එළිය වෙන්නට ඇති.

එහෙත් සමහර අය බුදු පහත තබන ගමන් එහි ගුණයක් නොමැති බව හා නිතරම කරදරමයි. කියන වාර අනන්තවත් ඇති

එහි වරද ඔබගේම ය.

පවුලේ සතුට, සමඟිය, දියුණුව දරුවන්ගේ ඉගෙනීමේ හැකියාව ඇතිකර මාරක බාධක අනතුරු දුරු කරගෙන යහපත් ජීවිත ගත කිරීමට එයින් හැකි වේවි. දරුණු නව ග්‍රහ අපල, ඒරාෂ්ඨක අපලවලින් පවා ඔබව ගලවා ගන්නේ බුදු පහනේ ආලෝකයයි. එයින් සතුටට පත්වන විශ්වයේ බලයයි. සම්‍යක් දෘෂ්ඨික දේව සමූහයයි. බුදුගුණ බලය අනන්තයි. අප්‍රමාණයි.

නිවැරදිව සෙත් ලැබෙන අයුරින් බුදු පහන මෙසේ අලුත් කරගන්න.

ඔබ තබන පහන පිරිසුදු විය යුතුයි. මාළු හෝ මස් වැනි දේ හෝ වෙනත් පිළී වර්ගයක් අත ගා බුදු පහන අල්ලන්නට එපා.

හිත පිරිසිදු කරගන්න. ඔබ දුප්පත් වුවත් පෝසත් වුවත් එයින් ප්‍රශ්නයක් නැත.

මුහුණ ඇඟ පිරිසුදු වගේම හිත ද පිරිසුදු කර ගන්න.

බුද්ධ පූජාව තබනවා නම් එම භාජන වෙනම තබන්න. පිරිසුදුව තබා ගන්න වෙන් කරන ලද බන්දේසියක හෝ ලොකු පීරිසි භාජනයක පැන් පෙරා තබා ගන්න. සුදු කහ මල් තබන්න.

බුද්ධ පූජාවට වෙන් කළ යමක් තිබේ නම් බත් - පාන් හෝ ඉදි ආප්ප ආදී කෑම වර්ගයක් තමාට හැකි අයුරු තබා ගන්න. බුදු පහනට පිරිසුදුම තෙල් දමා ගන්න.

මේ පහන තව භාජනයක් මත තබා ගන්න. එහි විශේෂ බව මේ ලිපිය කියවා අවසානයේ ඔබට අවබෝධ වනු ඇත.

බුද්ධ පූජාව තබන විට කිසිම විට කෑම පමණක් තබන්නට එපා. පලතුරක් අතුරු පසට යමක් තබා ගන්න. මෙය අමාරු දෙයක් නොවේ.

ඔබගේ ගෙදරට ගෙනෙන දෙයින් පළමුව වෙන්කර ගන්න. ඔබට මේ ගැන මෙතෙක් සිතුණේ නැහැ නේද?

ගෙදරට ගේන කෙසෙල් ඇවරියෙන් ගෙඩි 2 ක් වෙන් කර ගන්න. මී කිරි හෝ අයිස් ක්‍රීම් කෑමට පෙර වෙන් කරන ලද පොඩි වීදුරු හෝ කප් එකකට දමා ගන්න. ඔබ සතුටින් මෙය කරන්න.

මොකට තබනවාද, විසි කරනවානේ, අපරාදේ කියා සිතන්න එපා. මේ මුළු ලොවම සනසාලු උතුම් ගෞතම බුදුරජාණන් වහන්සේට මේ අතුරු පස වෙන් කරන බව සිතන්න.

නිවෙසට ගෙනෙන පැණි රස කැවිලි තල කැරලි හෝ වෙනත් කැවිලි වර්ගයක් නම් පොඩි කොටසක් හිතේ සතුටින් වෙනම භාජනයක අයින් කර තබන්න. දැන් බලන්න බුද්ධ පූජාවට අතුරු පස වෙන් වූ හැටි. අමතර වියදමක් ගියේ නැහැ. මේ සුළු දේ මහා විශාල පුණ්‍ය කර්මයක් බව සිතුනේ නැහැ නේද?

ඉතාම වටිනා දේ දැන් ඉගෙන ගන්න. ඔබ ගෙදර ස්වාමියා නම් බිරිඳට දරුවන්ට සලකන්න. නොපමාව යුතුකම් ඉටු කරන්න. දුරාචාරේ හෝ සූදුවට සුරාවට ඇබ්බැහි වී නම් එය නවතා දමන්න. තමාගේ වයසක අම්මාට තාත්තාට ආච්චිට හෝ සීයාට සල කන්න බේත් හේත් ටික ලබා දෙන්න. තමාට හැකි අයුරු කරන්න. බිරිදක් නම් තමා ස්වාමියාට කීකරු වන්න. ස්වාමියා කරන කියන යහපත් හරිදේට සහය දෙන්න, පති භක්තිය ඇති කර ගන්න, පතිවත රකින්න. මේ විශ්වයේ එකම එක විශේෂ බලයක් පවතිනවා. එනම් සත්‍ය බලයයි.

විශ්වයේ කොමපමණ බලයක් තිබෙනවාද ඒ බල වලට සමාන කළ හැකි විශේෂ බලය පරම සත්‍යයේ බලයයි.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේද බුද්ධත්වය ලබන්නට පෙර අධිෂ්ඨානයක් කලහ. එය අධිෂ්ඨනයක් වුවත් අධිෂ්ඨාන කරන්නට නම් තමා තුළ සත්‍ය තිබෙන්නට අවශ්‍ය වෙයි. බුද්ධත්වය ලබන්නට පෙර දන් වැලඳු පාත්‍රය උඩුගම් බලා යේවායි අධිෂ්ඨාන කළසේක. අපට ද ප්‍රාර්ථනා අධිෂ්ඨාන අනන්තවත් තිබේ. නමුත් විශ්වයේ බලය ලබන්නට නම් අපට සත්‍යයේ බලය අවශ්‍යම වෙයි.

මේ ලෙස පත්තිනි දේවියත් තම ස්වාමියා වෙනුවෙන් සත්‍ය ක්‍රියා කළාය. ඒ තම පති භක්තියේ සත්‍ය බව ඔප්පු කරමිනි.

බුදු පහන තබන විට පළමුව පන්සිල් ගෙන ඉතිපිසෝ ගාථාව 7 වරක් කියන්න.

සබ්බ පාපස්ස ගාථාව 7 වරක් කියන්න.

ඉතිපිසෝ ගාථාව නව අරහාදී බුදුගුණ සත්‍ය පවතිනවා.

සබ්බ පාපස්ස ගාථාවේ කුසලයෙහි පිහිටීම තිබෙනවා.

මේ ලෙස කාලයක්ම කරන විට සති මාස ගෙවෙන විට ඔබට තිබෙන කරදර බාධා ටික ටික ගෙවී යහපත උදාවන බව තමාටම අත්දැක ගන්න ලැබේවි.

කුසලය සත්‍ය නැතිව තබන බුදු පහනෙන් බලයක් පිහිටන්නේ නැහැ. නමුත් පින පවතිනනවා. සත්‍යයේ බලයක් නැහැ.

තවත් විශේෂ දෙයක් තිබෙනවා. අභිනව පහනක් තැබීමට සුදුසුම වේලාව

නිවසේ අලුතින් බුදු පහන තබන අයට හා බුදු පහන සත්‍යයේ පිහිටා තබන්නට සිතන හා අධිෂ්ඨාන කරන අයට සුබ හෝරාවක පහන තබන්න. බොහෝ ගුණ දෙන ප්‍රබල මුහුර්ථය උදාවන වේලාව ඉර උදාව අනුව ශුද්ධ කර ගන්න. එය අභිනව පහන් තැබීමට සුදුසුම වේලාවයි.

ඉර උදාව උදේ 6 ලෙස සලකාගෙන ඔබට පහසු දින 2 ක් මේ සමඟ සඳහන් කරන්නම්.

ඉරිදා දිනයේ උදේ 11 ට බ්‍රහස්පතී හෝරාව උදාවේ. සෙනසුරුගේ පංචම හෝරාවේ මෙම අභිජිත් මුහුර්ථය උදා වෙයි. (ඉර උදාව අනුව වේලාව සකසා ගන්න)

දින 7 ක් තුළ අභිජිත් මුහුර්ථය යෙදෙන වේලාවන් ඇති නමුත් සඳුදා දිනය උදේ 6 ඉර උදාව සේ ගත්විට උදේ 10 ට රවී ග්‍රහයාගේ හෝරවේ රවි ග්‍රහයාගේම පංචම කාලයේ මේ අභිජිත් කියන ශුභ මුහුර්තය උදාවේ. මේ මුහුර්ථ කාලයේදී බොහෝ ශුභ කටයුතු කරන අතර බුදු පහන අලුතින් ආරම්භ කිරීමට ද ශුභ වෙයි. තමාට ශුභ දිනයකට යෙදෙන අභිජිත් මුහුර්තය ඔබට ඔබගේ ජ්‍යෙතිෂවේදීන් ලවා සාදවා ගෙන කටයුතු කළ හැකිය.

මේ මඟින් නිවෙසේ පවතින වාස්තු දෝෂ පවා මඟහැරී යනු ඇත. අණවින කොඩි වින පවා ඉගිලී යනු ඇත. උතුම් බුදුගුණ හා තුණුරුවන්ගේ බලය අසීමිතයි.

දුව පුතාගේ විභාග ආදියට යනවිට අධිෂ්ඨාන කරන්න. මාගේ සත්‍යයේ බලයෙන් දරුවන්ට ජය වේවා යි පතන්න. ප්‍රබල ශුභ දශාවක් ලබා නම් ගුණ අධිකව ලැබේ.

පහනේ තෙල් නළලත තිලක තබන්න. පහන තවත් භාජනයක දමා තබන්න. එවිට එයින් වැටෙන හා කාන්දුවන තෙල්වල බලයක් මතු වෙනවා. එම තෙල් බිඳක් හිස ගල් වන්න. රෝග පවා සුව වෙයි. බොන බෙහෙත්වල ගුණ ලැබෙයි.ලෙඩක් හැදුණත් එක බෙහෙතෙන් සුවය ලබයි.

පවුලේ සතුට සමඟිය ඇති වේ. ධනය ගෞරවය ලැබේ. මේ සත්‍ය ක්‍රියාව අත්හදාබලන්න.

 

ඡ්‍යොතිෂවේදී නිහාල් හේවාබටගොඩගේ

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.