භිර්ගු නන්දන නාඩියෙන් කියන පවුලේ විස්තර

පෙබරවාරි 2, 2024

ඉදිරි ඉන්දීය භිර්ගු නන්දන නාඩි ඡ්‍යොතිෂ පලාපල විග්‍රහයන්වලදී ග්‍රහයින් පෙළ ගැස්වීමට ප්‍රධාන ස්ථානයක් දෙනු ලබනවා ඇත. එනම් නවග්‍රහ මණ්ඩලය ජන්මියා උපන් දිනයේ දී සිටි අනුපිළිවෙළට පිහිටුවීමය.

ඒ අනුව එකිනෙක ග්‍රහයින් ඉදිරියට ගමන් කරවීමේ දී මුණ ගැසෙන ග්‍රහයා කවුද යන්න විමසා බලා පුද්ගලයාට ඡ්‍යොතිෂමය අනාවැකි ප්‍රකාශයක් ලබා දීමට මාර්ගය හෙළි පෙහෙළි කර ගැනීමට අවස්ථාව සැලසෙනවා ඇත.

මේ නිසා ඉන්දීය භිර්ගු නන්දන නාඩි සූත්‍රම් භාවිත කරනු ලබන ශාස්ත්‍රඥයින් කොපමණ දෙනෙකුගෙන් හෝ කෙනෙකු අනාවැකියක් පතන්නේ නම් ඒ හැම දෙනාම එකම අනාවැකිය ප්‍රකාශ කරනු ඇත.

එසේ හෙයින් පසුගිය තුන්වැනි කොටසේ අංක 07 දරන රූප සටහනට ඔබේ අවධානය යොමු කරවනු ලැබේ.

එම සටහනට අනුව 2024.01.01 වෙනි දින ධනු රාශියේ ග්‍රහයින් දෙදෙනෙකු ගමන් කොට තිබිණ. එනම් රවි සහ කුජ යන ග්‍රහයින් දෙදෙනායි. එකී රවි ග්‍රහයා ධනු රාශියේ අංශක 15 කලා 52 භජනය කර තිබිණ. කුජ ග්‍රහයා ධනු රාශියේ අංශක තුනයි. කලා අට (03.08) භජනය කර තිබිණ.

මේ නිසා එකම රාශියේ වුවද කුජ ග්‍රහයාට පරව රවි ග්‍රහයා ගෝචරය වී ඇත.

මෙම පිහිටීම ඉභිනනාසු පලාපල කථනයට ඉතා වැදගත් වනු ඇත. ග්‍රහයින් එකම රාශියක පිහිටි විට එය ග්‍රහ සංයෝග වශයෙන් සලකන්නේ නැතිව ග්‍රහ සංස්කරණ ලෙස ප්‍රයෝජනයට ගැනීමක්ද ඉභිනනාසුවලදී භාවිත කෙරේ. එකී භාවිතය ප්‍රායෝගික වශයෙන් ඉදිරි පාඩමකදී පලාපල විග්‍රහයට යොදා ගැනේ.

ඒ වගේම 2024.01.01 දින මෙම උපත සිදුවන විට වෘශ්චික රාශියේද ග්‍රහයින් දෙදෙනෙකු ගෝචර විය. ඒ බුධ ග්‍රහයා සහ සිකුරු යන ග්‍රහ යුවළයි. සිකුරු ග්‍රහයා අංශක 08යි. කලා 26 යේද බුධ ග්‍රහයා අංශක 28 කලා 05 හේද ගෝචරය විය. මේ නිසා සිකුරුට පරව බුධ එදින උත්පත්ති ග්‍රහ සටහන් කුණ්ඩලියෙහි තැන්පත් විය යුතුයි. මේවා අංක 09 දරන රූප සටහනේ දක්වා ඇත.

අංක 09 දරන රූප සටහන

ග්‍රහ සංස්කරණ 1. ශුක්‍ර - බුධ සංස්කරණය (බුධ, ශුක්‍ර නොවේ)

2. කුජ - රවි සංස්කරණය (රවි, කජ නොවේ) මෙය පැහදිලි කර ගැනීම සඳහා ඉභිනනාසු ලිපි මාලාවේ පළමුවන කොටසේ අංක 01 සටහනෙහි දිගුවක් ලෙස අංක 10 සටහන භාවිත කරන්න.

ඔබ විසින් එකතු කොට ගනු ලබන ඉභිනනාසු ලිපි මාලාවේ පළමුවන කොටසේ දෙවැනි රූප සටහනෙහි දැක්වෙන උත්පත්ති ග්‍රහ පිහිටුම් කුණ්ඩලියේ දිගුවක් ලෙස දක්වනු ලබන අංක 11 දරන රූප සටහනෙහි දක්වා ඇති ග්‍රහ ස්ඵුට සහිත උත්පත්ති ඉභිනනාසු කුණ්ඩලය අධ්‍යයනය කළ විට මෙතෙක් සාකච්ඡා කළ සියලු කරුණු කාරණා වටහා ගැනීමට පුළුවන් වනු ඇත.

ජන්මියා පිළිබඳව ඉභිනනාසු ඡ්‍යොතිෂ විචාරයක් ගෙන ඒමට න්‍යායාත්මක සිද්ධාන්ත මතු කර ගැනීමට නිදසුන් සරල ලෙස පාදා ගත හැකිය. ඉන් කීපයක් පහත සඳහන් පරිදි වන්නේ ය.

මේෂ, සිංහ, ධනු යන තේජෝ ත්‍රිත්වය පාදක කරගෙන පිහිටා ඇති උත්පත්ති ගුප්ත ත්‍රිකෝණය.

ගුරු, කුජ අතරේ පවතින පරිවර්තනය.

කුජ + රවි ග්‍රහ සංස්කරණය

ශුක්‍ර + බුධ ග්‍රහ සංස්කරණය.

සඳුගෙන් කේන්ද්‍ර ගත වී ශනිගෙන් ‘සස’ යෝගය

මේ පාඩමින් ප්‍රායෝගීකරණ පර්යේෂණය සඳහා උදාහරණයක් ද ඉදිරිපත් කෙරේ. ගුරු ග්‍රහයාගෙන් දොළොස්වැන්නේ රවි ග්‍රහයා තැන්පත් උත්පත්ති ජන්ම පත්‍ර කිහිපයක් එකතු කරන්න. ඔබ නිරීක්ෂණය කරන්න. ඒ අයගේ පවුල් පසුබිම උසස් තමා නොදන්නා අයට විවිධ තොරතුරු ප්‍රකාශ කිරීම සඳහා ආරම්භයක් ලෙස මෙය අධ්‍යයනය කරන්න. උදාහරණ ලෙස අංක 12 දරන උත්පත්ති ජන්ම පත්‍රයට අවධානය යොමු කරන්න.

ඉන්දියාවේ ශ්‍රේෂ්ඨ ජන නායකයකු වූ ජවහාර්ලාල් නේරුතුමාගේ උත්පත්ති දින ග්‍රහ සටහනයි .මෙය එතුමා 1899.11.11 වෙනි දින උපත ලබා තිබිණ. එතුමා උපත ලැබූ පවුල් පසුබිම පිළිබඳව ගුරුගේ සහ රවිගේ පිහිටීම පරීක්ෂා කෙරේ.

එවිට දර්ශනය වන්නේ ගුරුගෙන් දොළොස් වැන්නේ රවි පිහිටා ඇති බවයි. එතුමා ශ්‍රේෂ්ඨ පවුලක පුරුකක් වන බව එම පිහිටීම කියාපායි. කෙසේ වෙතත් එවැන්නක් අවබෝධ කර ගැනීම සඳහා රවිගේ තත්ත්වය තේරුම් ගත යුතුයි. රවිගේ බල දුබලතාවය අනුව පවුල් තත්ත්වයේ ස්වභාවය අඩු වැඩි වෙයි. එය වටහා ගැනීම සඳහා තුන්වැනි පාඩමේ හත්වැනි රූප සටහන අධ්‍යයනය කරන්න.

ඒ අනුව රවි ග්‍රහයා, ආපෝ රාශියක්, රජෝ රාශියක්, ඵලදායී රාශියක්, තිර රාශියක්, රාෂ්ට්‍ර හෙවත් කෘර රාශියක් වන්නේ වී නමුත් ස්ත්‍රී රාශියක් වන්නා වූ වෘශ්චිකයේ තැන්පත් බව වටහා ගන්න. තවදුරටත් ඉදිරි පාඩමකදී වටහා ගත හැකි වන මිත්‍ර රාශියක් ද වන රාශියක තැන්පත්ය. රවිගේ මේ තත්ත්වය එතුමාගේ ප්‍රබල පවුල් පරිසරය කියාපායි.

මතු සම්බන්ධයි.

උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ විහාරයේ

උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම

පුරාණ විහාරයේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.