විද්‍යාඥයකුගේ තතු කිව හැකි ඉන්දීය භිර්ගුනන්දන නාඩි ක්‍රමය

ජනවාරි 19, 2024

උත්පත්තීන්වලට අදාළ ජන්ම පත්‍ර රහිතව පලාපල පැවසීමේදී පසුගිය සතියේ ලිපියෙහි සඳහන් පළමුවැනි රූපසටහන කෙරෙහි අවධානය යොමු කරන්න.

ඉන්දීය භිර්ගු නන්දන නාඩියට අදාළව උත්පත්ති සහ ගෝචර ග්‍රහ සටහන් යන දෙකම පතිත කරනු ලබන්නේ මෙවැනි කුණ්ඩලිවලය.

විශේෂයෙන් කුණ්ඩලියේ වම්පස ඉහළ ගුරු හිමි මීන රාශියත් වම් පස පහළ ගුරුහිමි ධනු රාශියත් දකුණු පස ඉහළ බුධ හිමි මිථුන රාශියත් එහි පහළ බුධ හිමි කන්‍යා රාශියත් පිහිටා ඇති අයුරු නිරීක්ෂණය කරන්න. ඉතිරි රාශි අතිරේක ස්ථානවල පිහිටා පවතින අයුරු මතක තබා ගන්න.

එහි දෙවැනි රූපසටහනේදී උත්පත්ති දින, ග්‍රහ ගෝචරය, ඒ ඒ රාශිවලට ස්ථානගත වන අයුරු වටහා ගන්න. ග්‍රහස්ඵුට සහිත පඤ්චාංග ලිතක්ද භාවිතයට ගැනීමට වග බලා ගන්න.

ග්‍රහ රාශි කුණ්ඩලියේ ගර්භයෙහි උපන් දිනය සටහන් කරන්න. ඉන්දීය භිර්ගු නන්දන නාඩියෙන් පුද්ගලයාට පලාපල පැවසීමේදී ඊට ආවේණික න්‍යායාත්මක සිද්ධාන්ත රාශියක් හඳුන්වා දීමට නියමිතව ඇත. මේ පාඩම් කොටසේදී විශේෂ කරුණක් හඳුන්වා දෙනු ඇත. එනම් යම් උපතක් සිදුවන දිනයේදී ග්‍රහයන් ගමන් කළ දිශාවන් අධ්‍යයනය කිරීමය.

නැඟෙනහිර, දකුණ, බටහිර, උතුර වශයෙන් දිශා හතරට අයත් රාශි පිළිබඳව අවබෝධය ලබා තිබීම ඒ සඳහා අවශ්‍ය වෙයි. එය පහත සඳහන් අංක 03 දරන රූප සටහනින් දක්වා ඇත.

මෙසේ ඒ ඒ දිශාවන්ට රාශි වෙන් කිරීමේදී ඒවා සතර මහා භූත ශක්තියටද නිතැතින්ම ආරෝපණය වන්නේය. යම් කිසි උපතක් සිදුවන විට යම් යම් ග්‍රහයින් ගමන් කළ භූත ශක්තියද හඳුනා ගැනීම ඉන්දීය භිර්ගු නන්දන නාඩියේදී අත්‍යවශ්‍ය වන්නේය. එය පහත සඳහන් චක්‍රයෙන් පහසුවෙන්ම අවබෝධ කර ගත හැකිය.

මේ අවබෝධයත් සමඟ ඕනෑම උත්පත්ති ජන්ම ග්‍රහ සටහනක එක් එක් ග්‍රහයින් එම උපත සිදුවන දිනයේදී කුමන මහා භූත බලවේගයකට යටත් වුණි දැයි වටහා ගත හැකිය. ඒ සඳහා උදාහරණ වශයෙන් පසුගිය පළමුවන පාඩමේදී හඳුනා ගන්නා ලද උත්පත්ති ජන්ම දින ග්‍රහ සටහන යොදා ගනු ඇත.

එකී උපත සිදු වූ 2024.01.01 දින ග්‍රහයින් ගමන් කළ සතර මහා භූත වර්ගීකරණය පහත සඳහන් අංක 05 දරන රූපසටහනින් අවබෝධ කර ගත යුතුයි.

උත්පත්ති දින ගෝචර ග්‍රහ සටහනෙහි මෙවැනි හඳුනා ගැනීම් නිරීක්ෂණය ඉදිරියේ දී පුද්ගල පලාපල කථනයට අතිශය වැදගත් වෙයි.

ඉසිනනාසු සම්ප්‍රදායේදී ගුරු පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වයි. අංක 02 දරණ උදාහරන ජන්ම දින සටහන අධ්‍යයනය කරන්න. එහි ගුරු විමසන්න. තේජෝ රාශි මේෂයේ ගුරු තැන්පත්ය. ඒ ගුරුගේ මිත්‍රභවනයකි. මෙයින් පුද්ගලයා පිළිබඳ අදහසක් ඉලක්ක කළ හැකිය. මෙවැනි වූ අතීත උත්තපත්තීන් පිළිබඳව සැලකූ විට එය හොඳින් අවබෝධ වෙයි. ඒ සඳහා අංක 06 දරණ රූප සටහන අධ්‍යයනය කොට ඔබත් අදම ඉභිනනාසු විචාරයක් ගෙනෙන විචාරකයෙකු වීමට උත්සාහ කරන්න.

මීනාදි දක්ෂිණාවෘත ග්‍රහ රාශි කුණ්ඩලියක මේ දැක්වෙන්නේ 1888.08.13 දින උපත ලැබූ “ ජෝන් ලොජිබෙයාඩ්” ගේ ජන්ම දින ග්‍රහ සටහනයි. ඔහු මුලින්ම රූපවාහිනිය සොයා ගනු ලැබූ විද්‍යාඥයා වෙයි. මෙකී නව සොයා ගැනීම සිදු කිරීමට ඔහුව මෙහෙයවූ ප්‍රබල ශක්තිය භිර්ගු නන්දන නාඩිය විසින් අපූරුවට මතුකර දෙයි.

ගුරු වෘශ්චිකයේ තැන්පත්ය. එය මිත්‍ර රාශියයි. ගුරුගෙන් ත්‍රිකෝණයක රවි , ශනි, බුධ ආදීන් ඇත. ගුරුගෙන් 12 වැන්නේ සිතිවිලි කාරක සඳු ද වෙයි. නව සොයා ගැනීම්වලට මේවා බලවත් වෙයි. අපේ නිදසුන් ජන්ම ග්‍රහ සටහනින් මෙවැනි හෝඩුවාවන් අල්ලා ගත හැකි දැයි උත්සාහ කරන්න.

එහි :– 1) ගුරු මිත්‍ර රාශියේය ( මේෂ)

2) ගුරුගෙන් ත්‍රිකෝණයේ සඳු, රවි, කුජ

3) රැකියා කාරක ශනි දෘෂ්ටියෙන් ගුරු පොහොසත්ය

4) ගුරුගෙන් 12 වැන්නේ අධිවේගී රාහුය

ඉදිරි පාඩම්වලදී මේවා තවදුරටත් පැහැදිලි කර ගත හැකිවනු ඇත.

 

උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම

පුරාණ විහාරයේ

තලගහ සද්ධානන්ද හිමි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.