සියලු දොස් දුරුවී ශි‍්‍රයාව ඇතිවීමට

ජුනි 14, 2024

 

අප කාටත් ජීවිතයේදී ඇතිවන ග්‍රහ අපල ඇස්වහ කටවහ යන දෝෂ නිසා කාටත් පි‍්‍රයවීම නොවන නිසා ජීවිතයේ කරදර බාධක ඇතිවේ. එවැනි අවස්ථාවලදී සියලු දෝෂ දුරු වී ශි‍්‍රයාව ඇතිවී කාටත් පි‍්‍රයවීමට කරගත හැකි රතනසූත්‍රයේ සඳහන් වන මේ ගාථා රත්නය ඔබට උපකාර වේ යැයි සිතමි.

සියලු දෝෂයන් දුරුවී ශි‍්‍රයාව ඇති වී කාටත් පි‍්‍රයවීමට ගාථා රත්නය

 

යෙ අරිය සච්චානි විභාව යන්තී

ගම්භිර පඤ්ඤෙනා සුදේ සිතානි

කිඤ්චාපි තෙ හොන්ති භුස්සප්ප මත්තා

නතෙභවං අට්ඨමං ආදියන්ති

ඉදම්පි සංඝේ රතනං පණිතං

එතෙන සච්චේන සුවත්ථි හෝතු....

 

මී තෙල් ටිකක් පිරිසුදු බඳුනකට ගෙන මල් බුලත් තටුවක් සාදා නෙළුම් මලක් උඩ මීතෙල් බඳුන තබා පහනක් පත්තුකර හඳුන්කූරු දල්වා සුවඳ දුන් අල්ලා නා පිරිසුදු වී බුදුන් වැඳ පසුව මී තෙල් බඳුනට ඉහත ගාථා රත්නයෙන් 108 වරක් පිරිත් කර දෙවියන්ට පින්දී අවසන් කරන්න.

දැන් ඔබ බුදුන් වඳින තැන උඩ තබා උදේ සවස බුදුන් වැඳ අවසනායේ මී තෙල් බඳුනේ ටික ටික තබා ඇඟ ගාන්නා විට එම ගථාරත්න තුන් වරක් හෝ හත්වරක් කියා ගාන්න. සියලු දෝෂයන් දුරුවී කාටත් පි‍්‍රය වේ.

ඔබගේ ස්වාමියා, බිරිඳ, දරුවන්ගෙන් කරදර වෙනවා නම් නොකඩවා රාත්‍රී නින්දට ගිය විට ගාන්න. කරදර බාධක ඇති නොවේ. ඔබට පි‍්‍රයවේ. ගෙදර පිරිසුදුව තබා ගන්න.

 

දේශීය වෛද්‍ය විද්‍යාසූරී

එච්.එම්. කිත්සිරි බණ්ඩාර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.