කවඩි නිමිත්ත

ජුනි 28, 2024

 

තමාගේ ඉදිරි කාලය හෝ, ආරම්භ කිරීමට බලාපොරොත්තු වන කටයුත්ත සාර්ථක වේද? අසාර්ථක වේද? අසනීපය සුවවේද? යන ගමනින් බලාපොරොත්තු ලෙස ඉටුවේද? ආදී කරුණුවල ප්‍රතිඵලය කල්තියා පැරැන්නන් විවිධ කරුණුවලින් දැනගෙන ඇත. නැතහොත් නැකැත්කරුවකු වෙත ගොස් තත්කාලය බලන්නට පුරුද්දක් තිබිණි.

ප්‍රශ්නකරුවකුගේ නම් යම් ගණනකට අඩු ගණනක් අසාද, සිවුපා, පක්ෂි, වර්ණ, මල් වර්ගයක් වැනි දේ අසා ද, බිම ඉරි කීපයක් ඇඳ ද පියවර ගණනින්ද පිළිතුරු සැපයූයේ ය. තවත් විටෙක කාසියක් උඩ දමා ද තොරතුරු ගැන කීවේ ය. ඇතැම් අය අදත් මේ ගැන සොයා බලා දැන ගනිති.

කතරගම, මුන්නේශ්වරම්, ත්‍රිකුණමලය, කෝනේශ්වරම්, මෝදර කෝවිල ආදී ස්ථානවල හින්දු බැතිමතුන් බෙල්ලන් හෙවත් කවඩි ගෙන තොරතුරු කියනු දැකිය හැකිය. මෙයද පැරණි ශාස්ත්‍රීය ක්‍රමයකි.

අපේ පාරම්පරික මේ ද්වාදශාංශක හෙවත් කවඩි නිමිත්ත ප්‍රචලිත ක්‍රමයකි. මම ද අවශ්‍ය විටෙක ප්‍රයෝජනයට ගනිමි. සතුටු විය හැකි තොරතුරු ලැබේ. අවශ්‍ය නම් ඔබද මේ ක්‍රමය උරගා බලන්න. සාර්ථක ප්‍රතිඵලය ලබනු ඇත.

මේ සඳහා අවුරුදු සමයේ දී පංච කෙළියට ගන්නා කවඩි දොළක් අවශ්‍ය වේ. නියමයේ පරිදි කහ දියරෙන් පළමුව සෝදා

“ඕං නමෝ භගවතෝ මහා සන්තස්ස” මන්ත්‍රයෙන් 63 වරක් ජපකර පොල්කටුවක දමා සොලවා කෙනකු ඇසුවොත් ඔහු ඉදිරියේ බිම දමා උඩුකුරුව වැටුණ ගණනට තොරතුරු දැන ගන්න.

පළමුව එන ගණනට තමාගේ හෝ ඔහුගේ තොරතුරු නොලැබුණේ නම් තව වරක් බලන්න. එයටත් තොරතුරු නොලැබුණේ නම් ඔහුගේ හෝ තමාගේ ලග්නයට එන අංකයට බලන්න. එයටත් නොලැබුණේ නැතිනම් තවත් වෑයම් කිරීමෙන් පලක් නැත.

1. බලාපොරොත්තුව ප්‍රමාද වී හෝ ඉටු වේ. අසනීපයක් නම් සුව වීමට කල්යයි. භූත දෝෂ ඇත.

2. අසමාන වූ අදහසකි. ඉටු වීමට කල්යයි.

3. නොසිතූ පරිදි ලාභ ලැබේ. වෙනස් කාරණයක් රහසේ සඟවාගෙන කටයුතු කරන්න.

4. සතුට ඇති නොවේ. හානිදායකයි. සිතට වදයකි.

5. සතුටු විය හැකිය, කටයුත්ත ඉටුවේ. දේශාන්තර ගමන් ළඟා කරයි. වාසනාව ඇත.

6. බාධකයි. සතුරු කරදර ඇති කරයි. ප්‍රතිඵල නැත.

7. නැති වූ දෑ ලැබෙයි. විවාහයට හොඳයි. සුවදායකයි.

8. අර්ධ ලාභ ලබයි. මිත්‍ර නෑදෑ හානියි. ස්ථානය දෝෂයි. පිරිසුදු මදි.

9. වාසනාව ඇත. දූ දරු ලාභ, බැහැරව යා හැකිය.

10. බිය ජනකයි. ජලයෙන් විපත්. රෝගය සුව වීමට කල්යයි. ගමන් වාසි නැත.

11. උසස් ලාභ. ජීවිතය අග දු දරුවකුගේ උපකාරයක්

12. කටයුතු විනාශය. අත්හැර යයි. සිතේ බිය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.