යස ඉසුරු ගෙනදෙන ශ්‍රී කාන්තා යෝගය සහ ධන ලක්ෂ්මී යන්ත්‍රය

ජුනි 21, 2024


මහා ලක්ෂ්මී ස්තෝත්‍රය

නමසෙතස්තු මහා මායෙ - ශ්‍රී පීඨෙ සුර පූජිතෙ
ශඛං චක්‍ර ගදා හසෙත - මහා ලක්ෂ්මී නමොස්තුතෙ

නමසෙත ගරුඩා රූඨෙ - කොලාසුර භයංකරී
සර්ව පාප හරෙ දෙවී - මහා ලක්ෂ්මී නමොසතුතෙ
සර්වක්ෂේ සර්ව වරදෙ - සර්ව දුෂ්ට භයංකරී
සර්ව දුක්ඛං හරෙ දෙවී - මහා ලක්ෂ්මී නමොස්තුතෙ

සිද්ධි බුද්ධි ප්‍රදෙ දෙවී - භුක්ති මුත්ති ප්‍රදායිනී
මන්ත්‍ර මූතෙ¡¡ සදා දෙවී - මහා ලක්ෂ්මී නමොස්තුතෙ

ආද්‍යාන්ත රහිතෙ දෙවී - ආද්‍යා ශක්තී මහෙශ්වරී
යොගජෙ යොග සංභූතෙ - මහා ලක්ෂ්මී නමොස්තුතෙ

ස්ථුල සූක්ෂ්ම මහා රෞද්‍රෙ - මහා ශක්තී මහොදරෙ
මහා පාප හරෙ දෙවී - මහා ලක්ෂ්මී නමොස්තුතෙ

පද්මාසන සථිතෙ දෙවී - පර බ්‍රහ්ම ස්වරූපිණී
පරමෙශ ජගන්මාතර් - මහා ලක්ෂ්මී නමොස්තුතෙ

ශෙවතාංඛර ධරෙ දෙවී - නානාලංකාර භූෂිතෙ
ජගත් ස්ථිකෙ ජගන්මාත - මහා ලක්ෂ්මී නමොස්තුතෙ

ලක්ෂ්මී දැහැන (ජපය )
ඕං ශ්‍රීං ක්ලිං මහා ලක්ෂ්මී එහි එහි
සර්ව සෞභාග්‍යං දෙහි මෙස්වාහා



ධන ධාන්‍ය, සැප සම්පත, ඉසුරුමත් බව, සත්‍යය, වීර්යය, නීරෝගී සුවය, වාසනාව සහ ශ්‍රී සෞභාග්‍යයට අධිපති වූ දෙවඟන වන මහා ලක්ෂ්මීයගේ හෙවත් ශ්‍රී කාන්තාවගේ අසීමිත ආකර්ෂණ ශක්තිය හිමිවන මොහොත (ශුභ මුහුර්තය) ශ්‍රී කාන්තා යෝගය නැතිනම් මහා ලක්ෂ්මී යෝගය ලෙස හඳුන්වයි.

මේ ලක්ෂ්මී යෝගය යෙදෙනුයේ ශනි දිනක ශනිට අයත් මකර හෝ කුම්භ ලග්නයක් ද ශනිගේ තත්කාල හෝරාවේ එම පංචමය සූක්ෂමය සහ ශනි හිමි පුෂ නැකත ද උදාවීමෙනි. තවද චන්ද්‍රයා පුෂ නැකතේ හෙවත් කටක රාශියේ ගමන් කළ යුතු වේ. මෙබඳු ශුභ මුහුර්තයක් පූර්ණ ලක්ෂ්මී යෝගයක් යැයි වහරනු ලැබේ.

මෙවන් ශුභ මුහුර්ථයක ධන ලක්ෂ්මී යන්ත්‍රය, වාලම්පුරි, බෙලි පිළිල, ජීවම් කරගැනීම යහපත් වේ. ධන ලක්ෂ්මී යන්ත්‍රය යනු සෞභාග්‍යය, ධන ධාන්‍ය ආකර්ෂණය කර ගැන්මට සමත් මහඟු බලසම්පන්න යන්ත්‍රයකි. එසේම මේ ලක්ෂ්මී යෝගය යෙදෙන ශුභ මුහුර්තයේ දී නෙළාගන්නා ලද බෙලි පිළිල ද ජීවම් කර ගැනීම යහපත්වන අතර සෞභාග්‍යයේ සංකේතය වන වාලම්පුරි ද ජීවම් කරගැනීම ශුභදායක වේ.

මේ ලක්ෂ්මී ජීවම නිවැරැදිව කළ යුතු පිළිවෙළ පහත දැක්වේ. අලංකාරව තැනූ මල් යහන මත ශ්‍රී විෂ්ණු දෙවිඳුන්ගේ රුව ද ධන ලක්ෂ්මී, ගජ ලක්ෂ්මී, වීර ලක්ෂ්මී, ශාන්ත ලක්ෂ්මී, ධාන්‍ය ලක්ෂ්මී, අධි ලක්ෂ්මී, ඓශ්චර්ය ලක්ෂ්මී, ජය ලක්ෂ්මී යනාදී අෂ්ට ලක්ෂ්මී රූප තැන්පත් කොට පංච උපචාර විධි ප්‍රධාන කොට අෂ්ට ලක්ෂ්මී දේවියට සහ ශ්‍රී විෂ්ණු දෙවිඳුන්ට නියමිත පුද පූජා පවත්වා (පෙර ලිපියෙන් නියමිත පරිදි ශ්‍රී විෂ්ණු දෙවියන්ට සහ මහා ලක්ෂ්මී දේවියට පූජාව සකස් කරන අයුරු දක්වා ඇත.) නියමිත යන්ත්‍ර තෙල්, අඳුන්, බෙලි පිළිල, වාලම්පුරි, සුවඳ ධූප යනාදිය ශ්‍රී විෂ්ණු, ශ්‍රී කාන්තා දැහැන් හා මන්ත්‍රවලින් ලක්ෂවාරයක් පමණවත් ජීවම්බල පිහිටුවා ගත යුතු ය.

තවද යන්ත්‍රය පේ කර ගැනීමේ දී සර්ව දිෂ්ටි, විෂ්ණු දිෂ්ටි යනාදිය භාවිතය උචිත වේ. මේ යන්ත්‍රය සහ අනිකුත් බෙලි පිළිල, සුවඳ ධූප වර්ග, වාලම්පුරි, තෛල ආදිය නිවැරදි ගුරු උපදේශ සහිතව දිෂ්ටි, ප්‍රාණ, පලිප්පු, සිද්ධි යනාදී නියමිත ශාස්ත්‍ර විධි ක්‍රම භාවිතයෙන් මේ ජීවම සම්පූර්ණ කරගැනීමෙන් ශ්‍රී කාන්තාවගේ හෙවත් මහා ලක්ෂ්මී දේවියගේ ආකර්ෂණය ආශිර්වාදය හිමිව පෙර දැක් වූ පරිදිම ධන ධාන්‍යය සැප සම්පත්, ව්‍යාපාර දියුණුව, අධ්‍යාපන ආදී කටයුතු වර්ධනය යනාදී බොහෝ කාර්යයන් සාර්ථක කර ගත හැකි බව වසර ගණනාවක අත්දැකීම් තුළින් අප ප්‍රත්‍යක්ෂ කර ඇත්තෙමු. මෙවන් ලක්ෂ්මී යෝගයක් පැමිණෙනුයේ සමහර විටක වසර ගණනාවකට වරක් බැවින් එවන් අවස්ථාවක පාඨක ඔබට එහි පල නෙළාගනිමින් මහා ලක්ෂ්මී දේවියගේ ආශිර්වාදය ලබා ගැනීමට උත්සුක වෙතැයි අපි අපේක්ෂා කරන්නෙමු.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.