විවාහ ප්‍රමාද දුරු කරන පාර්වතී ස්වයංවර පූජාව

ජුනි 14, 2024

පාර්වතී දෙවඟන යනු ඊශ්වර හෙවත් ශිව දෙවියන්ගේ පි‍්‍රයංබිකාවය. ගණ දෙවියන්ගේ සහ කතරගම දෙවියන්ගේ මාතාවය. සුරාසුර යුද්ධයේදී බලවත්ම අසුරයා පරාද කිරීමට ඉදිරිපත් වූයේ දුර්ගා නමින් පාර්වතීය.

විවාහ ප්‍රමාද ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම ඉක්මන් විවාහයක් සිදුවීමට හින්දු බැතිමතුන් අතර සිදු කෙරෙන විශේෂ පූජාවකි මෙය. ආත්මීය සහකාරිය හෝ සහකරු ලැබීමටත් දරුපල නැති අයට දරුපල ලැබීමටත් විශේෂයෙන් මේ පූජාව ඉමහත් ප්‍රතිඵල ගෙන දේ.

ශනි මංගල දෝෂ දුරුවීමටත්, සතර කේන්දරය පාළු අයගේ දෝෂ දුරුවීමටත්, පූර්ව කර්ම දෝෂ දුරුවීමටත් මේ පාර්වතීට කෙරෙන පූජාව යෝග්‍යය. විවාහ ප්‍රමාදය මංගල රාශිවල අශුභ ග්‍රහයින්ගේ පිහිටීම, ඒරාෂ්ටක අපලද හේතුවේ.

මේ පූජාව ශිව පාර්වතී දෙදෙනාට පිළියෙළ කෙරෙන විශේෂ මණ්ඩපයක දී විවාහ අපේක්ෂකයා හෝ අපේක්ෂිකාව අභිමුඛයේ දී ආශීර්වාද පතා කෙරෙන්නකි.

විවාහය යනු මානව සංවර්ධනයේ පලදායීතාව උදෙසා දායක වීමකි. යොවුන් වියට පැමිණෙන විට කායික හා මානසික වර්ධනය සමඟ පිරිමි ගැහැනු අතරේ අන්‍යෝන්‍ය ආකර්ෂණයක් ඇතිවේ. යොවුන් වියට පත්වන විට හෝමෝන ක්‍රියාකාරීත්වය හා ඇතිවන උත්තේජනය ප්‍රේමය ආදරය දක්වා දිවෙයි.

ඇසට පි‍්‍රයමනාප රූප සුන්දරත්වයක් දැකීම, පවසන වදන් සවනට මෙන්ම සිතට මිහිරක් වීම, මඟින් ආදරය, ප්‍රේමය වෙනුවෙන් දෙපාර්ශ්වයේම සමීපවීමක් ඇතිවීම ස්වභාවිකය. විවාහයක් දක්වා ආදරය ප්‍රේමය වර්ධනය වීමේ උතුම් ප්‍රතිඵලය වනුයේ දරුඵල ලැබීමයි.

විවාහය, ප්‍රේමය නිසාද යෝජනා නිසාද සිදුවේ. ඇතැමුන්ගේ විවාහ යෝජනාවකින් ආරම්භ වී පසුව ප්‍රේම කිරීමට පටන් ගැනේ. කෙසේ හෝ විවාහයක් දක්වා අභිප්‍රාය ඉටුවීමට ලැබේ නම් භාග්‍යයකි.

ඇතැමුන්ට විවාහ විය යුතු වයස විවිධ හේතු කාරණා නිසා ප්‍රමාද වේ. එසේ පසුවීමෙන් විවාහයකට ඉඩ නොතබාම වයස්ගත වේ. ඇතැමුන්ට විවාහය සිදු වී කෙටි කලකින් දරුපල ලැබේ. ඇතැමුන් ප්‍රමාද වේ. ඇතැමුන් දරුපල වාසනාව අහිමිව දුකට පත් වේ.

සැබවින්ම මානව සමාජයේ පැවැත්ම රඳා පවතිනුයේ ආදරය, ප්‍රේමය විවාහය හා දරුවන් නිසාය. විවාහ ප්‍රමාද වීමට හේතු රාශියක් ඡ්‍යොතිෂය අනුව දැක්වේ. එසේම සමාජ විද්‍යාව අනුව බැලූවිට සමාජමය හේතු ද දැකිය හැකිය. සංස්කෘතික හා ආගමික හේතු ද ඒ අතර වේ. කේන්දරයේ ග්‍රහ පිහිටීම්, ග්‍රහ යෝග, ග්‍රහ දෝෂ, ග්‍රහ ගමන්, මහ දශා හා අතුරු දශා, ඒරාෂ්ටක අපලද විවාහ ප්‍රමාදවීමට හා නොවීමට බලපායි. සමාජයම හේතු අතර කුලය, රැකියාව, ආදායම, චර්යාව, උගත්, නූගත්කම, ආගම දහම වේ.

තවත් කරුණකි සංසාරික හේතු. පෙර භවවලදී සැමියා ප්‍රේමවන්තයා එපා වී ප්‍රතික්ෂේප කිරීම, පළි දැරීම, ශාප කිරීම, පිරිමියෙකුට ගැහැනියක නොලැබීමටත්, ගැහැනියකට පිරිමියෙකු නොලැබීමටත් කර්ම දෝෂ බලපායි. පෙර භවයන්හි මෙන්ම වර්තමාන භවයේ දී ආදරයෙන් සලකන යුතුකම් කළ අයට හොඳ බිරිදක්, හොඳ සැමියෙකු ලැබේ. පෙර දඹදිවත් ශ්‍රී ලංකාවේත් පැරණි සාහිත්‍යය හදාරන විට රාජවංශ විවාහවලදී ගාන්ධර්ව විවාහය, ස්වයංවර විවාහය යන දෙවර්ගයක් දක්නට ලැබේ.

මේ ලිපියෙන් විශේෂ අවධානයක් යොමු කෙරෙනුයේ පාර්වතී දෙවඟනට තබන පූජා මඟින් විවාහ අපේක්ෂා ඇති අයට පිහිට වන අන්දමය. කාන්තාවන් විසින් කිව යුතු ස්තෝත්‍රද, පිරිමින් විසින් කිවයුතු ස්තෝත්‍රද වේ. ඒවා වාර ගණනක් සම්පූර්ණ වන විට ප්‍රාර්ථනා ඉෂ්ට වේ.

ශිව පාර්වතී පින්තූරයක් හෝ ප්‍රතිමා තබා පුද පූජා පවත්වා අදාළ ස්තෝත්‍රාදිය කීම හා පූජා රටාව මෙහි දැක්වේ.

මේ පූජාව පැවැත්වීමට ප්‍රථම විවාහ අපේක්ෂක තැනැත්තා හෝ තැනැත්තිය හින්දු කෝවිලකදී හෝ නිවසේදී හෝ සාමිවරයෙකු, ගුරු කෙනෙකුගේ උපදෙස් ගත යුතු ය. කේන්දරයද අධ්‍යයනය කළ යුතුය.

ශිව පාර්වතී සඳහා පිළියෙළ කෙරුණ මණ්ඩපයක් ඉදිරියේ රතුමල් මාලයක් පැලඳ රතු සාරියකින් සැරසී සිටිය යුතුය. පාර්වතී රූපයට පිච්ච මාලයක් පැලඳිය යුතුය. මල්, සුවඳ, පහන්, කපුරු පිදිය යුතුය.

පූජාවට ප්‍රථම මණ්ඩපය භූමියේ සුවඳ පැන් කහ දියර ඉස සුවඳ දුම් දිය යුතු ය. මෙහි පූජාවේ දී බීජ මන්ත්‍ර, ගයත්‍රි මන්ත්‍ර, කාත්‍යායන් මන්ත්‍ර, ස්වයංවර මන්ත්‍ර, සිද්ධිදායක මන්ත්‍ර, පාර්වතී ස්වයංවර ස්තෝත්‍ර, අෂ්ටෝත්සර ශත නාම කිව යුතුය.

පාදුකාවට අෂ්ට ස්තෝත්‍ර ගායනාවේදී මලක් බැගින් දැමිය යුතුය. අවසානයේ කන්නලව්වක් කළ යුතුය. අදාළ විවාහ අපේක්ෂකයාගේ හෝ අපේක්ෂිකාවගේ නම සහ ලග්නය කියා ආශීර්වාද කළ යුතු ය.

මේ පූජාවේ දී ද්විමුඛී රුද්‍රාක්ෂයක් හෝ ලග්නය, ජන්ම අංකය නැකත ආදියට ගැළපෙන රුද්‍රාක්ෂයක් පලඳින්නේ නම් ප්‍රාර්ථනා ඉටුවේ.

මේ පූජාවෙන් පසුව ශිව දෙවියන්ට, මංගල්‍ය ලක්ෂ්මීට ලග්නාධිපති දෙවියන්ට සෙත් කවි කීමද සාර්ථක ප්‍රතිඵල ගෙන දේ.

තවද පූජාවෙන් පසුව පාර්වතී රූපයක් ඉදිරියේ පිරිමියා විසින් කිවයුතු ස්තෝත්‍රද, කාන්තාව විසින් කිව යුතු ස්තෝත්‍රද වේ.

කාත්‍යායනී මන්ත්‍රය

කාත්‍යායනී මහා මායේ
මහා යෝගිනී යධීශ්වරී
නන්ද ගෝපී සුතම් දේවී
පතිම් මේ කුරු තේ නමහඞ

පාර්වතී ස්වයංවර මන්ත්‍රය
බලර් කයුත් සත් ප්‍රභාම් කර්නලේ
ලොල්භා මාලකුලම්
මාලම් සන්ධහකීම් මනෝ හර්තනුම්
මන්දම් ශම්භූම් ජගන් මෝහිමිම්
වන්දිත් පදවිශ්තර්තදාම්
පාර්වතීම්

ඕම් දේවෙම් ධෘතී නමස්තුවසම්
දේවේන්ද්‍ර පි‍්‍රය භාමිනී
විවාහ භාග්‍යම් ආරොග්‍යම්
ශීසුන ලභිත්ච දේහිමේ

ඕම් ශාං ශංකරේ සකල් ජන්මාර්ජිත්
පාප් විද්වංස්නාය පුරුෂාර්ත් චතුස්තේ
ලභේච පතිම් මේ දේහි
කුරු කුරු ස්වාහඞ

සර්ව මංගල මංගලයේ
ශිවේ සර්වාර්ථ සාධකේ
ශරන්යේ ත්‍රයම්බකේ ගෞරී
නාරායනි නමොස්තුතේ

අංක විද්‍යා ඡ්‍යොතිෂවේදී
ජේ.ඒ.ඩී. පෙරේරා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.