ඍෂි මත බිඳක්

ජුනි 14, 2024

ඍෂි මත බොහෝය. ඒවා හමුවූ විට නියත දැනුමක් වන්නේ කී දෙනද? දැනුවත්ව කටයුතු කිරීම යහපතක් මිස අයහපතක් නොවේ. දෙලොවටම යහපතකි. මනුෂ්‍යයෙකුට කියා දෙවියකුටවත් දැන කියයුතු කරුණු 6ක් ඍෂිවරයෙකු දක්වා ඇත. එය කොහොමදැයි අපත් කල්පනා කර බලමු.

අශ්ව ප්ලුතං වෘක්ෂාණ ගර්ජිනංවෙත්
ශවවනෙං වාදී නෙව වෂිණංවා
ස්ත්‍රිතාංච විත්තං පුරුශස්‍ය භාග්‍යං
දේවෝ නජානාති කුතො මනුෂ්‍යං

අශ්වයාගේ පිම්මද (හෙවත් අශ්වයා තේරීමද) අහස ගෙරවීම හෝ අකුණු වැදීම ගැනද, අද වර්ෂාව වහිනවාද නොවහිනවාද ස්ත්‍රීන්ගේ සිත මේ ආකාරයයි නිශ්චය කිරීමද පුරුෂයෙකුගේ භාග්‍යය මේ ලෙස උදාවෙයිද යන මේ කරුණු හය කීමට දෙවියන්වත් නොදනී. එබැවින් මනුෂ්‍යයෙක් කියන්නේ කොහොමදැයි පැවසේ.

ප්‍රත්‍යශතකයෙන් තැනක ස්ත්‍රීන්ට මෙහෙම කියල තියෙනවා

ඖදුම්බර භවං පුෂ්පං ශ්වේත වර්ණංඤ්ච කාකයෙඞ
මත්‍යංස්පාදං ජලෙ පාශ්‍යෙන් නාරිචිත්තං න වියමසෙත්

දිඹුල් ගසක හෙවත් අත්තික්කා ගසෙක මල් පිපෙනවා දැයි කීම සමත් වූවත්, සුදු පාට කපුටන් ඇතැයි කීම සත්‍ය වුවත් දිය මත ම මාලුවන්ගේ පා සලකුණු ඇත යන්න සැබෑවුවත් ස්ත්‍රීන්ගේ සිත ගැන නම් විශ්වාසයක් කල නොහැක්කේම නම් ස්ත්‍රීන්ගේ සිත දුර්ගුණයක් බවට තහවුරු කිරීමට උත්සාහ දරා ඇත. චපල බවින් අවිශ්වාසය මෙයින් අවිනිශ්චිතතාවයද පෙන්නුම් කරනවානම් එම මව ගැන පවා සැකයට භාජනය වේ. මෙලොව එහෙම අතළොස්සක් සිටිය හැකිය. සියල්ලෝම එහෙම වෙයිද?

කල් ඇතිව නිමිති ශාස්ත්‍රවලින්වත් දැන ගත යුතු නොහැකි කරුණු 5ක් වෙයි.

ජීවිතං ව්‍යාධි කාලෝම දෙන නිකෙඛපනංගතී
පුඥේවතේ ජීව ලොකස්මිං - අනිමිත්තං තඤයරේ

ජීවත්වීම හෝ නොවීම, අසනීප සෑදීම හෝ කුමන අසනීපයක් බවද එය සෑදෙන හෝ මරණය සිදුවන කාලය මරණින් පසු මෘත ශරීරය දමන තැන, මරණින් පසු උපදින තැන යන මේ කරුණු පහ ගැන හරිහැටි ස්ථිරවම කීමට පුළුවන් නිමිති ශාස්ත්‍ර ක්‍රමයක් ඇතිද නැතිද?

ක්ෂණිකව ප්‍රාණවත් කරන කරුණු 5 ක්

සදො මාංශං තවත්තංව - බාල ස්ත්‍රී ක්ෂිර භොජනං
ශංත මුෂෙණදක ස්තානං - සදාඞ ප්‍රාණ කරාණි ෂට්

එකනෙහිම මැරූ මස් අනුභව කිරීම, අලුත්ම ආහාර ගැනීම, බාල ස්ත්‍රී සේවනය කිරීම, ගිතෙල් කෑම, උණු වතුර නෑම, කිරි බීම, මෙම කෑම බීම හා ක්‍රියාවලියන් අනුව ශරීරය ප්‍රාණවත්වීම අලුත්වීමක් ඇතිවන බව ප්‍රකාශිත වේ.

එකනෙහිම ප්‍රාණය හානි කරන කරුණු 6ක්.

පූතිමාංශං ස්ත්‍රියෝඞ වෘද්ධා බාලාකිඞ තරුණඞ දධි
ප්‍රභාතෙ මෛථුනං නිද්‍රා සද්‍යඞප්‍රාණ පාරණි ජට්

පැරණි කුණු වූ මස් කෑම, මහලු ස්ත්‍රීන් සේවනය කිරීම, ඉර පායන විටම අව්ව තැපීම, මුදවාපු හැටියේම කිරි කෑම අලුයම් වේලාවට මෛථුන සේවනය, අලුයම් වේලාව නිදා ගැනීම යන මේ කරුණු 6 එකනෙහිම ප්‍රාණය හානි කිරීමට පත්වේ යැයි කියයි. මේවා ගැන සැළකිලිමත් වුවහොත් තමාටම යහපතක් වේයැයි සිතමු.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.