ඉතා දුර්ලභ සර්වජන වශීයක්

ජූලි 5, 2024

 

මන්ත්‍රය -

ඕං වශී - ලෝක වශී සර්වජන වශී වශී ඒස්වාහඞ (1000 වරයි )

ක්‍රමය -

පිරිසුදු ස්ථානයක් ගෙන එහි කාමරයක් සිටින සේ වටකර ගෙන කනප්පුවක් හැඩයට අඹ ලී වලින් තටුවක් බැඳ ගන්න. ඉන්පසු එම තටුවේ සුදු රෙදි අතුරාගෙන මල් ගිතෙල් පානක් තබන්න. ඒ පාන වටේට සමන් පිච්ච මල් 108ක් තබන්න. නාමල් 5ක් පස් කොනකින් තබන්න.

ඉන් පසු තමන් අලුයම ස්නානය කර අවුත් සුදු වස්ත්‍රයෙන් සැරසී ගොස් සුවඳ දුම් අල්වා පහන දල්වා ඉහත මන්ත්‍රයෙන් 1000වර පහනට මතුරන්න. මෙසේ දින තුනක් නොකඩවා මතුරන්න. මතුරා ගෙන එම පහනේ තෙල් ටිකක් ගෙන හිස ගා ඉන තබා ඕනෑම සභාවකට යන්න සියලු දෙනාම වශී වෙයි. (සුවඳ දුම්) අගිල්, සුවඳ කොට්ටන්, සැවැන්දරා, රත් හඳුන්, සුදු හඳුන්, දේව දාර, නාමල් රේණු, කුංකුමප්පු, සාම්බ්‍රානි යන මේ සියල්ල එකට කුඩුකර සඳුන් තෙල් දමා කලවම් කරගෙන ඉහත මන්ත්‍රයෙන් 108 වර මතුරාගෙන ගතට දුම් අල්ලාගෙන පටන් ගන්න.

විශේෂ කරුණු

මස් මාංශයෙන් වැළකී සිටින්න. පිරිසුදු වස්ත්‍ර අඳින්න කිරි මිශ්‍ර ආහාර වලඳින්න.

මේ වේලාවට කිසිවෙකුට පැමිණීමට ඉඩ දිය යුතු නැත. තමන් මතුරන විට වාඩිවීගෙන මතුරන්න. එසේම පාන මුහුන දෙන උසට සිටින ලෙස තබන්න මතක තබා ගන්න. තමන්ගේ සිත චන්චල නොවන ලෙස එක අරමුණක තබාගෙන මතුරන්න. මෙය දිනපතා 108ක් මතුරා ගතහොත් දුටු දුටුවන් වශී වෙත්.

කිලිකුණුවලින් වලකින්න.

 

සර්ව රෝග නිවාරණ මහ බලවත් මන්ත්‍රය

 

මාං භයාත් සර්වතෝ රක්ෂ ශ්‍රීයං

වර්ධය සර්ව දා ශරීරා රෝග්‍යං

මේ දේහී දේව දේව නමෝස්තු තේ

 

ක්‍රමය - පිරිසුදු භාජනයකට වතුර පුරවා එම භාජනය මත දෑත තබාගෙන 7 වරක් ඉහත මන්ත්‍රය උච්චාරණය කර එම ජලය පානය කිරීමෙන් සදා නිරෝගී වන බව උත්තර භාරතීය ග්‍රන්ථවල සඳහන්ව ඇත. දිනපතා මෙසේ කිරීමෙන් කලක් පවතින රෝග පවා නිවරණය වන බව අත්දැක තිබේ.

මස්, මාළු, බිත්තර වැනි පිළිහඬු අනුභව කරන අයට මෙයින් පිහිටක් ලැබීමට නොහැකි බව කරුණාවෙන් සලකන්න.

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.