පුංචි ඇඟිල්ලෙන් හෙළිවන ජීවන තොරතුරු

නොවැම්බර් 24, 2023

පුද්ගලයකුගේ සුළැඟිල්ල නමින් හැඳින්වෙන බුධ ඇඟිල්ල පරික්ෂා කිරිමෙන් ඒ පුද්ගලයාගේ කථිකත්වය, තර්කන හැකියාවන්, ආර්ථිකය, ලිංගිකත්වය ආදි වු කරුණු ගණනාවක් ගැන අවබෝධයක් ලබාගත හැකිය. එම නිසා අනෙකුත් ඇඟිලි සේම හස්ත්‍ර රේඛා ශාස්ත්‍රය තුළදී බුධ ඇඟිල්ලටත් විශේෂත්වයක් හිමිවේ.ඇඟිල්ලෙ සාමාන්‍ය පිහිටිම වන්නේ රවි අඟිල්ලේ නිය පුරුක මට්ටමට පිහිටිමය.

එම මට්ටමේ හෝ ඊට ඉහළ මට්ටමකට බුධ ඇඟිල්ල උස නම් එම පුද්ගලයන් සත්‍යවාදි අන්‍යයන් කෙරෙහි සිතන සෑම කරුණක් අවබෝධ වනසේ අදහස් ප්‍රකාශ කළහැකි හැම විෂයක් ගැන දැනුමක් සහිත පුද්ගලයකු වේ. උසස් අධ්‍යාපනයක් සදහා හොඳ අවකාශයක් ඇති පුද්ගලයන්ය. සමාජය ගැන පුළුල් අවබෝධයක් ඔවුන් සතුය. තව දුරටත් බුධ ඇඟිල්ල රවි ඇඟිල්ලේ නිය පුරුක මැදටත් වඩා දිග නම් හදිසි ධන සම්පත් ලැබිමට හිමිකම් ලැබිය හැකිය.

එමෙන්ම බුධ ඇඟිල්ල ගුරු ඇඟිල්ලේ නිය පුරුක් සංධියට වඩා දිග නම් ජිවිතයේ සියලු සැප සම්පත්වලට උරුමකමක් එම පුද්ගලයාට හිමි වේ. තම මවට සහෝදර සහෝදරියන්ට මෙන්ම දැඩි ආදර භක්තියෙන් යුත් කාන්තාවන්ට වැඩි ආදර කරුණාවක් දක්වන පුද්ගලයන් වේ. තවද දබර ඇඟිල්ල තරමටම දික්ව පිහිටා ඇත්නම් මහත්මා ගාන්ධි තුමන් වැනි දාර්ශනිකයන් බිහිවේ.නමුත් බුධ ඇඟිල්ල ඉතාම කෙටිව පිහිටා ඇත්නම් මේ තත්ත්වයන් සියල්ලම වෙනස් වේ. කරණු තේරුම් නොගන්නා සුලු දේටත් කිපෙන නිතරම අඬ දබරවලට පැටලෙන බුද්ධිහීන පුද්ගලයකු වේ. වංචනික ලෙස මුදල් ඉපයීම සදහා ඔවුහු කටයුතු කරති.

බුධ ඇඟිල්ලේ නිය පුරුකෙන් පුද්ගලයකුගේ කථිකත්වය ප්‍රධාන කොටගෙන එම පුද්ගලයාගේ ක්‍රියාකාරිබව, සහජ දක්ෂතා, විද්‍යාව කෙරෙහි ඇති ඇල්ම ආදි කරුණු ගැන තක්සේරුවක් ලබාගත හැකිය. නිය පුරුක අනෙත් පුරුක්වලට සාපේක්ෂව දිගින් වැඩි නම් ඔවුන් සෑම වේලාවකම තමන්ට ලැබෙන සෑම මාතෘකාවක් ඔස්සේම අසන්නාගේ අවධානය රදවාගෙන කථාකිරිමේ දක්ෂයෙක් වේ. එනම් හොඳ දේශකයකුගේ බුධ ඇඟිල්ලේ නිය පුරුක දික්ව පිහිටා තිබේ. එමෙන්ම එම පිහිටිම් සහිත පුද්ගලයා විද්‍යාත්මක නිතිමය ඉගෙනීම්වලට දක්ෂයෙක් වේ.කාලය කලමනාකරණය කර ගනිමින් කටයුතු කරන අතර කථාවෙන් අනුන් වසඟ කරගැනිමේ ස්වභාවයක් ඔවුන් සතුවේ. නිය පුරුක කෝනික් ස්වභාවයක් ගන්නේ නම් ගුප්ත විද්‍යා විෂයන් සදහා දක්ෂතාවයක් දක්වන අතර යමක් අවබෝධ කරළීම සඳහා විහිළු තහලු කිරිමට පෙලඹෙන ස්වභාවයක් ඔවුන් සතුය. එමෙන්ම නිය පුරුක හතරැස් ස්වභාවයක් ගන්නේ නම් පුද්ගලයා විද්‍යාත්මක විෂයන් පිළිබඳ ඉතා දක්ෂ දේශකයෙකු තත්ත්වයකට පත්වන ඉඟියකි. නිය පුරුක ස්පැටියුලේට් හැඩයක් ගන්නේ නම් ඉංජිනේරු වෘත්තිය තම රැකියාව බවට පත් කර ගනි.

ඇඟිල්ලක පුරුක්වල පිහිටා ඇති විශේෂිත වු ලක්ෂණයක්ද පුද්ගලයකුගේ ලක්ෂණයන් තීව්‍ර කිරිමටත් හීන කිරිමටත් හේතුවේ. විශේෂයෙන් පළමු පුරුක හෙවත් නිය පුරුකේ තරු සලකුණක් පිහිටා ඇතිනම් දේශපාලන ගමන් මඟක ගමන් කිරිමට ඉඩ ප්‍රස්ථාව සැලසේ. සිරස් රේඛාවන්ද ඇඟිලි පුරුක්වල දකින්න ලැබෙන අතර එම රේඛා තුනක් පිහිටිම ගුප්ත ශාස්ත්‍ර හැදැරීම සදහා හොඳ පිහිටිමකි. කතිර ලක්ෂණය ඇඟිල්ලේ ස්වභාවය මත ප්‍රතිඵල ලබාදෙන අතර ශුභ ලකුණු සහිත ඇඟිල්ලක කතිරය ඇත්නම් තැනට සුදුසු ආකාරයට ක්‍රියාකිරීමට අවශ්‍ය ප්‍රඥාව හෙවත් ස්ථානෝචිත ප්‍රඥාව පුද්ගලයාට ලබා දේ. අශුභ ලකුණු සහිත ඇඟිල්ලක නිය පුරුකේ කතිර සලකුණ පිහිටා ඇත්නම් සොර සිත් ඇතිවේ. ලිංගික දුර්වලතා නිසා විවාහ නොවීමට බොහෝ ඉඩකඩක් තිබේ. ග්‍රිල් සලකුණ පොදුවේ නිය පුරුකේ පිහිටිම එතරම් සුබ ලකුණක් නොවේ.

එසේම බුධ ඇඟිල්ලේ මැද පුරුක පුද්ගලයකුගේ තර්කන හැකියාවන් කියාපාන අතර මැද පුරුක දික්ව පිහිටා ඇතිනම් නිතිඥ වෘත්තිය වැනි තර්කානුකූලව කරුණු ඉදිරිපත් කරන රැකියාවන් සඳහා මොවුන් යොමුවේ. මෙවැනි පිහිටීමක් සහිත ගණිතය හා විද්‍යාව වැනි විෂයන්වල නියැළෙන ගුරුවරුන් ඉතා දක්ෂ ලෙස තම වෘත්තිය මෙහෙවයි. නමුත් මැද පුරුක කෙටිව පිහිටා ඇත්නම් විචාර බුද්ධියකින් තොරව කටයුතු කරන පුද්ගලයකු බිහිකරයි. නිය පුරුකේ මෙන් මැද පුරුකේ සිරස් රේඛා දෙකක් හෝ තුනක් පිහිටා ඇත්නම් ගුප්ත ශාස්ත්‍ර ඉගනීමට උනන්දු වේ. එසේම තරුවක් පිහිටා ඇත්නම් අත්ල හිමියා අයහපත් ආකල්පවලින් යුතු පුද්ගලයකු බවට පත්වේ. එමෙන්ම කතිරයක් සලකුණු වි ඇත්නම් සිරගතවිමකට ලක්විය හැකි ප්‍රවණතාවක් පෙන්වන බැවින් අත්ලේ අනිකුත් ලක්ෂණද පරික්ෂා කර තහවුරු කර ගැනිම නුවණට හුරුය.

බුධ ඇගිල්ලක තුන්වැනි පුරුක පුද්ගලයාගේ ව්‍යාපාරික හැකියාවන් ආර්ථිකමය තත්ත්වයන් පෙන්වන අතර තුන්වැනි පුරුක දික්ව පිහිටා ඇත්නම් ව්‍යාපාරික කටයුතුවලින් මුදල් ඉපැයීම සාර්ථකව සිදුකළ හැකිය. පුරුක කෙටිව පිහිටා ඇතිනම් විශේෂයෙන්ම ව්‍යාපාර කටයුතුවලින් පාඩු සිදුවන බවට බලාපොරොත්තු විය යුතුය. එසේම එම තත්ත්වය නිසා වංචා සහගත ලෙස මුදල් ඉපැයීම සදහා පෙලඹිය හැකිය. කතිර සලකුණද තුන්වැනි පුරුකේ පිහිටිම අසුබ ආකාරයට අත්ල හිමියාට බලපාන අතර ග්‍රිල් සලකුණ පුද්ගලයා නොමඟ යැවිම සිදුවන බව පෙන්නුම් කරන ලක්ෂණයකි. මේ ආකාරයට බුධ ඇඟිල්ලේ ස්වභාවය මත පුද්ගලයාගේ ක්‍රියාකාරිත්වය දක්ෂතා වෙනස් වන නමුත් තහවුරු කරගැනිම සදහා අනිකුත් ලක්ෂණද පරික්ෂා කළ යුතුය.

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ

මනෝ විද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක, මාතලේ නාඋල

බී.ඒ ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.