සතියේ පඤ්චාංගය

සැප්තැම්බර් 15, 2023

 

ශක වර්ෂ 1945ක් වූ සිංහ රවි 30 භාග බිනර පුර පෑළවිය ලත් කිවිදින සිට කන්‍යා රවි 06 භාග බිනර පුර සැටවක ලත් ගුරුදින දක්වායි.

 

ග්‍රහයෝ සහ රාශි

රවි - සිංහ ( 17 දා දවල් 01.30 කන්‍යා)

කුජ - කන්‍යා

බුධ - සිංහ

ගුරු - මේෂ

ශුක්‍ර - කටක

ශනි - කුම්භ

රාහු - මේෂ

කේතු - තුලා

යුරේනස් - මේෂ

නැප්චූන් - මීන

 

 

ග්‍රහයෝ සහ නැකැත්

රවි - උත්‍රපල්

කුජ - හත

බුධ - පුවපල්

ගුරු - බෙරණ

ශුක්‍ර - අස්ලිස

ශනි - සියාවස

රාහු - අස්විද

කේතු - සිත

යුරේනස් - කැති

නැප්චූන් - පුවපුටුප

 

 

පෝය

මෙම සතිය තුළ පෝය යෙදී නැත

 

චන්ද්‍ර චාරය

 

15 දා දවල් 12.36 කන්‍යා

17 දා රාත්‍රී 11.07 තුලා

20 දා උදේ 08.43 වෘශ්චික

 

දිනූ තත්ත්වය

සැප්තැම්බර් 15 සිකුරාදා

 

සිංහ රවි 30 භාග බිනර පුර පෑළවිය ලත් කිවිදින. ඉර උදාව 06.01 ඉර බැසීම 06.11. පුවපල් නැකත අලුයම 04.55න් ගෙවී උත්‍රපල් නැකත ලබයි. නිකිණි අව අමාවක උදේ 07.11න් ගෙවී බිනර පුර පෑළවිය තිථිය ලබා පවතී. සාධ්‍ය යෝගය අලුයම 02.59න් ගෙවී ශුභ යෝගය ලබයි. නාගකරණය උදේ 07.11න් ගෙවී කිංස්තුංගකරණය ලබා එය රාත්‍රී 08.15න් ගෙවී බවකරණය උදාව පවතී.

විෂ කලාව - ළැම

අමෘත කලාව - මාපටැඟිලි

මරු - ගිනිකොණ

යෝගිනී - නැඟෙනහිර

සුබ දිශාව - දකුණ

 

සැප්තැම්බර් 16 සෙනසුරාදා

 

කන්‍යා රවි 01 භාග බිනර පුර දියවක ලත් ශනිදින. ඉර උදාව 06.01. ඉර බැසීම 06.10. උත්‍රපල් නැකත උදේ 07.36න් ගෙවී හත නැකත ලබයි. බිනර පුර පෑළවිය තිථිය උදේ 09.18න් ගෙවී පුර දියවක තිථිය ලබයි. ශුභ යෝගය අලුයම 03.42න් ගෙවී ශුභ්‍ර යෝගය ලබයි. බවකරණය උදේ 09.18න් ගෙවී බාලවකරණය ලබා එය රාත්‍රී 10.16න් ගෙවී කෞලවකරණය උදාව පවතී.

විෂ කලාව - තනය

අමෘත කලාව - පතුල

මරු - නැඟෙනහිර

යෝගිනී - උතුර

සුබ දිශාව - දකුණ

 

සැප්තැම්බර් 17 ඉරිදා

 

කන්‍යා රවි 02 භාග බිනර පුර තියවක ලත් රවිදින. ඉර උදාව 06.01. ඉර බැසීම 06.10. හත නැකත උදේ 10.02න් ගෙවී සිත නැකත ලබයි. බිනර පුර දියවක තිථිය උදේ 11.09න් ගෙවී පුර තියවක තිථිය ලබයි. ශුක්‍ර යෝගය අලුයම 04.13න් ගෙවී බ්‍රහ්ම යෝගය ලබයි. කෞලවකරණය උදේ 11.09න් ගෙවී තෛතිලකරණය ලබා එය රාත්‍රී 11.57න් ගෙවී ගරජකරණය උදාව පවතී.

විෂ කලාව - ගෙල

අමෘත කලාව - කෙණ්ඩ

මරු - උතුර

යෝගිනී - ගිනිකොණ

සුබ දිශාව - දකුණ

 

සැප්තැම්බර් 18 සඳුදා

 

කන්‍යා රවි 03 භාග බිනර පුර තියවක ලත් සඳුදින. ඉර උදාව 06.01. ඉර බැසීම 06.09. සිත නැකත දවල් 12.06න් ගෙවී සා නැකත ලබයි. බිනර පුර තියවක තිථිය දවල් 12.38න් ගෙවී පුර ජලවක තිථිය ලබයි. බ්‍රහ්ම යෝගය අලුයම 04.28න් ගෙවී මහේන්ද්‍ර යෝගය ලබයි. ගරජකරණය දහවල් 12.38න් ගෙවී වණිජකරණය ලබයි.

විෂ කලාව - ගෙල, නාසය

අමෘත කලාව - කෙණ්ඩ, දණහිස

මරු - වයඹ

යෝගිනී - ගිනිකොණ

සුබ දිශාව - දකුණ

 

සැප්තැම්බර් 19 අඟහරුවාදා

 

කන්‍යා රවි 04 භාග බිනර පුර ජලවක ලත් කුජදින. ඉර උදාව 06.00 ඉර බැසීම 06.09. සා නැකත දවල් 01.46න් ගෙවී විසා නැකත ලබයි. බිනර පුර ජලවක තිථිය දහවල් 01.41න් ගෙවී පුර විසේනිය තිථිය ලබයි. මහේන්ද්‍ර යෝගය අලුයම 04.24න් ගෙවී වෛධෘති යෝගය ලබයි. වණිජකරණය අලුයම 01.15න් ගෙවී විෂ්ටිකරණය ලබා එය දහවල් 01.41න් ගෙවී බවකරණය උදාව පවතී.

විෂ කලාව - නාසය

අමෘත කලාව - දණහිස

මරු - බටහිර යෝගිනී - නිරිත

සුබ දිශාව - නැඟෙනහිර

 

සැප්තැම්බර් 20 බදාදා

 

කන්‍යා රවි 05 භාග බිනර පුර විසේනිය ලත් බුධ දින. ඉර උදාව 06.00. ඉර බැසීම 06.08. විසා නැකත දහවල් 02.56න් ගෙවී අනුර නැකත ලබයි. බිනර පුර විසේනිය තිථිය දහවල් 02.14න් ගෙවී පුර අටවක තිථිය ලබයි. වෛධෘති යෝගය අලුයම 03.57න් ගෙවී විෂ්කම්භ යෝගය ලබයි. බවකරණය අලුයම 02.04න් ගෙවී බාලවකරණය ලබා එය දහවල් 02.14න් ගෙවී කෞලවකරණය උදාව පවතී.

විෂ කලාව - ඇස

අමෘත කලාව - ලිංග, යෝනි

මරු - නිරිත යෝගිනී - දකුණ

සුබ දිශාව - නැඟෙනහිර

 

සැප්තැම්බර් 21 බ්‍රහස්පතින්දා

 

කන්‍යා රවි 06 භාග බිනර පුර සැටවක ලත් ගුරුදින. ඉර උදාව 06.00. ඉර බැසීම 06.08. අනුර නැකත සවස 03.32න් ගෙවී දෙට නැකත ලබයි. බිනර පුර සැටවක තිථිය දහවල් 02.12න් ගෙවී පුර සතවක තිථිය ලබයි. විෂ්කම්භ යෝගය අලුයම 03.05න් ගෙවී පී‍්‍රති යෝගය ලබයි. කෞලවකරණය අලුයම 02.20න් ගෙවී තෛතිලකරණය ලබා එය දහවල් 02.12න් ගෙවී ගරජකරණය උදාව පවතී.

විෂ කලාව - කන්‍යා

අමෘත කලාව - පෙකණිය

මරු - දකුණ

යෝගිනී - බටහිර

සුබ දිශාව - උතුර

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.