ආචාර්ය ජී.ඇම්. ගුණපාල නොමිලයේ ඡ්‍යොතිෂ සම්මන්ත්‍රණ මාලාව අරඹයි

සැප්තැම්බර් 13, 2024

ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී ආචාර්ය ජී.ඇම්. ගුණපාල මහතාගේ 80 වැනි ජන්ම දින සැමැරුම නිමිත්තෙන් සංවිධානය කරන ලදුව නොමිලේ පවත්වනු ලබන ඡ්‍යොතිෂ සම්මන්ත්‍රණ මාලාවේ පළමු සම්මන්ත්‍රණය එතුමාගේ 80 වැනි උපන්දිනය යෙදුණු පසුගිය 03 වැනි දා අනුරාධපුර නවපුත්තලම් පාරේ තිස්ස මාවතේ පිහිටි “සුනිවන ශ්‍රී ආර්ය ශාන්ති භවන” ශාලාවේ දී ප්‍රවීණ සහ ආධුනික ඡ්‍යොතිෂවේදී රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

එහිදී ඡ්‍යොතිෂයට අදාළ නාමකරණය මාතෘකාව යටතේ ඡ්‍යොතිෂවේදීන් දැනුම්වත් කරනු ලැබූ අතර හස්ත රේඛා වැඩමුළුවක් ද පැවැත්විණි. ශාස්ත්‍ර දානයක් ලෙස සලකමින් ලබන ඔක්තෝබර මස සිට සෑම පසළොස්වක පොහෝ දිනකම ඡ්‍යොතිෂ පලාපල කථනයට අදාළව සූක්ෂ්ම කරුණු විග්‍රහයක් අළාල ඡ්‍යොතිෂ දේශනයක් හා වැඩමුළුවක් සිදු කෙරෙනු ඇත.

ඡ්‍යොතිෂයට කැමැත්තක් දක්වන සියලු දෙනාට මේ සම්මන්ත්‍රණ මාලාවට සහ වැඩමුළුවලට සහභාගි විය හැකි ය.

ඡායාරූප - අනුරාධපුර සංචාරක

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.