‘මහිලා මේලා’ වෙනුවෙන් සුබසෙත සායනයක් 28 වැනිදා

ජුනි 21, 2024

 

ලංකා මහිලා සමිති ආරම්භ කර වසර 95ක් සපිරීම නිමිත්තෙන් ‘මහිලා මේලා’ නමින් වැඩසටහනක් ජුනි මස 27 සහ 28 වැනි දිනවල මාලඹේ වැලිවිට මහිලා සමිති ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරේ. එයට සමගාමීව සුබසෙත පුවත්පතට වසර 55ක් සපිරීමද නිමිති කොටගෙන ජුනි මස 28 වැනිදා සිකුරාදා එම මහිලා සමිති පරිශ්‍රයේදී සුබසෙත ඡ්‍යොතිෂායුර්වේද සායනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ප්‍රවීණ ඡ්‍යොතිෂවේදීන්, හස්ත රේඛා ශිල්පීන්, වාස්තු ශිල්පීන්, දේශීය හා ආයුර්වේද වෛද්‍යවරුන්, ගුප්තවිද්‍යාවේදීන් ආදී විෂයය ප්‍රාමාණිකයන් රැසකගේ සහභාගීත්වයෙන් මේ සායනය පෙරවරු 9.00 සිට සවස 5.00 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත. ලංකා මහිලා සමිතිය 1930 වර්ෂයේදී කැනේඩියානු ජාතික වෛද්‍ය මේරි රත්නම් මහත්මිය විසින් ලංකාවට ප්‍රථම වරට හඳුන්වා දුන් කාන්තා සංවිධාන අතුරින් අදටත් ගම්බද කාන්තාවන්ගේ සාමාජීය හා සෞඛ්‍ය, ආර්ථික තත්ත්වය නංවාලීමේ කාර්යයේ නියැළෙන අතර සමාජසේවා ආයතනයක් ලෙස ඉතා වටිනා සේවා රාශියයක් සිදු කරයි. දැනට දිස්ත්‍රික්ක 16ක ක්‍රියාකාරි ලංකා මහිලා සමිති ශාඛා පවත්වාගෙන යන අතර එම සෑම දිස්ත්‍රික්කයකම පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පවත්වා ගෙන යනු ලබයි.

 

------------------

විෂ වෙද රෝහලේ බත් දන්සැල කැලණිය පූජා භූමි පරිශ්‍රයේ දී 21 දා

ශ්‍රී ලංකා ආයුර්වේද විෂ වෛද්‍ය මහා සංගමයට අනුබද්ධිත කැලණිය විෂවෙද රෝහල සහිත වෛද්‍ය විද්‍යාලය මඟින් වාර්ෂිකව පවත්වනු ලබන ‘බත් දන්සැල’ මෙවරත් මෙම මස 21 පොසොන් පොහෝ දින සවස 2.30ට කැලණිය රජමහා විහාරස්ථ පූජා භූමියේ දී පැවැත්වේ. මෙය සංගමයේ ලේඛකාධිකාරිණී හා විදුහල්පතිනි විනීතා කල්‍යාණි පතිරාජ මහත්මියගේ මඟ පෙන්වීම යටතේ වෛද්‍යවරුන් හා විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සංවිධානත්වයෙන් සිදු කෙරේ.

ගීත් ද මැල්

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.