සුබසෙත 55 සංවත්සරයට බෝධි පූජා පින්කමක්

ජුනි 7, 2024

සුබසෙත පුවත්පතට වසර 55ක් සැපිරීම නිමිති කොට ගෙන බෝධිපූජාමය පින්කමක් පසුගිය 28 වැනි දා කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේදී පැවැත්විණි.

මෙහිදී ලේක්හවුස් ආයතනයේ ආදි කර්තෘ ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් සිහිපත් කරමින් සහ වත්මන් සභාපතිතුමන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයටත්, සුබසෙත වත්මන් කර්තෘ මණ්ඩලයටත් වසර 55ක් පුරා පුවත්පත වෙනුවෙන් සේවය කළ සියලු දෙනාටත් ආශිර්වාදය හා පින් පැමිණවීම සිදුකරන ලද්දේ පුජ්‍ය මහාචාර්ය ඉත්තැදෙමලියේ ඉන්ද්‍රසර නායක හිමියන් විසිනි.

මේ අවස්ථාවට ලේක්හවුස් ආයතනයේ සේවක සේවිකාවන් රැසක් සහභාගි වූ අතර සුබසෙත පුවත්පත වෙනුවෙන් ලිපි සපයන සම්පත්දායකයෝ ද එක්ව සිටියහ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.