වර්ෂ 2025 ක්වූ January 17 වැනිදා Friday
තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරාගේ මුද්දර සමරුව
හැටේ දශකයේ සිටම අප රටේ තාරකා විද්‍යාව සහ අභ්‍යවකාශ විද්‍යාව ප්‍රචලිත කිරීමෙහිලා යුග මෙහෙවරක යෙදුන ප්‍රවීණ විද්‍යා ලේඛක සහ තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතා විසින් තම උපන්දිනය සැමරීමේ දී තැපැල් දෙපාර්තමේන්තුවට අයත් මුද්දර කාර්යාංශය මගින් නිකුත් කළ මුද්දර මාලාවක්, පසුගිය දා කොළඹ ‘බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා’ පරිශ්‍රයේ දී පැවැති ‘සරසවි’ සමූහ ව්‍යාපාරයේ අධිපති එච්. ඩී. ප්‍රේමසිරි මහතා අතට පත්කළ අවස්ථාව.
මේ විශේෂ අවස්ථාව සඳහා වමේ සිට දකුණට තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා, ‘සරසවි’ අධිපති එච්. ඩී. ප්‍රේමසිරි, මහාචාර්‍ය්‍ය ජේ. බී. දිසානායක, ‘සරසවි’ අධ්‍යක්ෂිකා කුමුදිනී හපුතන්ත්‍රී සහ සමරු මුද්දර මාලාව නිර්මාණය කල ‘ජෙම් සිටීස් ඇස්ට්‍රෝ’ සංගමයේ සභාපති / විද්‍යා ලේඛක රුසින් සත්සර යන මහත්ම මහත්මීන් සහභාගි විය. ශ්‍රී ලංකාවෙහි ග්‍රන්ථ ප්‍රකාශන ක්ෂේත්‍රයෙහිලා අද්විතීය මෙහෙවරක් ඉටුකල සාහිත්‍යකාමී එමෙන්ම කලාකාමී යුගපුරුෂයෙකු වන එච්. ඩී. ප්‍රේමසිරි මහතාගේ අසූවෙනි උපන්දිනය සැමරීමද මේදිනට යෙදී තිබුණි.