කැලණිය සරසවියෙන් දීර්ඝායූ නමින් සමාජ සත්කාරයක්

මැයි 17, 2024

දියවැඩියාරෝගී තත්ත්වයෙන් පෙළෙන ග්‍රාමීය ජනතාව කේන්ද්‍ර කර ගනිමින් කැලණිය විශ්වවිද්‍යාලයීය ලියෝ සමාජයේ ආගමික හා සංස්කෘතික ඒකකය මඟින් දියත් කෙරුණ “දීර්ඝායූ” සමාජ ව්‍යාපෘතිය, පසුගිය මාර්තු මස 10 වැනිදා, කඩවත මංකඩ පුරාණ රජමහා විහාරයේ දී පැවැත්විණි.

මෙම ව්‍යාපෘතිය හා අත්වැල් බැඳගත් අනුග්‍රාහයකයන් වූයේ, දිනමිණ සහ උදඪඬඅචඤඪධ සහ පෞද්ගලික රෝහලකි. ප්‍රදේශවාසීන් 200කට ආසන්න පිරිසකගේ දියවැඩියා පරීක්ෂණ පැවැත්වීමේ සෞඛ්‍ය කඳවුරක් උදෑසන කාලයේ දී පවත්වනු ලැබූ අතර අනතුරුව සියලුම දෙනාගේ ශරීර ස්කන්ධ දර්ශකය ද පරීක්ෂා කිරීමට ලියෝ සාමාජිකයන් කටයුතු කරන ලදී. එමෙන්ම, සෞඛ්‍ය කඳවුරට සහභාගී වූ සියලු දෙනාටම දිවා ආහාරය ද ලබා දුන් අතර සෞඛ්‍යය කඳවුරෙන් පසුව සියලුම වැඩිහිටියන් දියවැඩියාව පළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනක් සහ අත් පත්ත්‍රිකා බෙදා දීමේ වැඩසටහනක් ද පවත්වන ලදී. මෙහිදී සියලුම ආකාරයේ දියැඩියා රෝගී තත්ත්ව සමඟ ඇතිවන රෝගී තත්ත්වයන් පිළිබඳව දැනුවත් කරමින් මෙම රෝගී තත්ත්වයෙන් වැළකීමට ගත යුතු ක්‍රියාමාර්ග දැක්වීම ද මෙහිදී සිදු විය. මේ සඳහා සම්පත්දායකවරයා ලෙස එක් වූයේ බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි පුබුදු සම්පත් මහතාය. දියවැඩියාව පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන වැඩිහිටියන්ට පමණක් සීමා නොවුන අතර , දහම් පාසල් දරුවන් උදෙසා ද සිදු කරන ලදි. මන්දයත් දියවැඩියාව රෝගය යනු, වයස් භේදයකින් තොරව බාල මහලු ඕනෑම අයෙකුට වැළඳීමට හැකි රෝගයක් වන නිසාවෙනි.

ආර්. ආර්. සී. මධුභාෂිණී රාජපක්ෂ

-----------------------------

කුරුණෑගලට හෙළ වෙද පවුරෙන් දන්සැලක්

 

අන්තර්ජාතික පාරම්පරික හෙළ වෙද පවුර මඟින් මේ මස 24 වැනිදා කුරුණෑගල වෙහෙරගල රජමහා විහාරයේදී නොමිලේ වෛද්‍ය සායනයක් සහ ඊට සමගාමීව දිවා රාත්‍රී බත් සහ ඔසුපැන් දන්සලක් ද දුෂ්කරතා ඇති පාසල් දරුවන් 50 දෙනකු වෙනුවෙන් පොත්පත් කට්ටල ද බෙදා දීමට කටයුතු යොදා ඇති බැවින් ප්‍රදේශ වාසීන්ට එම අවස්ථාවට සහභාගී වන ලෙස සංවිධානයේ ලේකම් නිශාන්ත දිසානායක මහතා දන්වා සිටියි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.