ඓතිහාසික කබුළුමුල්ල පත්තිනි දේවාලයේ වාර්ෂික පෙරහර අද

ජූලි 26, 2024

සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ කරවනැල්ල නගරයට ආසන්නව පිහිටි කබුළුමුල්ල ග්‍රාමයේ ඓතිහාසික වැදගත්කමක් ඇති සුවිශේෂි ස්ථානය වන්නේ කබුළුමුල්ල ඓතිහාසික පත්තිනි දේවාලයයි. මෙම දේවාලයේ 442 වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය මෙවරත් අති උත්කර්ෂවත් ලෙසින් පැවැත්වීමට සියලු කටයුතු යොදා තිබේ.

ජූලි 13 වැනිදා කප් සිටුවීමෙන් ආරම්භ වූ පෙරහර මංගල්‍යයේ කටයුතු සියල්ලම නියමිත පරිදි සංවිධානය කර ඇති බව දේවාලයේ භාරකාර අභය රණසිංහ මුදියන්සේලාගේ වරුණ රණසිංහ මහතා සඳහන් කරයි. ඒ අනුව ජූලි 20 සහ 21 දෙදින කුඹල් පෙරහරත්, ජූලි 22 සහ 23 දෙදින උඩමළුවේ පෙරහරත් ජූලි 24 සහ 25 පහත මළුවේදී පෙරහරත් පවත්වනු ලබයි. මෙවර වාර්ෂික මහා වීදි පෙරහර වීදි සංචාරය කරනු ලබන්නේ ජූලි 26 වැනි දිනයි. මේ පෙරහර ජූලි 26 වැනිදා රාත්‍රියේ දේවාලයේ සිට කරවනැල්ල නගරය දක්වා වීදි සංචාරය කරන අතර මේ පෙරහර සඳහා අලි ඇතුන් විස්සකට වැඩි සංඛ්‍යාවක් සහභාගී කර ගැනීමට නියමිතය. උඩරට, පහතරට හා සබරගමු සම්ප්‍රදායේ නැටුම් රාශියක් ඇතුළත් මෙම පෙරහර පවත්වා පසුදින එනම් ජූලි 27 වැනිදා කැළණි ගඟේ දිය කැපීමේ මංගල්‍යයෙන් පෙරහර කටයුතු නිමාවට පත් වෙයි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.