සිරිකත කැන්දන මැණික්

මාර්තු 1, 2019

මේ වන විට සමාජයේ වැඩි කතාබහකට ලක්වී ඇතිව මෙන්ම නිතර මිනිසුන් රැවටෙන හා රවට්ටන මැණික් පිළිබඳ ඔබව සුළුවෙන් හෝ දැනුවත් කිරීම අපගේ යුතුකමක් හා වගකීමක් බව සිතා මෙම ලිපිය සකස් කරමි. අනාදිමත් කාලයක සිට මිනිසා තමාට සිදුවන නොයෙකුත් කරදර, දුක්පීඩා නැතිකර ගැනීම සඳහා විවිධ දේ ළංකරගත්හ.

ඒ අතරින් මෙම පොළව තුළ ඇති අති උතුම් වස්තුවක් වූ මැණික් පිළිබඳ දැක්වූ උනන්දුව වැඩිය. ලාංකීය ඉතිහාසය තුළ මිණිකැට පිළිබඳ කතාබහට ලක්වන්නෙ ක්‍රි.පූ. 6-5 පෙරය. එනම් ලක්දිව රජකළ මහා නරනිඳු ශ්‍රී ලංකාධිශ්වර මහා රාවණ රජුකල සිටය. රාවන රජුට අයත් ලංකාපුරය පොළව යට තිබූ බවටත් එහි ආලෝකය සපයන ලද්දේ විශ්ව ශක්තිය ගොනුකළ මාණික්‍යයෝ බවටත් බොහෝ සාක්ෂි ඇත. ලෝකයේ ඉතා අලංකාර හා පළුදු රහිත මිල කිරීමට පවා අපහසු මැණික් ඇත්තේ අප රටේ බව අප දනිමු. ඒවා අතර නිල් මැණික් හා පුෂ්පරාග ප්‍රධාන තැනක් ගනී. මෙම මැණික් වර්ග පිළිබඳ පර්යේෂණ කරන විට මෙහි අන්තර්ගතව ඇති රසායනික ද්‍රව්‍ය 92 ක් පමණ දැකිය හැකි වේ. මෙම රසායනික ද්‍රව්‍ය මිනිස් ශරීරයට හිතකර හා අහිතකර තත්වය එක් එක් මිනිස් ශරීරයට විවිධ අයුරින් බලපාන බැවින් මේ පිළිබඳ නිවැරදි දැනීමකින් පරිහරණය කළ යුතු වේ. මැණික් පිළිබඳ විශ්ලේෂණය කිරීමේදී පහත සඳහන් අයුරින් කොටස් 2 වෙන්කරගත හැකිය. එනම් ශුද්ධ රත්න හා අර්ධරත්න වශයෙනි.

ඡ්‍යොතිෂවේදී රත්න ශ්‍රී සෙනරත් හොරණ

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.