කොණ්ඩදෙණිය විහාරයේ කොත් පැලැඳූ මව්පිය සෑය

සැප්තැම්බර් 27, 2024

 

කොණ්ඩදෙණිය විහාරාධිපති පූජ්‍ය කඩම්බාවේ අනුරුද්ධ නාහිමියන්ගේ අනුශාසනා පරිදි සැප්තැම්බර් මස 15 වැනි දිනට යෙදුණු සුබ මොහොතින් කොණ්ඩදෙණිය විහාරයේ අභිනවයෙන් ඉදි කරන ලද මව්පිය සෑය විවෘත කිරීම සිදු විය. මේ පුණ්‍යෙීත්සවය ශ්‍යාමෝපාලී මහා නිකායේ, අස්ගිරි පාර්ශවයේ විංසත් වාර්ගික කාරක සංඝ සභාවේ, ජෙ‍්‍යෂ්ඨ කාරක සංඝ සභික, සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ප්‍රධාන සභාපති, අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ හිටපු මහෝපාධ්‍යාය, අග්ග මහා පණ්ඩිත මහාචාර්ය, පූජ්‍ය තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ධ නාහිමියන් වහන්සේගේ සහ බටහිර ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල් රෝස් ජලග්ගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. මේ පුණ්‍යෙීත්සවයට සමගාමීව බොහෝ පුණ්‍ය කටයුතු සිදු කෙරුණු අතර විහාරස්ථ සංවර්ධන අරමුදල ආරම්භ කිරීම ද සිදු විණි. මව්පියවරුන් වෙනුවෙන් ඉදි කරන ලද මව්පිය සෑය විවෘත කිරීමේ මේ පුණ්‍යෙීත්සවය සඳහා විශාල සැදැහැවතුන් පිරිසක් සහභාගී වී සිටියහ. 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.