2024/10/09 බදාදා - ලග්න සහ රාහු කාලය

ඔක්තෝබර් 9, 2024

 

ඉර උදාව පෙ.ව. 05.58
ඉර බැසීම ප.වත 05.58
රාහු කාලය දවල් 11.58 - 01.28
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. ගෘහ ජීවිතයේ කටයුතුවලට විශේෂ උනන්දුවක් දක්වයි. උත්සාහයෙන් කටයුතු කරන දිනයකි.

වෘෂභ

උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි කටයුතු කීපයක් යෙදේ. හදිසි ගනුදෙනුවලට පැටලීමට ඉඩ ඇත. විශේෂ උත්සවයකට සහභාගිවීමට කටයුතු උදා කරයි.

මිථුන

වගකීම් බහුල කරයි. අමතර ගමනක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. පුණ්‍ය කටයුත්තකට මූලිකත්වයක් ගන්නා දිනයකි.

කටක

ගැටලුකාරි බවකින් නිදහස්වීමට අවස්ථාව උදා කරයි. යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. අලුත් හිතවත්කම්වලට මඟ සැලසේ.

සිංහ

අවිවේකී ලෙස දවස උදා කරයි. සිත් අමනාපයක් දුර දිග යා හැකියි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවිය හැකියි.

කන්‍යා

පොත්පත් ලිපි ලේඛන ගැටලුවකට මුහුණපෑමට සිදුවෙයි. වෙනදාට වඩා සමාජ සේවා කටයුතුවල නිරතවන බවක් පෙනේ. වගකීම් බහුල දිනයකි. උරහිස ආශ්‍රිත ආබාධයකින් පීඩා විඳීමට සිදුවේ.

තුලා

උත්සාහයේ තරමට ප්‍රතිපල උදා නොකරන දිනයකි. හිතවතකු සමඟ මුදල් හුවමාරුවක් සිදු කර ගනී. විභාග ජයග්‍රහණයක් පිළිබඳ සතුටට පත්විය හැකි බවක් පෙනේ.

වෘශ්චික

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. මෙතෙක් පැවැති සිත් අමනාපයක් මඟහැරී යයි. පවුලේ අයගේ ප්‍රසාදයට හේතු ඇති කරයි. අමතර ලැබීම් සහිත දිනයකි.

ධනු

පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවෙයි. මවගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. සැලසුම් කීපයක් වෙනස් කිරීමට සිදුවෙන දිනයකි.

මකර

පැරැණි හිතවත්කමක් අලුත් කරයි. සෙම් රෝගයක් හේතුවෙන් පීඩාකාරි බවක් ඇති කරයි. පවුලේ මතගැටුමක් දුරදිග යා හැකියි. දුරදිග බලා කටයුතු කරන්න.

කුම්භ

උත්සාහයේ තරමට ප්‍රතිපල උදා නොවන බවක් පෙනේ. දුර ගමනක් යෙදෙන දිනයකි. මිහිරි ආහාරපාන කෑමට හිමිකරයි. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි.

මීන

අවිවේකී බව මඟහැරී යයි. අලුත් හිතවත්කම්වලට කටයුතු උදා කරයි. විශ්වාසය බිඳවැටීමක් සිදුවීමට ඉඩ ඇත. දතක ආබාධයක් හේතුවෙන් පීඩා ගෙන දෙන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.