2024.06.22 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය

ජුනි 22, 2024

 

ඉර උදාව - පෙ.ව. 05.57
ඉර බැසීම - ප.ව. 06.28
රාහු කාලය - උදේ 09.04 - 10.39
සුබ දිශාව - දකුණ

 

මේෂ

හිතුමතයට කටයුතු සිදු කරන දිනයකි. ශාරීරික වෙහෙසීම් බහුල කරයි. හිතවත් අයකුගේ භෝජන සංග්‍රහයකට සහභාගිවීමට කටයුතු උදා කරයි.

වෘෂභ

නැති වූ දෙයක් නැවත හිමි කරයි. පවුලේ වගකීම් කීපයක් තමාවෙත පැවැරීමට ඉඩ ඇත. අලුත් හිතවත්කම්වලට කටයුතු උදා කරන දිනයකි.

මිථුන

නිතර පොත් පත් කියවීමට රුචිකත්වයක් දක්වන බවක් පෙනේ. තරග විභාගයක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. හදිසි ගමනකට කටයුතු උදා කරන දිනයකි.

කටක

ගතට සිතට අවිවේකී බවක් ඇති කරයි. මවුපස ඥාතියකුට උපකාරයක් කිරීමට කටයුතු උදා කරයි. අමතර ලැබීම්වලට ඉඩකඩ ඇති දිනයකි.

සිංහ

දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට කටයුතු උදා කරයි. වෙනදාට වඩා ඇවිදිලි වැඩි කරන බවක් පෙනේ. අන්සතු වස්තු ලාභයකට හිමිකම් ඇති කරයි.

කන්‍යා

ආගමික භක්තිය දනවන කටයුතු කීපයක් සිදුකිරීමට අවස්ථාව සැලසේ. දරුවකු වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.

තුලා

අවිවේකී ලෙස දවස උදා කරයි. පොත්පත් ලිපි ලේඛන ගැටලුවකට මුහුණපෑමට සිදුවෙයි. ණය මුදලකින් නිදහස්වීමට කටයුතු උදා කරන දිනයකි.

වෘශ්චික

ගතට සිතට සැනසිල්ල උදා කරයි. හිතවතකුගේ භෝජන සංග්‍රහයකට සහභාගිවීමට කටයුතු උදා කරයි. පෙම් සබඳතාවයකට පැටලීමට ඉඩ ඇති දිනයකි.

ධනු

පවුලේ වගකීම් වැඩි කරයි. අලුත් ඥාති මිත්‍රාදීන් දැන හඳුනා ගැනීමට කටයුතු සැලසේ. රැකියාවේ කටයුතු සම්බන්ධ වෙහෙසීම් වැඩි කරන දිනයකි.

මකර

අවිවේකී ලෙස දවස උදා කරයි. පවුලේ කෙනෙකුගේ දෝෂාරෝපණයට ලක්වීමට ඉඩ ඇත. දතක ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවෙයි.

කුම්භ

අමතර ලැබීම් අතින් යහපත් දිනයකි. නැති වූ දෙයක් නැවත හිමිකරන බවක් පෙනේ. නිතර විනෝදයට බරව කටයුතු සිදුකරන දිනයකි.

මීන

වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. අමතර වියදම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.