2024.06.30 ඉරිදා - ලග්න සහ රාහු කාලය

ජුනි 30, 2024

 

 ඉර උදාව - පෙ.ව. 05.59
ඉර බැසීම - ප.ව. 06.30
රාහු කාලය - සවස 04.56 - 06.30
සුබ දිශාව - දකුණ

 

මේෂ

තමා සතු දේ නැතිවීමෙන් හෝ කැඩී බිඳී යාමෙන් පාඩු සිදුවේ. අවුල් වියවුල් සහිත දිනයකි. උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබෙනු ඇත. බලාපොරොත්තුª කඩවේ.

වෘෂභ

දියුණුව අඩුකම ගැන සිතන දිනයකි. මිතුරන් සමඟ සතුටුවීමට හෝ අමුත්තන්ගේ පැමිණීමක් බලාපොරොත්තු විය හැකි බවක් පෙනේ. හිතවත් අයකුගේ භෝජන සංග්‍රහයක් වැනි දෙයකට සහභාගිවීමට කටයුතු උදා කරයි.

මිථුන

හිතවතකුගේ උපකාරයක් හිමිවන දිනයකි. වියදම් අධික වේ. අන් අය ගැන සැකයකින් යුතුව කටයුතු කරයි. කරදර සිත් තැවුල් සහිතව කාලය ගත වනු ඇත.

කටක

භෝජන සංග්‍රහයක් හෝ දානමය කටයුත්තක් වැනි දෙයකට සහභාගිවීමට ලැබෙනු ඇත. විනෝදයෙන් කාලය ගතවන අතර කලකදී හමු නොවූ හිතවතුන් හමුවනු ඇත.

සිංහ

සිතේ පැවැති සැහැල්ලු බව අඩුව යනු ඇත. හුදකලාව කටයුතු කිරීමට බලයි. ආදර බන්ධන වැනි දෙයින් සිත් තැවුල් ඇතිවනු ඇත. පොරොන්දු ගිවිසුම් වෙනස් වේ.

කන්‍යා

ස්ත්‍රී පක්ෂයේ අයගේ ආශ්‍රයක් ඇති වන අතර කලකින් හමු නොවූ පිරිසක් හමුවීම මත සිතේ සතුටක් ඇතිවේ. මතභේදයට තුඩුදෙන කරුණු ද ඇතිවනු බවක් පෙනේ.

තුලා

ශරීරයට අධික වෙහෙස කර ගතියක් හෝ දණහිසින් පහළ කොටසේ අමාරු ගතියක් ඇතිවේ. අධික වියදමක් යෙදෙන අතර ණයවීමට පවා කරුණක් යෙදේ. සුබවැඩට නොබැසිය යුතුයි.

වෘශ්චික

පිනට දහමට ආශාව ආගම් භක්තිය ඇති කරයි. වියදම් අධික වන දිනයකි. අමුතු දෙයක් ගැන සිතේ කැමැත්තක් ඇතිවනු ඇත. කලකින් හමු නොවූ අයකු මුණ ගැසෙනු ඇත.

ධනු

ස්ත්‍රී පක්ෂයේ අය සමඟ එකට එකතු වී කරන කටයුතුවලට සිත යොමුවනු ඇත. ධෛර්යමත්ව කටයුතු කරන අතර ආගම දහමට ද ඇල්මක් ඇතිවේ. කම්මැලි අලසගති නැතිව කටයුතු කරයි.

මකර

දියුණුවට කටයුතු සැලසෙන අතර ඥාතීන් හෝ මිත්‍රයන් සමඟ පී‍්‍රතියෙන් ආශ්‍රය කිරීමට ඉඩ ලැබේ. ලාභ ප්‍රයෝජන ලැබෙන දිනයකි. සමාජ ආශ්‍රයට යොමු වේ.

කුම්භ

නොතේරුම්කමින් හෝ වැරදීමෙන් පාඩු අලාභ හානි සිදුවනු ඇත. එසේම අවුල් වියවුල්වලට අසුවීමට පවා ඉඩ ඇති බැවින් පරිස්සම් විය යුතු ය.

මීන

නිතර පින් දහම් කටයුතුවලට සම්බන්ධවීමෙන් සිතට සතුට සැනසීම ඇති කරයි. පවුලේ අය ගැන වෙනදාට වඩා සැලකිලිමත් විය යුතුයි. මෙතෙක් ප්‍රමාදවෙමින් පැවැති යෝජනාවක් ස්ථිරවිය හැකි දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.