2024.06.24 සඳුදා - ලග්න සහ රාහු කාලය

ජුනි 24, 2024

 

ඉර උදාව - පෙ.ව. 05.57
ඉර බැසීම - ප.ව. 06.29
රාහු කාලය - උදේ 07.31 - 09.05
සුබ දිශාව - දකුණ

 

මේෂ

ස්ථිර අදහස් ඇතිව කටයුතු සිදු කරයි. තරමක් දුරට සැනසිලිදායක බව අඩු කරන බවක් පෙනේ. පින් දහම් කටයුතුවල නිරතවන දිනයකි.

වෘෂභ

පැවැති වගකීමකින් නිදහස උදා කරයි. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදු කරන බවක් පෙනේ. හදිසි ගනුදෙනුවකට සම්බන්ධවන දිනයකි.

මිථුන

අමතර ලැබීම් හිමි කරයි. පැවැති අසනීපයකින් සුවය හිමිකරන බවක් පෙනේ. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි.

කටක

සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදු කරයි. අතමිට මුදල් ගැවසුණත් වැය පස අධික වන බවක් පෙනේ. පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවන දිනයකි.

සිංහ

වෙනදාට වඩා උදාසීන ලෙස කටයුතු සිදු කරයි. නොසිතූ පාඩුවක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ. ළඟින් ඇසුරු කරන අයකු පිළිබඳ සැලකිලිමත් වන්න.

කන්‍යා

හදිසි ලැබීමකට හිමිකම් ඇති බවක් පෙනේ. ශාස්ත්‍රීය කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වයි. හදිසි ජයග්‍රහණවලට හිමිකම් ඇති දිනයකි.

තුලා

සිතේ සතුටට කරුණු ඇති කරයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. ණය ගනුදෙනුවකින් නිදහස්වීමට කටයුතු සැලසෙන දිනයකි.

වෘශ්චික

අවිවේකී ලෙස කටයුතු සිදු කරයි. ළඟම හිතවතකුට උපකාරයක් කිරීමට කටයුතු සැලසේ. වියදම් පක්ෂය වැඩි කරන දිනයකි.

ධනු

ගතට සිතට සැනසිලිදායක බවක් ඇති කරයි. පවුලේ ධානමය කටයුත්තකට සහභාගිවීමට කටයුතු උදා කරයි. අලුත් නෑදෑහිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු යෙදෙන දිනයකි.

මකර

වගකීමකින් නිදහස උදා කරයි. අලුත් දේ ඉගෙනීමට අවස්ථාව සැලසේ. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න.

කුම්භ

විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. වෙනදාට වඩා අලංකාරයට සිටීමට කැමැත්තක් දක්වන බවක් පෙනේ.

මීන

විශේෂ සැලසුමකට අත ගැසීමට කටයුතු උදා කරයි. අතමිට මුදල් ගැවසුණත් වැය පස අධිකවන බවක් පෙනේ. කණ්ඩායම් වැඩ සටහනක මූලිකත්වයක් දරන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.