2024.06.20 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය

ජුනි 20, 2024

 

ඉර උදාව - පෙ.ව. 05.56
ඉර බැසීම - ප.ව. 06.28
රාහු කාලය - දවල් 01.46 - 03.20
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. පැවැති වගකීමකින් නිදහස උදා කරයි. තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.

වෘෂභ

අමතර වාසි සැලසෙන දිනයකි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. ලැබීම් අතින් යහපත් වුවත් වැයපස අධික වන බවක් පෙනේ.

මිථුන

නොගැළපෙන ඇසුරකට සිත යොමු කරයි. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. අමතර ලැබීම් සහිත දිනයකි.

කටක

අමතර ආදායම් මාර්ග කීපයක් යෙදේ. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට අවස්ථාව සැලසේ. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත.

සිංහ

හිතුමතයට කටයුතු සිදු කරයි. අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන බවක් පෙනේ. මෙතෙක් පැවැති නොසන්සුන්කාරී බව මඟහැරී යයි. අලුත් සැලසුමකට අතගසන දිනයකි.

කන්‍යා

වගකීම් බහුල කරයි. විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. අමතර ලැබීම් අතින් යහපත් දිනයකි. පාදයේ ආබාධයක් නැවත මතුවන ලකුණු පෙනේ.

තුලා

නිතර විනෝදයට බරව කටයුතු සිදුකරන බවක් පෙනේ. දානමය කටයුත්තකට සහභාගිවීමට කටයුතු උදා කරයි. ප්‍රභූ ඇසුරට කටයුතු සැලසෙන දිනයකි.

වෘශ්චික

ණය ගනුදෙනුවකින් නිදහස සැලසෙන බවක් පෙනේ. අවිවාහකයන්ට සුබදායක බවක් පෙනේ. වගකීම් බහුල දිනයකි.

ධනු

අමතර ලැබීම් අතින් යහපත් කරයි. වැඩිහිටියකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. පවුලේ අය සමඟ දුරගමනකට සැලසුමක් ඇති කර ගන්නා බවක් පෙනේ.

මකර

අවිවේකී ලෙස දවස උදා කරයි. වෙනදාට වඩා මුදල් වියදම් වැඩිවන බවක් පෙන්නුම් කරයි. ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.

කුම්භ

දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට කටයුතු සැලසේ. අමතර ලැබීම් සහිත දිනයකි. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදා කරයි.

මීන

ගතට සිතට සැනසිලිදායක බවක් ඇති කරයි. විශේෂ උත්සව අවස්ථාවකට සහභාගිවීමට කටයුතු උදා කරයි. වැඩිහිටි උපකාරයක් හිමිකරන දිනයක් වන අතර පවුලේ බැඳීම්වලට හේතු ඇති කරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.