2024.06.17 සඳුදා - ලග්න සහ රාහු කාලය

ජුනි 17, 2024

 

ඉර උදාව - පෙ.ව. 05.56
ඉර බැසීම - ප.ව. 06.27
රාහු කාලය - උදේ 07.29 - 09.04
සුබ දිශාව - උතුර

 

මේෂ

තරමක් දුරට අවිවේකී වුවත් කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවන දිනයකි. පවුලේ වගකීම් වැඩි කරයි. පෙම් සබඳතාවයකට වැඩිහිටි ආශිර්වාදය හිමිවන බවක් පෙනේ.

වෘෂභ

විශ්වාසය බිඳ වැටීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි.

මිථුන

විශ්වාසය බිඳ වැටීමක් සිදු කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න.

කටක

අමතර ලැබීම් සහිත දිනයකි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙන්නුම් කරයි. ගතට සිතට අවිවේකී බවක් ඇති කරන බවක් පෙනේ.

සිංහ

නැති වූ දෙයක් නැවත හිමි කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන කටයුතු කීපයක් යෙදේ. සැනසිලිදායක ලෙස දවස ගෙවයි.

කන්‍යා

ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙනේ. පවුලේ් උත්සව අවස්ථාවක් පිළිබඳ සැලසුමක් ඇති කර ගනී. හිතවතකුගෙන් ත්‍යාගයක් හිමිවන දිනයකි.

තුලා

අඹු සැමි සුහදතාවයට හේතු ඇති කරයි. සිතට සතුට සැනසීම ගෙනදෙන දිනයකි. අමතර ලැබීම් අතින් යහපත් වන බවක් පෙනේ.

වෘශ්චික

අලුත් හිතවත්කම්වලට කටයුතු උදා කරයි. පවුලේ ඉදිරි සැලසුමක් වෙනස් කිරීමට කරුණු ඇති කරයි. අලුත් වැඩ පිළිවෙලක් ආරම්භයට කරුණු සැලසෙන දිනයකි.

ධනු

පැවැති වගකීමකින් නිදහස උදා කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. අතමිට මුදල් ගැවසෙන මාර්ග කීපයක් යෙදීමට ඉඩ ඇත.

මකර

අවිවේකී ලෙස දවස උදා කරයි. තැන්පත් ධනය වැයවන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. නිතර පුණ්‍ය කටයුතුවල නිරතවන දිනයකි.

කුම්භ

ලැබීම් අතින් යහපත් කරයි. පවුලේ සුහදතාවයට කරුණු ඇති කරයි. පැරැණි හිතවතකුගේ හමුවීමක් සිදුවීමට ඉඩ ඇත. තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න.

මීන

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. මිහිරි ආහාර පාන කෑමට ලැබෙන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.