2024.06.21 සිකුරාදා - ලග්න සහ රාහු කාලය

ජුනි 21, 2024

 

ඉර උදාව - පෙ.ව. 05.57
ඉර බැසීම - ප.ව. 06.28
රාහු කාලය - උදේ 10.38 - 12.13
සුබ දිශාව - උතුර

 

මේෂ

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. ගතට සිතට සැනසිල්ල උදා කරන බවක් පෙනේ. පැවැති ගැටලුකාරී බවකින් නිදහස උදා කරන දිනයකි.

වෘෂභ

එදිනෙදා කටයුතුවල වෙනස්කම් කීපයක් සිදු කරයි. විශේෂ කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරන දිනයකි. නිතර යෙදෙන ගමන් ගැන සැලකිලිමත් වන්න.

මිථුන

අමතර ලැබීම් සහිත දිනයකි. උත්සාහයෙන් කටයුතු සිදු කරන බවක් පෙනේ. ආහාර පාන ගැනීමේ දී සැලකිලිමත් වන්න. ශාරීරික වෙහෙසීම් බහුල දිනයකි.

කටක

පවුලේ අය අතර කැපී පෙනෙන බවක් පෙනේ. හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි. ශාරීරික වෙහෙසීම් බහුල දිනයකි.

සිංහ

වෙනදාට වඩා ඇවිදිලි වැඩි කරයි. අතමිට සරු වුවත් වැයපස අධික කරන බවක් පෙනේ. නිතර පින් දහම් කටයුතුවල නිරතවන දිනයකි.

කන්‍යා

ඥාතීන් අතර සුහදතාවයට කරුණු ඇති කරයි. වෙනදාට වඩා විනෝදයට බරව කටයුතු සිදු කරන දිනයකි. පවුලේ උත්සව අවස්ථාවකට හේතු ඇති කරන බවක් පෙනේ.

තුලා

වෙනදාට වඩා අලංකාරයට සිටීමට කැමැත්තක් ඇති කරයි. හදිසි ගමනකට සහභාගිවීමට කටයුතු උදා කරයි. පවුලේ උත්සව අවස්ථාවකට ඇරැයුමක් ලැබෙන දිනයකි.

වෘශ්චික

විශ්වාසවන්ත බැඳීමකට කරුණු ඇති කරයි. නිතර පවුලේ අයගේ සහයෝගය ඇතිව කටයුතු කීපයක් සිදු කරයි. දුරදිග බලා කටයුතු කළ යුතු දිනයකි.

ධනු

අතමිට මුදල් ගැවසෙන දිනයකි. ප්‍රමාද වූ බලාපොරොත්තුවක් ඉටුවන බවක් පෙනේ. උත්සාහයෙන් කටයුතු සිදුකරයි.

මකර

සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදු කරයි. එදිනෙදා කටයුතු පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. ගුප්ත කටයුතුවලින් පිහිට පතන දිනයකි.

කුම්භ

වගකීම් බහුල කරයි. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. වෙනදාට වඩා අතමිට සරු කරන මාර්ග කීපයක් යෙදීමට ඉඩ ඇත.

මීන

වගකීම් බහුල කරයි. පවුලේ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කර ගන්නා බවක් පෙනේ. ප්‍රසිද්ධියට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදු කරන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.