2024.06.23 ඉරිදා - ලග්න සහ රාහු කාලය

ජුනි 23, 2024

 

ඉර උදාව - පෙ.ව. 05.57
ඉර බැසීම - ප.ව. 06.28
රාහු කාලය - සවස 04.54 - 06.28
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. හදිසි ගනුදෙනුවක් හේතුවෙන් වාසි සැලසේ. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි බවක් පෙනේ.

වෘෂභ

අමතර ලැබීම් හිමි කරයි. වෙනදාට වඩා වගකීමෙන් කටයුතු කළයුතු බවක් පෙනේ. යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න.

මිථුන

අමතර දේ ඉගනීමට වෙහෙසක් දරන දිනයකි. අලංකාරයට විනෝදයට කැමැති බවක් පෙනේ. විදෙස් ගමනකට සැලසුමක් ඇති කර ගන්නා බවක් පෙන්නුම් කරයි.

කටක

දියුණුවට කටයුතු උදා කරයි. පැවැති අවහිරතා කීපයකින් නිදහස්වීමට කටයුතු උදා කරයි. විශේෂ කෙනකුගේ ඇසුරට අවස්ථාව සැලසේ.

සිංහ

අමතර කටයුතු කීපයකට සම්බන්ධවීමට කටයුතු උදා කරයි. වෙනදාට වඩා ඇවිදිලි වැඩි කරන දිනයකි. සෙම් රෝගයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි.

කන්‍යා

නිතර හුදකලාව කටයුතු කිරීමට කැමැති දිනයකි. වෙනදාට වඩා කෑම බීම ගැන සැලකිලිමත් වන්න. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි බවක් පෙනේ.

තුලා

පැරැණි හිතවත්කමක් අලුත් කරයි. හදිසි ගමනකට කටයුතු සූදානමක් ඇති කර ගනී. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති දිනයකි.

වෘශ්චික

හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. ශාරීරික වෙහෙසීම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. යටපත් වූ සෙම් අමාරුවක් නැවත මතු කරයි.

ධනු

වෙනදාට වඩා දුරදිග සිතා බලා කටයුතු කරන බවක් පෙනේ. නිතර දරුවකුගේ කටයුතු හේතුවෙන් වැඩකටයුතු අධික කරයි. ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් විය යුතු දිනයකි.

මකර

අවිවේකී වුවත් කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට මඟ සැලසේ. වෙනදාට වඩා වැයපස අධිකවන බවක් පෙනේ. හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි.

කුම්භ

විශේෂ කටයුතු කීපයකට අත ගැසීමට අවස්ථාව සැලසේ. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. අමතර ලැබීම් සහිත දිනයකි.

මීන

වගකීමකින් නිදහස සැලසේ. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු කිරීමට සිතන දිනයකි. හිතවතකු සමඟ මුදල් හුවමාරුවක් සිදු කර ගනී.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.