2024.06.14 සිකුරාදා - ලග්න සහ රාහු කාලය

ජුනි 14, 2024

 

ඉර උදාව - පෙ.ව. 05.54
ඉර බැසීම - ප.ව. 06.26
රාහු කාලය - උදේ 10.36 - 12.10
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

අතපසු වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවන බවක් පෙනේ. විශ්වාසවන්ත බැඳීමකට කරුණු ඇති කරයි. වෙහෙස ඇති ගමනක් යෙදෙන බවක් පෙනේ.

වෘෂභ

පැවැති අසනීපයකින් සුවය හිමි කරයි. උත්සාහයෙන් කටයුතු සිදු කරන දිනයකි. පැවැති ගැටලුකාරී බවකින් නිදහස උදා කරයි. වියදම් අධික කරන බවක් පෙනේ.

මිථුන

අමතර වියදම් බහුල කරයි. හදිසි පොත්පත් මිලදී ගැනීමකට කටයුතු උදා කරයි. උත්සාහයේ තරමට ප්‍රතිඵල උදා නොවන බවක් පෙනේ.

කටක

යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. පැවැති උදරාබාධයක් සුව අතට හැරෙන බවක් පෙනේ. දුර ගමනකට සැලසුමක් ඇති කරන දිනයකි.

සිංහ

හදිසි සැලසුමක් සාර්ථක කරයි. යටපත් වූ පාදයේ ආබාධයක් නැවත මතු කරයි. වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කළ යුතු දිනයකි.

කන්‍යා

සිතේ සතුට ඇති කරන කටයුතු කීපයක් යෙදේ. දරුවකුගේ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කරගන්නා බවක් පෙනේ. ශාරීරික වෙහෙසීම් බහුල දිනයකි.

තුලා

මත ගැටුමක් සමතයකට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. නිතර පවුලේ අයගේ මෙන්ම හිතවතුන්ගේ ද ප්‍රසාදයට පත්වන දිනයකි.

වෘශ්චික

දේපල ගැටලුවක් නිරවුල් කර ගැනීමට කටයුතු උදා කරයි. නිතර අලංකාරයට සිටීමට කැමැත්තක් දක්වන බවක් පෙනේ. ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වන්න.

ධනු

විශේෂ හිතවත්කම්වලට තුඩුදෙන කරුණු කීපයක් ඇති කරයි. විදෙස් ලැබීමකට හිමිකම් ඇති බවක් පෙනේ. තරග විභාග ජයග්‍රහණයක් හිමි කරන දිනයකි.

මකර

සැනසිලිදායක බව අඩුකරන දිනයකි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි බවක් පෙනේ. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරයි.

කුම්භ

ලැබීම් අතින් යහපත් කරයි. අමතර වෙහෙසීම් බහුල දිනයකි. සෙම් රෝගයකින් පීඩා අත් කරයි. ප්‍රසිද්ධියට පත්වන දිනයකි.

මීන

පැරැණි හිතවත්කමක් අලුත් කරයි. මවුපස ඥාතියකුට උපකාරයක් කිරීමට මඟ සැලසේ. උත්සාහයෙන් කටයුතු සිදුකරන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.