2024.06.29 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය

ජුනි 29, 2024

 

ඉර උදාව - පෙ.ව. 05.58
ඉර බැසීම - ප.ව. 06.30
රාහු කාලය - උදේ - 09.06 - 10.40
සුබ දිශාව - උතුර

 

මේෂ

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන බවක් පෙනේ. දූදරු සමඟියට මඟපෑදෙන දිනයකි.

වෘෂභ

වගකීම් බහුල දිනයකි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. පැරැණි හිතවත්කමක් අලුත් කරයි. යටපත් වූ වාත වේදනාවක් නැවත මතු කරයි.

මිථුන

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. හදිසි තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. ළඟම ඥාතියකුට උපකාරයක් කිරීමට අවස්ථාව සැලසේ.

කටක

හිතුමතයට කටයුතු සිදු කරයි. වෙනදාට වඩා එදිනෙදා කටයුතු අධික වන බවක් පෙනේ. සෙම් රෝග, උදරගත ආබාධ ආදිය මතුවිය හැකි දිනයකි.

සිංහ

නොගැළපෙන ඇසුරකට කටයුතු උදා කරයි. වෙනදාට වඩා නොසන්සුන්තාවයකින් කටයුතු සිදුකරන බවක් පෙනේ. පින් දහම් කටයුතුවල නිරතවන දිනයකි.

කන්‍යා

ගේ දොර අලංකාරයට වෙහෙසෙයි. පැණිරස කෑමට පි‍්‍රයතාවයක් දක්වයි. වැඩිහිටියකුගෙන් උපකාරයක් හිමි කරයි. පැවැති අවිවේකී බව මඟහැරී යන දිනයකි.

තුලා

පැවැති කරදරකාරී බව මඟ හැරී යයි. අන් අයගේ අදහස්වලට ගරු නොකරන බවක් පෙනේ. වෙනදාට වඩා අලංකාරයට සිටීමට කැමැත්තක් දක්වන දිනයකි.

වෘශ්චික

විශ්වාසවන්ත බැඳීමකට කටයුතු උදා කරයි. වෙනදාට වඩා රැකියාවේ කටයුතු පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. උත්සාහයෙන් කටයුතු සිදු කරන දිනයකි.

ධනු

පැවැති කරදරකාරී බව මඟහැරී යයි. පවුලට අලුත් ඥාතියකු එකතුවීමට හේතු ඇති කරයි. පැවැති අසනීපයකින් සුවය හිමිවන බවක් පෙනේ. වෙනදාට වඩා අතමිට සරුකරන දිනයකි.

මකර

දුරබැහැර ගමනකට සැලසුමක් ඇති කර ගනී. ආගම දහම කෙරෙහි භක්තිය වැඩිකරන බවක් පෙනේ. වැඩිහිටි ඥාතියකුට උපකාරයක් කිරීමට කටයුතු උදා කරයි.

කුම්භ

සමාජයේ කැපී පෙනෙන දිනයකි. ගුප්ත ශාස්ත්‍රය ඉගනීමට කැමැත්තක් දක්වයි. පැවැති අසනීපකාරී බව මඟහැරී යන දිනයකි.

මීන

අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු උදා කරයි. ශාරීරික වෙහෙසීම් බහුලකරන කටයුතු කීපයක් යෙදේ. ආර්ථික අපහසුතා කීපයක් මඟහැරී යන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.