2024.06.15 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය

ජුනි 15, 2024

 

ඉර උදාව - පෙ.ව. 05.55
ඉර බැසීම - ප.ව. 06.27
රාහු කාලය - උදේ 09.03 - 10.37
සුබ දිශාව - දකුණ

 

මේෂ

සැනසිල්ල තරමක් දුරට අඩු කරන දිනයකි. තීරණ ගැනීමේ දී වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. උරහිසේ ආබාධයකින් පීඩා විඳින බවක් පෙනේ.

වෘෂභ

උත්සාහයේ තරමට ප්‍රතිපල අත් නොකරන බවක් පෙනේ. හදිසි තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමෙන් පීඩා විඳින දිනයකි.

මිථුන

වගකිම් බහුල කරයි. හදිසි ගමනකට කටයුතු සූදානමක් ඇති කර ගන්නා දිනයකි. අමතර ලැබීම් හිමිකරන කටයුතු කීපයක් යෙදේ.

කටක

පවුලේ වැඩි වගකීමක් තමා වෙත පැවරීමට ඉඩ ඇත. වෙනදාට වඩා සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදුකරන බවක් පෙනේ. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරන දිනයකි.

සිංහ

අවිෙවිකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට අවස්ථාව උදා කරයි. යටපත් වූ කොන්දේ වේදනාවක් නැවත මතුකරන බවක් පෙනේ. අවිවේකී දිනයකි.

කන්‍යා

තනතුරු, වෙනසක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. හිතවතකු සමඟ හදිසි ගනුදෙනුවකට කටයුතු සැලසේ. පවුලේ අය අතර කැපී පෙනෙන දිනයකි.

තුලා

ඇසුරු කරන අය අතර පි‍්‍රයතාවයට පත් කරයි. හදිසි ගමනක් හේතුවෙන් යොදා ගත් සැලසුමක් වෙනස් කරයි. නොසිතූ ජයග්‍රහණයකට හේතු සැලසෙන දිනයකි.

වෘශ්චික

හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. අමතර ලැබීම් හිමි වුවත් ඒවා එතරම් දුරට සාර්ථක නොවන බවක් පෙනේ. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරන දිනයකි.

ධනු

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. අමතර භාෂාවක් ඉගනීමට වෙහෙසීමක් දරන බවක් පෙනේ. අලුත් දේ මිලයට ගැනීමට කටයුතු උදා කරන දිනයකි.

මකර

අවිවේකී ලෙස දවස උදා කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බැලිය යුතු බවක් පෙනේ. ප්‍රසිද්ධියට පත්වන අන්දමේ කරුණු සිදුකරන දිනයකි.

කුම්භ

ගතට සිතට සැනසිල්ල උදා කරයි. හදිසි දේපළ හිමිකමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු කරයි. අතමිට සරුකරන දිනයකි.

මීන

නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. තැන තැන ඇවිදිලි වැඩි කරන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. වගකීම් බහුල දිනයකි. හදිසි ගනුදෙනුවක් සිදුවීමට ඉඩ ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.