2024.07.01 සඳුදා - ලග්න සහ රාහු කාලය

ජූලි 1, 2024

 

 ඉර උදාව - පෙ.ව. 05.59
ඉර බැසීම - ප.ව. 06.30
රාහු කාලය - උදේ - 07.32 - 09.07
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි. වැඩිහිටි උපකාරයක් හිමිවීමට ඉඩ ඇති බවක් පෙනේ. හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරන දිනයකි.

වෘෂභ

ගතට සිතට සැනසිල්ල උදා කරයි. මවගේ අසනීපකාරී බවක් සුව අතට හැරෙන බවක් පෙනේ. වගකීමකින් නිදහස උදා කරයි.

මිථුන

හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි. ශාරීරික වෙහෙසීම් බහුල කරයි. පැරැණි හිතවත්කමක් අලුත්වීමට ඉඩ ඇත.

කටක

දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට කටයුතු උදා කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. වරින් වර ඇති කරන උදරාබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

සිංහ

අවිවේකී ලෙස දවස උදා කරයි. අසල්වැසි මතභේදයක් දුරදිග යයි. අමතර මුදල් වැයවීම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ.

කන්‍යා

ඇසුරු කරන අය අතර පි‍්‍රයතාවයට පත් කරයි. පැවැති අසහනකාරී බව මඟහැරී යන බවක් පෙනේ. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි දිනයකි.

තුලා

වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. පැරැණි හිතවත්කමක් අලුත්වන ලකුණු පෙන්නුම් කරයි. නොසිතූ පාඩුවක් සිදුවීමට ඉඩ ඇති දිනයකි.

වෘශ්චික

ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු සැලසේ. ගත සිත වෙහෙසා කරන කටයුතු අධික කරයි. මවුපස ඥාතියකුගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසවීමට සිදුවේ.

ධනු

පවුලේ අය අතර කැපී පෙනෙන කටයුතු කීපයක් යෙදේ. නිතර විනෝදයට බරව කටයුතු සිදු කරයි. රැකියා බලාපොරොත්තුවක් ඉටුකරන දිනයකි.

මකර

මනසට පීඩාකාරී ලෙස කටයුතු කීපයක් සිදු කරයි. උත්සාහයේ තරමට ප්‍රතිඵල අත්නොවන බවක් පෙන්නුම් කරයි. වගකීම් බහුල දිනයකි.

කුම්භ

ගතට සිතට සැනසිල්ල උදා කරයි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි කරුණු කීපයක් යෙදේ. අමතර ලැබීම් අතින් යහපත් කරයි.

මීන

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. නොගැළපෙන ඇසුරකට සිත යොමු කරයි. වගකීම් බහුල දිනයකි. අලුත් හිතවත්කම්වලට මඟ සැලසේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.