2024/05/27 සඳුදා- ලග්න සහ රාහු කාලය

මැයි 27, 2024

 

ඉර උදාව පෙ.ව. 05.53
ඉර බැසීම ප.ව. 06.22
රාහු කාලය උදේ 07.26 - 9.00
සුබ දිශාව - නැඟෙනහිර

මේෂ

පැරැණි හිතවත්කමක් අලුත් කරයි. පවුලේ කටයුතුවලදී ප්‍රශංසා හිමි කරයි. ශාරීරික වෙහෙසීම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ.

වෘෂභ

හදිසි ගනුදෙනුවකට කටයුතු කීපයක් සිදු කරයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට අවස්ථාව උදාකරයි. තීන්දු තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න.

මිථුන

ඥාතීන් අතර සුහදතාවයට හේතු ඇති කරයි. වෙනදාට වඩා දුරදිග බලා කටයුතු කළ යුතු බවක් පෙනේ. ප්‍රසිද්ධියට පත්වීමට කරුණු යෙදෙන දිනයකි.

කටක

වෙනදාට වඩා ඇවිදිලි වැඩි කරයි. විශ්වාසය බිඳවැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. පැරැණි හිතවත්කමක් අලුත් කරන දිනයකි.

සිංහ

පවුලේ වගකීමක් තමා පිට පැවරේ. පාදයේ ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන දිනයකි.

කන්‍යා

වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරන බවක් පෙනේ. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. වියදම් අධික වන දිනයකි.

තුලා

නිතර විනෝදයට බරව කටයුතු කීපයක් සිදු කරයි. වෙනදාට වඩා අලංංකාරයෙන් සිටීමට කැමැත්තක් දක්වයි. අමතර ලැබීම් සහිත දිනයකි.

වෘශ්චික

හිතුවක්කාර ලෙස කටයුතු කීපයක් සිදු කරයි. අමතර වියදම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. අලුත් සැලසුමකට අතගැසීමට හැකි දිනයකි.

ධනු

ලැබීම් අතින් යහපත් බවක් පෙනේ. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි දිනයකි. විශේෂ ජයග්‍රහණයකට හේතු සැලසෙන බවක් පෙනේ.

මකර

අවිවේකී ලෙස දවස උදා කරයි. මනසට පීඩාකාරි සිතිවිලි ඇති කරන බවක් පෙනේ. පිනට දහමට ළැදි දිනයකි.

කුම්භ

අතමිට මුදල් ගැවසෙන බවක් පෙනේ. මෙතෙක් ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. අමතර දේ මිලදි ගැනීමට අවස්ථාව සැලසේ.

මීන

උත්සාහයෙන් කටයුතු සිදුකරයි. පැරැණි හිතවත්කමක් අලුත් කරන බවක් පෙනේ. ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.