2024.07.14 ඉරිදා - ලග්න සහ රාහු කාලය

ජූලි 14, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.02
ඉර බැසීම - ප.ව. 06.31
රාහු කාලය - සවස 04.57 - 06.13
සුබ දිශාව - දකුණ

 

මේෂ

වගකීම් බහුල වුවත් ඒවා ක්‍රමවත් ලෙස කරගෙන යෑමට කටයුතු යෙදෙන බවක් පෙනේ. ආගමික භක්තිය ඇති කරන කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවෙන දිනයකි.

වෘෂභ

ආර්ථික අතින් යහපත් දිනයක් වන අතර පවුලේ කටයුතු ක්‍රමානුකූල ලෙස කරගෙන යෑමට මඟ සැලසේ. වරින්වර යටපත් වූ අසනීප තත්ත්වයක් නැවත මතුවීමට ඉඩ ඇත.

මිථුන

දියුණුව සම්බන්ධ කටයුතු කීපයකට අත ගැසීමට අවස්ථාව උදාකරයි. ඥාතීන් අතර සුහදතාවයට හේතු ඇති වන බවක් පෙනේ. රැකියා ස්ථානයේ පවතින ගැටලුවකින් නිදහස සැලසෙන දිනයකි.

කටක

නිතර සිතේ චංචල බවකින් කටයුතු කරයි. හදිසි පාඩුවක් සිදුවීමට ඉඩ ඇත. විනෝදයට බරව කටයුතු සිදුකරන දිනයකි.

සිංහ

පවුලේ කටයුතු වෙනුවෙන් විශේෂ උනන්දුවක් දක්වන බවක් පෙනේ. පාදයේ ඇතිවන ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. වෙනදාට වඩා පින්දහම් කටයුතුවල නිරතවන බවක් පෙනේ.

කන්‍යා

ලිපි ලේඛන ගැටලුවකට මුහුණ පෑමට සිදුවෙයි. වගකීම් බහුලවීමෙන් කටයුතු කීපයක ප්‍රමාදතාවයක් සිදුකරයි. සෞන්දර්යාත්මක කටයුතු කෙරෙහි වැඩි ඇල්මක් දක්වන දිනයකි.

තුලා

සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදුකරයි. පවුලේ අය අතර ප්‍රසාදයට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. වරින් වර ඇති කරන ශාරීරික වෙහෙසකාරී ගතිය හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි.

වෘශ්චික

හිතුමතයට කටයුතු සිදුකරයි. එමෙන්ම ප්‍රමාද වූ කටයුතු කීපයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. සුළු සුළු අසනීප ගති මතුවන දිනයකි.

ධනු

වරින් වර ඇති කරන උදාසීන ගතිපැවැතුම් හේතුවෙන් සැලසුම් කීපයක් වෙනස් කරයි. දරුවන් නිසා සතුටට පත්විය හැකි දිනයකි. මුත්‍රා රෝග, උදරාශි‍්‍රත ආබාධ ඇතිවිය හැකි බවක් පෙනේ.

මකර

පීඩාකාරී ලෙස කටයුතු කීපයක් සිදු කරයි. ලැබීම් අතින් යහපත් වුවත් වැයපස අධික වන බවක් පෙනේ. නිතර ඇතිවන සෙම් ගතිය හේතුවෙන් ප්‍රතිකාර පැතීමට සිදුවේ.

කුම්භ

වගකීම් බහුල කරයි. නිතර ඇවිදිලි වැඩි කරන කටයුතු කීපයක් යෙදේ. යටපත් වූ පාදයේ ආබාධයක් නැවත මතුකරයි. සිතට දුක් සහිත කටයුතු කීපයක් සිදු කරන දිනයකි.

මීන

පැවැති ගැටලුකාරී බව මඟහැරී යන බවක් පෙනේ. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි. පවුලේ අය අතර ප්‍රසිද්ධියට පත්වන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.